Home » » මෙරට ජනතාවගෙන් සමාව ගත යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි.

මෙරට ජනතාවගෙන් සමාව ගත යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Sunday, July 27, 2014 | 12:38 PM

අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට  අදට (27) දින 230 කි. විශ්වවිද්‍යාලය වසා දමා ශිෂ්‍ය සංගම් තහනම්  කර අදට දින 24 කි.
පසුගිය 25 වනදා අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ පිළිබඳව ජනාධිපතිවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා උපකුලපතිවරයා අදහස් දැක්වීය. එම අදහස් දැක්වීම වලට අනුව පන්ති තහනම් වලට ලක් වූ සිසුන් පරිපාලනයෙන් සමාව නොගැනීම සියලු ගැටළු වලට මුල් වී ඇත. ඒ අනුව වරද කාගේ වුවද සිසුන් සමාව ගැනීම අදාළ ගැටළු වලට විසදුම බව එහිදී ප්‍රකාශ විය.
රජරට සරසවියේ සිසුන් 28 දෙනෙකුට පන්ති තහනම් පැනවූ හේතු මෙසේයි,
  •   විශ්වවිද්යාලයේ සිසුන්ගේ ස්වාධීනත්වය හා අධ්‍යයන සුභසාදන ගැටළු වෙනුවෙන් පෙනී සිටීම සිසුන් අට දෙනෙකුට මාස 6 කට පන්ති තහනම්.
  •  කළමනාකරණ උපාධිය මුදලට විකිණීමට එරෙහිව සහ අසාධාරණ පන්ති තහනම් ලබා දීමට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීම සිසුන් 4 දෙනෙකුට වසර 3 ක් සහ සිසුන් 9 දෙනෙකුට වසර 2 බැඟින් පන්ති තහනම්
  • කළමනාකරණය උපාධිය විකිණීම සම්බන්ධව දැනුවත් කිරීමටට ඇත පත්‍රිකාවක් බෙදා දීමට එක සිසුවෙකුට වසරක හා සිසුන් 5 දෙනෙකුට වසර 5 බැගින් පන්ති තහනම්
  • සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට මාස 6 ක පන්ති තහනම් .

