අසාධාරණ පන්ති තහනම් 28ක් ඉවත් කිරීම ඇතුළු සාධාරණ ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයිය සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (24) දින 227කි. එසේම දේශන පැවැත්වෙමින් තිබියදී විශ්වවිද්‍යාලය වසා දමා දින 21කි. ශිෂ්‍ය සංගම් තහනම් කර දින 21කි. විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු වෙනුවට මේ මොහොත වන විටත් විශ්වවිද්‍යාල පරිපාලනය හා ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරමින් සිටින්නේ සිසු ජිවිත පවා දැඩි අවධානම් තත්ත්වයකට ඇද දමමිනි. දින 200 ඉක්මවා සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන අතරතුරත් කිසිදු මොහොතක දේශන වලට, විභාග කටයුතු වලට, කිසිදු බාධාවක් ශිෂ්‍යයන් විසින් නොකළද තම පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා සිසු අධ්‍යාපනය පවා කඩාකප්පල් කරමින් විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලකයන් කටයුතු කළහ.මෙම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාල වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා පාගමනක් පැවැත්වීමට රජරට විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය ඊයේ(23) දින කටයුතු කෙරිණි. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ විරෝධතා පාගමන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී නිමා විය. සුපුරුදු පරිදි පොලිස් භට කණ්ඩායම්, කැරලි මර්දන ඒකකය තම රංගනය ඉදිරිපත් කිරීමට සුදානමින් සිටි අතර එහිදී සිසුන් විසින් විසඳුම් ලබා ගැනීමට සාකච්ඡාවක් අවශ්‍ය බවත් ඒ සඳහා නියෝජිතයෙකු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් දන්වා සිටියේ කිසිදු බලධාරියෙකු ඒ සඳහා එහි නොමැති බවයි. තම නිරුවත හෙළි වේ යැයි බියෙන් සිසුන් මග හරිමින් විසඳුම් දීම ප්‍රතික්ෂේප කිරීමට පාලකයන් දරන වෑයම, අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු!
ඡායාරූප මෙතැනින්
0 comments:
Post a Comment