Home » » ගැටළු වලට විසඳුම් දීම වෙනුවට තවදුරටත් මර්දනය.

ගැටළු වලට විසඳුම් දීම වෙනුවට තවදුරටත් මර්දනය.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, July 5, 2014 | 11:57 AM

අසාධාරණ පන්ති තහනම් 28 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයිය සිසුන් ආරම්භ කල සත්‍යග්‍රහයට අදට(05) දින 208කි. නමුත් ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය තවමත් කටයුතු කරන්නේ ඉතාමත් නින්දිත අයුරිනි. විශ්වවිද්‍යාල පරිපාලනය කියා සිටින්නේ සිසුන්ගේ අධ්‍යයන සුභ සාධන ගැටළු වෙනුවෙන් තමන් සෑම විටම දිවා රෑ නොබලා කටයුතු කරන බවයි. නමුත් ඒ සම්බන්ධව අපට ඇත්තේ විශාල ගැටලුවකි.

2014/06/27දින උපකුලපතිවරයා සහ ආචාර්ය සංගමය පැවසුයේ පාලක සභාව ඉක්මනින් රැස් කිරීමට ඉතා අපහසු බැවින් 2014/07/10වන දින එම පාලක සභාව රැස් කරන බවයි. නමුත් ඊට දින 4කට පසු එනම් 2014/07/02දින පාලක සභාව රැස් වී විශ්වවිද්‍යාලය වසා දැමීමටත් මහා ශිෂ්‍ය සංගමයේ සහ පීඨ ශිෂ්‍ය සංගම් සියල්ලේ නිලතල තාවකාලිකව තහනම් කිරීමටත්, 2014/06/27 වන දින උපකුලපතිවරයා සහ ආචාර්ය සංගමය ලබා දුන් පොරොන්දු බලාත්මක නොකිරීමටත් විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරන්නේ ඉතා නින්දිත අයුරිනි.  

සිසුන්ට අසාධාරණ ලෙස පන්ති තහනම් පනවද්දී, දින 200කට අධික කාලයක් සත්‍යග්‍රහයේ යෙදී සිටින විට ජිවිත තර්ජන එල්ල වද්දී, පාලක සභාව රැස් කිරීමට හෝ ඊට මැදිහත් වීමට කිසිවෙකුට අවශ්‍ය වුයේ නැත.
2014/06/27දින උපකුලපති කාර්යාලයේදී ලබා දුන් පොරොන්දු ඊට පසු දිනම ආචාර්ය සංගමය විසින් බිඳ දමනුයේ ද ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ද පාවා දෙමිනි.


මේ වනවිට සිසුන් 4දෙනෙකු මේ මස 09 වනදා තෙක් අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අතර පොලිසිය දෙමව්පියන් බිය වද්දමින් තවත් සිසුන් 21 දෙනෙකු පිටුපස ලුහු බඳිමින් සිටි. නමුත් එම සිසුන්ට නීත්‍යානුකූලව පිළිගත හැකි අයුරින් වරෙන්තු නිකුත් කිරීමක් මේ වනතෙක් සිදු වී නොමැත. සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට විසඳුම් දෙනවා වෙනුවට ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය, නීතිය අයුතු ලෙස යොදා ගනිමින් සිසුන් මර්දනය කිරීමටත් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් තම නිරුවත වසාගැනීමටත් විශ්වවිද්‍යාලය තවත් අර්බුදකාරී තත්ත්වයකට පත් කිරීමටත් සිදු කරනු ලබන නින්දිත උත්සාහය අප තරයේ හෙළා දකින්නෙමු!
Share this article :

0 comments:

Post a Comment