Home » » අපි ආයේ දවසක හමුවෙමු....

අපි ආයේ දවසක හමුවෙමු....

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, November 14, 2013 | 11:58 PM


"ඔක්කොම හරි, බස් දෙක එනවා...."
නමුත් ඔය කියන බස් දෙක මිහින්තලේ පොලිසියෙන් මෙහාට ආවේ නම් නෑ..
"බස් දෙක මිහින්තලේ පොලිස් නවත්තලා, ලයිසන් එහෙමත් පොලිසියෙන් අරගෙන..... "
"ආදරණීය සහෝරදය සහෝදරිය අපිට පුංචි ප්‍රශ්නයක්, අපි යන්න හිටපු බස් දෙක පොලිසියෙන් නවත්තලා, හැබැයි මේ වැඩේට අපි කොහොම හරි යන්න ඕන, මොකද මේ වෙලාවේ අප යන එක නවත්තන්න තමයි බස් නැවැත්තුවේ. ඒ නිසා අපි නොගියොත් වැඩේ කඩාකප්පල් වෙනවා, ඒ නිසා අපි යන එක
අත්‍යවශ්‍යයි. හැබැයි අපිට කෝච්චියේ හරි බස් එකේ හරි තමා යන්න වෙන්නේ එතකොට මුදල් වලින් අපිට ලොකු ගැටළුවක් එනවා .... "

"එක ගැටළුවක් නෑ සහෝදරයා අපි දැන් ඉක්මනට තියෙන සල්ලි වලින් යන්න විදියක් බලමු.."
කෝච්චිය තියෙනවා 6.40 ට කොළඹට ටිකට් එක රුපියල් 280 යි. හරි යමු..."

පසුගිය නොවැම්බර් මස 08 වෙනිදා වව්නියා - කොළඹ දුම්රියට රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 200 කට ආසන්න පිරිසක් ගොඩවන්නේ කොළඹ බලා යන්න. ඒ වෙනකොට පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුලුවට පාරවල් වැහෙන නිසා, රජරට අපිට දේශනා වලට සහභාගී වෙන්න අපහසුතා ඇති වෙයි කියලා විශ්වවිද්‍යාල පද්ධතිය සතියකට වහල දාලා තිබුනේ, පත්තරේක නම් තිබුනේ CHOGM ගැන අධ්‍යයනය කරන්න විශ්වවිද්‍යාල වහලා දැම්ම කියලා, අපේ අයට  අම්මා තාත්තා එක්ක එකතු වෙලා පවුලේ චිත්‍රපටියක් පෙන්නන මහින්දගේ ආණ්ඩුව සුදානම් බව නම් අපට තේරිලා තිබුණේ. ඒකට විරෝධය පාන්න තමා අපි කොළඹ යන්න තීරණය කලේ උද්ඝෝෂණයකට. එකට යන එක නවත්තන්න තමයි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසියේ මහත්තුරුන්ට අණ ලැබුනේ බස් රථ ටික නවත්තන්න.

බස් නැවතුනා...
හැමදාම වගේ අපිව නවත්තන්න බැරි උනා...

යන්න ටිකට් ගත්තා,
එන්න විදියක් නෑ

යන අතරමගදී සින්දුවක් කියලා වින්දනයක් ගන්න හිටපු බොන්ගෝ එකක් තිබුණා, ගීත ගායන කරන්න පුළුවන් සහෝදරයෝ දෙන්නෙක් එක්ක කෝච්චියේ පෙට්ටියෙන් පෙට්ටියට යන්න තීරණය කළා.

"ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ, නංගියේ , මල්ලියේ , සහෝදරයා, සහෝදරිය..
අපි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ....
විශ්වවිද්‍යාලය අසාධාරණ විදියට වහලා දැම්මා,
හේතුව මේ පොදු සාජ්ජය මණ්ඩල සමුළුව,
අධ්‍යාපනය විකුණන්න ගේන අධ්‍යාපන වෙළඳ කලාප වලට අපි විරුද්ධ වෙයි කියලා ,
CHOGM කියන්නේ අමුම අමු බොරුවල් ලෝකෙට මවලා පෙන්නන යටත් වීමේ අභිමානය සමරන දෙයක් කියලා රටේ මිනිස්සුනට කියයි කියලා බයට අපේ අධ්‍යාපනය බිල්ලට ගත්තා.
අපි එකට විරුද්ධ වෙන්නයි අද කොළඹ යන්න ආවේ. හැබැයි අපි යන්න හිටපු බස් දෙක පොලිසියෙන් නැවැත්තුවා, නමුත් මේ ගමන අපි යා යුතුම නිසා කෝච්චියට ගොඩ වුනා ඔබත් එක්ක මේ ගමන යන්න. අපිට එන්න විදියක් තවම නෑ ඒ නිසයි වෙනදා වගේම ඔබ හමුවට ඇවිත් අපේ විතරක් නෙවෙයි මුළු සමාජයටම ප්‍රශ්නයක් වුන තැනදී ඔබේ උදව් ඉල්ලන්න හිතුවේ...."

