ආඩම්බරකාර තාත්තේ,
රජරට
සිසුන්ට ඇති ගැටළු මුල සිට ඔබට පැවසීමට අවශ්‍ය නැත. මන්ද දින 200කට අධික කාලයක් තිස්සේ රජරට දුවා දරුවන් මහපාරේ
බව ඔබ නොදන්නවා විය නොහැක. අසාධාරණ පන්ති තහනම් 28ක්
ඉවත් කර ගැනීම ඇතුළු සාධාරණ ඉල්ලීම් 9ක් ඉල්ලමින් සිසුන් මහමඟට බැස අදට(06) දින 209කි. ඒ අතරතුර සත්‍යග්‍රහ අට්ටාලයට දෙවරක් ගිනි
තබනු ලැබිණි. ඔබේ
දරුවන්ගේ ජිවිත අනතුරේය. ඔබ මෙය නොදන්නේද? නැත. විය නොහැක. දිනපතා ඔබ ප්‍රවෘත්ති
නැරඹීම හෝ පුවත්පත් බැලීම සිදු කරනවා නිසැකය. වෙන එකක් තබා අප ගැටලුව ඔබ නිල නිවාස
අසලටම පැමිණ පැවසුයෙමු. ඔබට නෑසුනා විය නොහැක. සංවේදී පියා ඔබ යැයි ඔබ රටට පවසයි.
නමුත් අනුරාධපුර නගරයේ පසුගිය 04, 05 දෙදින තුළ
සංචාරය කල ඔබට රජරට සිසුන්ට සංවේදී වීමට නොහැකි වුයේ මන්ද යන්න අපට තවමත්
ගැටලුවකි. පිච්ච මල් පුජාවට සම්බන්ධ වීමෙන් ලැබූ කුසල කර්මයට වඩා වැඩි කුසල කර්මයක් දරුවන්ගේ අධ්‍යාපනයට
උර දීමට මැදිහත් වීමෙන් ලබා ගත නොහැක්කේද?
දිනෙන්
දිනම සිසුන්ට විනය හා නීති ක්‍රියාමාර්ග ගනිමින්, සිසුන් මර්දනය කරමින් සිටින බව
ඔබ නොදන්නේද? නොදන්නවා විය නොහැක. රජරට සිසුන් 4දෙනෙකු
බන්ධනාගාරගත කොට තිබෙන්නේ මිනීමරා හෝ මංකොල්ලකා නොව අසාධාරණයට විරුද්ධව හඬ නැගීමේ
වරදට බව ඔබ නොදන්නේද? නොදන්නවා විය නොහැක. ඔවුන් ඉල්ලන්නේ අසාධාරණ පන්ති තහනම් 28 ඉවත් කරන ලෙසය. කළමනාකරණ උපාධිය විකිණීම නවත්වන
ලෙසය. ව්‍යවහාරික විද්‍යා පිඨයේ උපාධිය විකිණීම නවත්වන ලෙසය. සිසුන්ට පිරිසිදු පානිය
ජලය ලබා දෙන ලෙසය. සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය. විශ්වවිද්‍යාලය තුළ කෙරෙන
දේශපාලන මැදිහත්වීම් නවත්වන ලෙසය. සරසවිය තුළ ස්වාධීනත්වය තහවුරු කරන ලෙසය.
සරසවියේ සියලු අධ්‍යයන සුබ සාධන ගැටළු විසඳන ලෙසය. ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨ
ගොඩනැගිල්ල දවස පුර විවෘතව තබන ලෙසය. මේ කිසිවක් ඔබ නොදන්නේද? නොදන්නවා විය නොහැක.
දින
200කට අධික කාලයක් තිස්සේ සිසුන් තුළ ඇති පීඩනය සමනය
වීමක් කිසිවිටෙක සිදුවුයේ නැත. සිදුවන්නේ එය තවතවත් වැඩි වීම පමණි. සිසුන් තුළ
පීඩනය තවතවත් වැඩි කිරීම පමණි. ඔවුන් මර්දනය කිරීම වැඩිවත්ම ඔවුන් ඊට එරෙහිව ක්‍රියා
කිරීමට පෙළඹීම අරුමයක් නොවේ.

නමුත්
ශිෂ්‍ය මර්දනය වැඩි කොට සරසවි ගැටළු ජනතාව අතරට ගෙන ඒම වැළැක්වීම තවදුරටත් සිදු
කරන්නේ නම් මීළඟට ඔබ සැම ප්‍රශ්න කරන්නේ පීඩාවට පත් අනෙක් කණ්ඩායම වන දෙමව්පියන්ය.
මීළගට රජරට සිසුන් සමඟ මහමගට බැසීමට අනෙකුත් විශ්වවිද්‍යාල සියල්ලක්ම හා
දෙමව්පියන් ද එක්වනු නිසැකය. ඊට පෙර ඔබ ඔබේ දු දරුවන් වෙත සංවේදී වෙතැයි අප
බලාපොරොත්තු වෙමු!
රජරට දු පුතුන්
ජපුරේ සියලු සිසුන්ට නිදහස ලබා දී ඇත.ඔවුනට එසේ වන්නටත් රජරටට එසේ නොවන්නටත් හේතුව රජරට සිසුන් සොයා බලා තීරණයක් ගත යුතුය.මා රජයට කඩේ යන අයෙකු නොවන මුත් ඔබලා මෙසේ වරද ආඩම්බරකාර තාත්තාට පටවන්නට කලින් සධාරණව සිතා බැලිය යුතු කාලය එලඹ ඇත.ඔබලාට යම් තැනක් වැරදී ඇත.වරද හදාගෙන හරි තීරණ ගෙන සටන ගෙන යන්න.පටු අදහස් වලින් තොරව නිවැරදිව සටන ගෙන යන්න...බොරුවට අනුන්ට චෝදනා නොකර තමන්ගේ වැරදී හදාගන්න.සිසුන් අමාරුවේ නොදමන්න.
ReplyDeletehttp://newsfirst.lk/sinhala/2014/07/%E0%B6%A2%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93/