Home » » හොරාට පෙර කෙසෙල් කැන වැට පනී...

හොරාට පෙර කෙසෙල් කැන වැට පනී...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, July 26, 2014 | 8:48 PM

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා පැවැත්වුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා  මේ වන විට විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරනු පැහැදිලි කරනු ලැබීය. ඒ අනුව ප්‍රධානතම අර්බුදය වී ඇත්තේ පන්ති තහනම් වී ඇති සිසුන් 11 දෙනෙකු පරිපාලනයෙන් සමාව නොගැනීමයි. සියලු අර්බුද වලට මුල වී ඇත්තේ සමාව නොගැනීමය.
ඊට ජනාධිපතිවරයාගේ පිළිතුර වන්නේ "සානුකම්පිතව සලකා බලන්න ඕන, ශිෂ්‍යයොත් දැන් ගන්න ඕන නීතිය අතට ගන්නේ නැතිව කටයුතු කරන්න, සමාව ගන්න බෑ කියන්න පුළුවන් කමක් නෑ. මන් හිතන්නේ ඔවුන් සමාව ගනී, සමාව දීම දේව ගතියක් , ඒ වගේම ළමයිත් සමාව ගනී මොකද එයාලට ලජ්ජා වෙන්න හේතුවක් නෑ.... "
මහින්ද චින්තනය සේම ඔබතුමාගේ මේ චින්තනයද වැරදි ය. සමාව ගැනීමට බෑ කීමට අපට පුළුවන් කමක් ඇත. ඒ බොහෝ පැහැදිලිවම අප වරදක් කර නොමැති නිසාවෙනි. දින 230 ගණනක් මහ පාරේ සිසුන් අරගල කලේ , අධිකරණ නියෝග නොතකමින් , තෙවරක් සත්‍යග්‍රහ අට්ටාලයට ගිනි තබද්දී,සිසු සිසුවියන්  41 දෙනෙකු සිර ගත කරද්දීත් සිසුන් අඛණ්ඩව අරගල කරන්නේ ඒ නිවැරදි තාව නිසාවෙනි. සටන් වැදුනේ නිවැරැදී අරමුණකට වීම නිසාවෙනි.
අප සටන් වැදුනේ අධ්‍යාපනය විකිණීමට එරෙහිවය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තියට විරුද්ධවය. එසේ නම් සමාව ගත යුත්තේ අප නොව මෙරට ජනතාවට බොරු පොරොන්දු දුන් ජනාධිපතිවරයාය. නිදහස් අධ්‍යාපනය අයිතිය අහෝසි නොකරන බවට දේ ඇති පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කර ඇත්තේ ජනාධිපතිවරයාය. ඒ අනුව රජරට සරසවිය තුලද කළමනාකරණ උපාධිය විකිණීමට කටයුතු කරන්නේ රුපියල් 151000 මුදලකටය. අප විරුද්ධ  වුයේ එයටයි.එසේ නම් සමාව ගත යුත්තේ අපද ? ඔහුද? සංවර්ධන රැස්වීමේදී මේවා කතා වුයේ නැත. රජරට වතුර ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවීය. විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිඟය, දේශන ශාලා හිඟය ප්‍රශ්නයක් වුයේ නැත.
මේ මාධ්‍ය නාඩගම හෙළි කරමින් උසස් අධ්‍යාපන ඇමතිවරයාද හඬ අවදි කරන්නේ 23 වනදා අප අමාත්‍යංශය ඉදිරිපිටට ගිය විට සාකච්ඡාවක් ලබා දීමට හෝ කොන්දක් නොතිබූ බව අමතක වූ අයුරිනි. එළඹෙන 28 වනදාට පන්ති තහනම් කල සිසුන්ගේ සහ බන්ධනාගාර ගත කල සිසු සිසුවියන්ගේ දෙමාපියන් විශ්වවිද්‍යාලයට කැඳවා ඇත. එහිදී සිදු විය යුතු දේ ගැන ඉඟිය ඊයේ(25) ජනාධිපති ,උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ උපකුලපතිවරයා රඟ දැක්වූ නාටකයෙන් ලබා දුන්නේය. ලොක්කාට අනුව සිසුන් සමාව ගත යුතුය, සොක්කට අනුව දෙමාපියන් හරහා සිසුන් සමාව ගත යුතුය. අවසානයට නාට්‍ය නිමාවට පත් වන්නේ සිසුන් හෝ දෙමාපියන් සමාව නොගත්තද , "දෙමාපියන්ගේ සානුකම්පිත ඉල්ලීම් සලකා බලා මේ ශිෂ්‍යන්ට අපි සමාව දෙනවා. මේක පිටුපස තියෙන්නේ දේශපාලනය, 5% විතර තමා මේවා කරන්නේ. අනිත් ශිෂ්‍යයෝ ගැන අපි හිතන්න ඕන. ශිෂ්‍යයෝ දඩබ්බර උනාට අපි වැඩිහිටියෝ විදියට බොහොම පරිනත විදියට මේකට මුණ දුන්නා, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට උපදෙස් දුනා මේක සානුකම්පිතව සලකලා විසදන්න කියලා, ඒ නිසයි මෙහෙම කරන්නේ. අවසානේ අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේ විසදුවා නැත්නම් ලොකු විනාසයක් වෙන්න තිබුනා, 30 වසරක යුද්ධේ නිමා කරපු නායකයෙක් අපිට ඉන්නවා(ඉන් පසු නාටකය ඒ සම්බන්ධවයි...රජරට ප්‍රශනයක් තිබුනේ නැත.)
ජයවර්ධනපුර සරසවියේ පන්ති තහනම් සියල්ල ඉවත් කලේ පන්ති තහනම් කල සිසුන්ට කුසල් රැස් කරගන්නටය...
සම සෞඛ්‍ය උපාධිය වසර 4 ක් කළා නොව credit 120 ක් දුන්නා පමණි...
රජරට ද එවන් කතා නිර්මාණය වනු ඇත.
එකම විහිළුව දෙතුන් පාරක් කල විට හිනා යන්නේවත් රැවටෙන්නේවත් නැති බව ලොව දිනු නායකයාට අමතක වී ඇත.
හොරාට පෙර කෙසෙල් කැන වැට පැන ඇත....
Share this article :

0 comments:

Post a Comment