ඊට පස්සේ..

"රැලි රැලි මුහුදු වෙරළේ තුරුලු කරන් කිටි කිටියේ ....."
"බඹර නාදේ..."
"දවසක් මන් පාර දිගේ..."
"නවතින්නම් ආයේ...."

දුම්රියේ මැදිරි පුරා ගැයෙන්නට වුණා.
රුපියල ,දෙක වගේම සීය, දෙසීය, තුන්සීය තොප්පියට එකතු වුණා.
"ඔය කැම්පස් ළමයි යනවලා 3 rd class එකට මේක 2 nd class එක සල්ලි තියෙනවනම් මේක යන්න පුළුවන් නැත්නම් යනවලා 3 rd class එකට..."

ඔව් ටිකට් පරීක්ෂක තැන කිව නිවැරදිය, මුදල් නැති නිසා අපි හැමදාම ගියේ තුන්වෙනි පංතියේය. නමුත් අපි තුන්වෙනි පන්තියේ සිට තේරුම් ගත දේ එතුමා පන්ති තුනේම කරක් ගසාවත් තේරුම් ගෙන නැත. කෝච්චියේ මොන පන්තියේ ගියද එතුමාද ඇතුළු සියලු දෙනා පීඩිත පන්තියේ බව එතුමා තවම තේරුම් ගෙන නැත. ටිකට් පරීක්ෂක මහත්තයා කතාවට කවුරුත් වැඩි ප්‍රසාදයක් නොදැක්වුයේ කෝච්චියේ පන්ති මෙන්ම අපේ ජිවිත වල පන්ති භේදය තේරුම් ගත්, ඔහුගේ කථාවට විරුද්ධ වෙන්න තරම් මානුෂිය මිනිසුන් දෙවන පන්තියේ සිටි නිසාත්ය.

තුන්වෙනි පන්තියේදීත් අපි "රැලි රැලි මුහුදු වෙරළේ " කිව්වා.
තුන්වෙනි පන්තියේ ප්‍රතිචාරත් ඉහලයි.
හැබැයි ටිකට් මහත්තයා දන්නේ නෑ අපි එදා සින්දු කිව්වේ ආතල් එකටම  නෙවෙයි කියලා.
විශ්වාසයි ඔහු දන්නේ නෑ කෝච්චියේ සහරු ටිකට් නැතිව යන්නේ සෙල්ලමට හොරකමටම නිවෙයි, එදා හොයාගත්ත සොච්චමෙන් ටිකට් ගත්තොත් දරුවන්ට අරන් යන මොනවා හරි අඩු කරන්න වෙනව කියලා , තුන්වෙනි පන්තියේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වෙද්දී දෙවෙනි පලවෙනි පන්ති වල මැදිරි පිටින් හිස්ව යන්නේ මේ සියල්ල විකිනෙන සමාජ ක්‍රමයේ වැරැද්ද නිසා කියලා. හැමදේම විකිණිලා ලාභය මුල් වුනාම වරප්‍රසාද හිමි පන්තියක් නිර්මාණය වෙනවා කියාලා එතුමාට තාම වැටහිලා නෑ..ඒ නිසා වෙන්න ඇති තුන්වෙනි පන්තියේදී ඔලුව කෙලින් කරගෙන මගීන්ගෙන් ටිකට් ඉල්ලලා දෙවෙනි පන්තියේදී බොහොම යටහත් පහත විදියට හැසිරුනේ.එතුමා මනුස්සකම මැන්නේ මුදල් වලින් වුනාට අපිට එහෙම නෑ , මනුස්සකම ඉස්සරහ අපිට අනිත් හැමදේම දෙවෙනි තැනට වැටෙනවා.
පොලිසිය අපේ ගමන නවත්තන්න හැදුවා, ඇත්තටම මහින්ද මතයට තමා ඒ වුවමනාව තිබුණේ, එක වටේ ඉන්න පොඩි වුන් දාලා කරවගත්තා. හැබැයි අපි කොළඹ ගියා උද්ඝෝෂණයත් කළා.
ඉස්සරහටත් අපේ ගමන නවතින්නේ නෑ...
බස් එකේ යන්න ඉදලා අපේ ගමන කොච්ච්චියෙන් යන්න සලස්වලා එක අමතක නොවන මතකයක් කල හැමදෙනාටම ස්තුතියි,
කෝච්චියේ 1, 2, තුන පන්ති වගේම අපේ ජිවිත වලත් පන්ති භේදය අහෝසි වුන දවසක අපි ආයේ
හමුවෙන්න හිතාගෙන කෝච්චියෙන් බැස්සේ ඒ සියලු මතක මැද්දේ අපේ සටන් බිම කරා යන්නයි...

Share this article :

0 comments:

Post a Comment