මෙකී අසාධාරණයන්ට එරෙහිව අරගලය කල රජරට සිසු සිසුවියන්ට ලැබුණු පිළිතුරු මෙසේයි

  •  බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් සත්‍යග්‍රහය නැවත්වීමට අධිකරණ නියෝග ලබා ගැනීම.
  •  අධිකරණ නියෝග කඩ කළේයැයි පවසමින් සාමකාමීව සත්‍යග්‍රහයේ නිරතව සිටියදී පොලිසිය පහර දී සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීම
  • සිසු සිසුවියන් 30 කට අධික පිරිසකගේ නිවෙස් වලින් ගෙන්වා තර්ජනය කිරීම
  • සිසුන් සත්‍යග්‍රහ අට්ටාලයේ සිටියදීම 3 වතාවක් පෙට්‍රල් දැමු බෝතල් යොදා ගනිමින් අට්ටාලයට ගිනි තැබීම (පොලිසියට පැමිණිලි කලද කිසිඳු පරීක්ෂණයක් සිදු වී නොමැත.)
  • උපකුලපතිවරයා සිර කරගෙන සිටියේයැයි සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන දින 7 ක් බන්ධනාගාර ගත කිරීම
  • ඉහත චෝදනාවටම සිසුවියන් 3 නෙකු හා සිසුන් 24 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කිරීම.(මෙහිදී අදාළ සිසු සිසුවියන්ගේ නම් තෙවතාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කල ද ඉලග නඩු දිනය වනතුරු ඉදිරිපත් නොකළ අතර , ඒ සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව වචනයෙන් හෝ නීතිය ක්‍රියාත්මක වුයේ නැත)
  • සිසුන්ගේ නිවෙස් වලට ආරක්ෂක බුද්ධි අංශ සාමාජිකයින් හා පොලිස් නිළධාරීන වරින් වර ගොස් බිය වැද්දීම, සිසුන්ගේ නිවෙස් අවට පුද්ගලයින්ට අසත්‍ය තොරතුරු සපයමින් සිසු සිසුවියන්ගේ චරිත ඝාතනය කිරීමට උත්සාහ කිරීම
  • දේශන පැවැත්වෙමින් තිබු විශ්වවිද්‍යාලය කිසිඳු සාධාරණ පදනමකින් තොරව වසා දැමීම.(වසරකට අධික කාලයක් සිසුන් අරගලයේ නිරත වුවද කිසිදු අවස්තාවක දේශන වලට හෝ විභාග කටයුතු වලට කිසිඳු බධාවක සිදු වුයේ නැත.)
  • මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු ශිෂ්‍ය සංගම් තහනම් කිරීම.
  •  විනයපාලකවරයා හා පිරිමි නේවාසිකාගාර පාලකවරයා නිතර අනෙකුත් සිසුන්ගේ උපාධිය ලබා ගැනීමට ඉඩ නොදෙන බවට තර්ජනය කිරීම.
  •  විශවවිද්‍යාලය තුල සංවිධානය කෙරෙන සංවාද, සමරු වැඩසටහන් වලට අවසර ලබා නොදීම
  • ආරක්ෂ අංශ යොදා ගනිමින් සිසු නිදහසට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට නිරන්තර බාධා කිරීම.(මෙහිදී කිහිප වතාවකදී පිටස්තර පුද්ගලයින් පැමිණ සිසුන්ට පහරදීම් දීම් සිදු වුවද ආරක්ෂක අංශ ක්‍රියාත්ම වුයේ නැත.)
  • මෙම ගැටළු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය, ප්‍රතිපාදන කොමිසම සමඟ සාකච්ඡා පැවැත්වුවද සමාව ගැනීම විනා අන් පිළිතුරක් සිසුන්ට ලැබුනේ නැත. ජනාධිපතිවරයාට ලිපි මඟින් දැනුම් දීම කොට අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පා ගමන් ගියද අදාළ කිසිඳු ප්‍රශ්නයක් තවමත් ඔහු නොදන්නා සේ හැසිරේ. එසේම පසුගිය 23 වනදා දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාලද එක්ව රජරට ප්‍රශ්නයට විසඳුම් ලබා ගන්නට සාකච්ඡාවක් ඉල්ලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ගියද කිසිඳු නිලධාරියෙකු සාකච්ඡාවට පැමිණියේ නැත.
එවන් තත්ත්වයක් තුල මෙරට නායකයා සිසුන් සමාව ගත යුතු බව මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබේ. දෙමාපියන් හරහා සිසුන් සමාව ගන්නා බව SB අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව හෙට (28) දවසේ දෙමාපියන් ගෙන් වීමේ කාරණය ඉතා පැහැදිලිය. නමුත් අපට පැවසීමට ඇත්තේ මෙරට සමස්ත ජනතාවගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන බවට බොරු පොරොන්දු දී බලයට පැමිණි ජනාධිපතිවරයා එලි පිටම අධ්‍යාපනය විකුණමින් සිටී. එසේ නම් සමාව ගත යුත්තේ ඊට එරෙහි වූ අප නොව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි.
ප්‍රශ්න වලට විසඳුම් දීම වෙනුවට සිසු ජීවිත අවදානමක හෙලීම වෙනුවෙන් සමාව ගත යුත්තේ පාලකයන්ය.
සිසු අධ්‍යාපනය කඩාකප්පල් කරමින් විශ්වවිද්‍යාලය වසා දැමීම සම්බන්ධයෙන් දේශන පැවැත්වූ ආචාර්යවරුන්ගෙන් පවා විශ්වවිද්‍යාල පරිපාලනය හා වෘත්තීය අරගල පාවා දීමට කටයුතු කල රජරට විශ්වවිද්‍යාලයේ ආචර්ය සංගමේ නිලධාරීන් සමාව ගත යුතු නොවේද?
 ශිෂ්‍ය සටන් හරහා ලබා ගත ජයග්‍රහණ කිසිවක් සටන් මඟින් ලබා ගත් ඒවා නොවන බවට රට ඒත්තු ගැන්වීමට පාලකයන් දැඩි පරිශ්‍රමයක් දරන අයුරු පසුගිය කාලය පුරා දක්නට ලැබිණ. සම සෞඛ්‍ය සිසුන් අරගලය ජය ගනිද්දී පාලකයන් කිවේ අවුරුදු 4 දුන්නේ නෑ . credit 120ක් දුන්නා කියාය. එය සම්පුර්ණ කරන්න අවුරදු 4 අවශ්‍යය. ජ'පුර සරසවියේ පන්ති තහනම් සියල්ල ඉවත් කරමින් උපකුලපති ප්‍රකාශ කලේ පින් රැස් කරගැනීමට සිසුන්ට අවස්ථාව දීමට පන්ති තහනම් ඉවත් කල බවයි. රජරට විශ්වවිද්‍යාලයට අදාලවද එවන් නාටකයක් නිර්මාණය කිරීම සඳහා මෙසේ පාලකයන් පුර්ව ප්‍රකාශ නිකුත් කරන බව පැහැදිලිය. නමුත් වරදක් කර නොමැති නිසා කිසිඳු ශිෂ්‍යයෙකු සමාව ගැනීමට සුදානම් නොමැති බවද මෙරට පලකයන්ට අවධාරණය කරනු කැමැත්තෙමු.
Share this article :

0 comments:

Post a Comment