Home » » අත්අඩංගුවට ගත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුළු සිසුන් තිදෙනා බන්ධනාගාරයට.

අත්අඩංගුවට ගත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුළු සිසුන් තිදෙනා බන්ධනාගාරයට.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, July 3, 2014 | 2:15 PM

ඊයේ(02) දින අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුළු සිසු ක්‍රියාකාරීන් තිදෙනා අද(03) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. ඒ අතරම පාලක සභාව නමින් එවූ දැන්වීමක් මගින් සියලු සිසුන්ට දන්වා ඇත්තේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු පීඨ ශිෂ්‍ය සංගම් තාවකාලිකව අහෝසි කරන බවත්, ආචාර්ය සංගමය මැදිහත් වීමෙන් 2014/06/27 වන දින සිසුන් හා උපකුලපතිවරයා අතර ඇති කරගත් එකඟතා සියල්ල අහෝසි කිරීමට කටයුතු කරන බවත්ය.

මේ වනවිට රජරට විශ්වවිද්‍යාලයේ ගැටළු විසඳනවා වෙනුවට හැකි සියලුම බලය යොදා ගනිමින් සිසුන් බලහත්කාරයෙන් මර්දනය කිරිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටි. මෙම ක්‍රියාව අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර ඕනෑම අභියෝගයක් මධ්‍යයේ යුක්තිය වෙනුවෙන් වූ සටන ජයග්‍රහණය තෙක් සිදු කරගෙන යෑමටත් ඒ වෙනුවෙන් සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය හා මහජනතාව සම්බන්ධ කරගනිමින් දැඩි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය කර ඇත්තෙමු.
Share this article :

0 comments:

Post a Comment