Home » » විසඳුම් වෙනුවට පාලක සභාවෙනුත් සිසු මර්දනය. ශිෂ්‍ය සංගම් සියල්ල අහෝසියි.

විසඳුම් වෙනුවට පාලක සභාවෙනුත් සිසු මර්දනය. ශිෂ්‍ය සංගම් සියල්ල අහෝසියි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, July 3, 2014 | 2:00 PM

අද දින උදෑසන 10.30ට පමණ පාලක සභාව නිකුත් කල දැන්වීමක් මඟින් සිසුන්ට දන්වා ඇත්තේ, 2014/07/02 දින පැවති පාලක සභාව විසින් විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් සියල්ල හා ඒවායේ තනතුරු සියල්ල තාවකාලිකව අහෝසි කිරීමට කටයුතු කරන බවත්, උපකුලපතිවරයා අත්අඩංගුවේ සිටි කාලයේ  අචාර්ය සංගමයේ මැදිහත්වීම මත ඇතිකරගත් එකඟතා සියල්ල බලාත්මක නොකිරීමට කටයුතු කරන බවත්ය. 
තත්ත්වය සැලකීමේදී අපට පෙනී යන කාරණය වනුයේ මේ වන විට රජරට සාධාරණ ගැටළු විසඳනු වෙනුවට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සෘජුවම මැදිහත් වෙමින් සිසුන්ව බලහත්කාරයෙන් මර්දනය කිරීමට උත්සාහ දරන බවයි. එනම් උපකුලපතිවරයා ආණ්ඩුවේ රූකඩයක් බවට විවාදයක් නැත. ආචාර්යවරුන්ට තර්ජන ඇති බවට මුසාවාදා දොඩන ආචාර්ය සංගමයේ ලේකම් ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ යනු අරලිය ගහ මන්දිරයේ බණ දේශනාවන්ට නිතර සහභාගිවන ජනාධිපති උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකි. පාලක සභාවේ සංයුතිය සැලකීමේදී එහි බහුතරය පත් කරනු ලබන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසිනි. එබැවින් මේ වන විට පාලක සභාව, ආචාර්ය සංගමය හා උපකුලපතිවරයා ආදී විශ්වවිද්‍යාලයේ තීරණ ගනු ලබන පාර්ශ්වයන් සියල්ල ආණ්ඩුවේ හස්තයෙන් පාලනය කරමින් සිසුන්ට බරපතල මර්දනයක් එල්ල කිරීමට කටයුතු කර ඇති අතරම මාධ්‍යන්ට අසත්‍ය තොරතුරු තොරතුරු සපයමින් සිටී.

සැබවින්ම සිසුන්ට දැඩි ක්‍රියාමාර්ගයන් වෙත යොමු වීමට සිදු වුයේ මෙවන් පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙනි. තව දුරටත් ආණ්ඩුව ගැටළු වලට විසඳුම් නොදී මර්දනය දියත් කරමින් සිටි. ගැටළු විසඳීමට සති දෙකකට අඩු කාලයකදී රැස් කළ නොහැකි බව දැන්වූ පාලක සභාව මර්දනය දියත් කිරීම සඳහා දින 4ක් ඇතුලත රැස්විය. ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉතාමත් සුහදව ගැටළු විසඳීමට මැදිහත් වූ ආචාර්ය සංගමයේ නිලධාරීන්ගේ ස්වරූපය පැය කිහිපයක් ඇතුලත වෙනස් වී සිසුන්ගෙන් ඔවුන්ට මරණ තර්ජන ඇති බවට හඬගා කියන්නට විය. පොලිසිය උසාවිය ඇතුළු සියලු ආයතන යොදාගනිමින් අහිංසක සිසුන් මර්දනය කිරීම උදෙසා රාජ්‍ය මැදිහත් වී ඇත.

නමුත් අපට පැවසීමට ඇත්තේ අප කිසිඳු බාධකයකින් පසුබට නොවන බවයි. කුමන මර්දනය පැමිණියද, කුමන බාධකය පැමිණියද  අප දිගටම සටන් වැදීමට පෙළ ගැසී සිටිමු.

වීඩියෝ

Share this article :

0 comments:

Post a Comment