Home » » රජරට සිසුන් උපකුලපති කාර්යාලය වටලයි.

රජරට සිසුන් උපකුලපති කාර්යාලය වටලයි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, June 27, 2014 | 1:30 AM



අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 9ක් කෙරෙහි විශ්වවිද්‍යාල පරිපාලනය අවධානයක් යොමු නොකර සිටීමත් සමඟ අදාල ගැටළු වලට විසඳුම් ඉල්ලා රජරට විශ්වවිද්‍යලයේ සිසු සිසුවියන් මේ වනවිට උපකුලපති කාර්යාලය වටලා ඒ තුල රැඳී සිටී. මෙහිදී අවධාරණය කල යුතු කාරණය නම් විශ්වවිද්‍යාලයේ කිසිදු ආචාර්යවරයෙකු පරිපාලන ගොඩනැගිල්ල තුල රඳවා තබා ගැනීමට කටයුතු නොකළ අතර උපකුලපති කාර්යාලයේ සිටි ආචාර්යවරුන්ට පිටවී යා හැකි බව දන්වා සිටියද ඔවුන් කැමැත්තෙන් එහි රැඳී සිටින බව දන්වන ලදී.
අද උදැසන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක කණ්ඩායම බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කල අතර නවක සිසුන්ට හා දෙමාපියන්ට ජෙෂ්ඨ සිසුන් උදව් කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. නමුත් එසේ උදව් කරමින් සිටි සිසුන් අසලට පැමිණි විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා තර්ජනය කරමින් පවසා ඇත්තේ ඔවුන්ගේ උපාධි ලබා ගැනීමට ඉඩ නොදෙන බවත් පංති තහනම් ලබා දෙන බවටත්ය. ඒ අනුව සිසුන්ට තර්ජනය කරමින් සිසුන් අදාල ස්ථානයෙන් ඉවත් වීමට නියෝග කෙරිණ. විශ්වවිද්‍යාලය තුල පවතින කිසිදු ගැටලුවකට විසදුම් නොදී තව දුරටත් සිසුන් මර්ධනය කිරිමෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිසුන් තීරණය කළහ.
ඒ අනුව නවක කණ්ඩායම පිළිගැනීමේ සාදය පැවැත්වූ ශාලාව අවට රැඳී සිටි සිසු සිසුවියන් උපකුලපතිවරයා වැටලීමට කටයුතු කෙරිණ. ඒ අනුව සාකච්ඡාවක් ලබාදීමට උපකුලපතිවරයා එකඟ වූ අතර උපකුලපතිවරයා පාගමනින්ම පරිපාලන ගොඩනැගිල්ල වෙත පැමිණි අතර සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ දිගටම රැඳී සිටියහ. පන්ති තහනම් වූ සිසුන් සමග සාකච්ඡා කරමින් උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන නිලධාරින් පැවසුයේ සමාව ගැනීමට සුදානම් නම් පන්ති තහනම් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් සිසුන් ඊට එකඟ නොවී උපකුලපති කාර්යාලය වැටලීමට තීරණය කළහ. ඒ අනුව දරන 200 සම්පුර්ණ වන මොහොතේදීත් සිසුන් අඛණ්ඩව අරගලයේ නිරතව සිටි.
පන්ති තහනම්  27 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයිය සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අද (27) දිනට දින 200 ක් සම්පුර්ණ වේ. සිසුන් දින 200ක් තිස්සේ මහපාරේ සිටියද සිසු ගැටළු විසඳීම වෙනුවට විශ්වවිද්‍යාල පරිපාලනය තවදුරටත් සිසුන් මර්දනය කිරීමේ ක්‍රියාපිලිවෙතක නිරත විය. ඒ අනුව පන්ති තහනම් 27 ඉවත් කිරීම පසෙක තබා තවත් මාස 6ක පන්ති තහනමක් සහ නේවාසිකාගාර පහසුකම් අහිමි කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරන ලදී. දින 200ක් තිස්සේ සිසුන්ගේ ජිවිත පිලිබඳ දැඩි අවධානමක් තිබු අතර විශ්වවිද්‍යාල පරිපාලනය ඒ පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක්විය. ඒ අනුව බොරු පැමිණිලි මත ලබා ගත් අධිකරණ නියෝග, අත්අඩංගුවට ගැනීම්, අට්ටාලය ගිනි තැබීම හමුවේ පවා මෙම අරගලය සිසුන් පවත්වාගෙන යද්දී විශ්වවිද්‍යාල පරිපාලනය විසදුම් දීම පසෙක තබා සිසු ජිවිත සමග සෙල්ලමක නිරතව සිටි. 

Share this article :

0 comments:

Post a Comment