Home » » රජරට සිසු සත්‍යග්‍රහ අට්ටාලයට යලිත් ගිනි තැබීමක්.

රජරට සිසු සත්‍යග්‍රහ අට්ටාලයට යලිත් ගිනි තැබීමක්.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Sunday, June 29, 2014 | 9:25 AM

දින 202ක් තිස්සේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයිය සිසුන් පවත්වාගෙන යනු ලබන සත්‍යග්‍රය අට්ටාලයට අද(29) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් ගිනි තබා පලා ගොස් ඇත.
ගිනි තැබීම සිදුවන අවස්ථාවේ සිසුන් 6 දෙනෙකු සත්‍යග්‍රහයේ යෙදී සිටි අතර ප්‍රෙට්‍රල් පිරවූ බෝතලයක් යොදා ගනිමින් සකස් කල පන්දමක් අට්ටාලයේ පොල් අතු වහලය මතට විසි කිරීමෙන් මෙම ගිනිතැබීම සිදුකර ඇත.
මිට පෙර 2014/06/18 වන දින සිසුන් පවත්වාගෙන ගිය සත්‍යග්‍රහ අට්ටාලයට පළමු වරට ගිනි තැබීමක් සිදුවූ අතර ඉන්පසු සිසු ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා සත්‍යග්‍රහය විශ්වවිද්‍යලයේ ප්‍රධාන ගේට්ටුව අසල ආරම්භ කිරීමට කටයුතු කෙරිණ. ඒ අනුව අද අලුයම ගිනි තැබීම සිදු කලේ ප්‍රධාන ගේට්ටුව අසල ඇති අට්ටාලයටයි.
පන්ති තහනම් 28ක් ඉවත් කිරීම ඇතුළු සිසු ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් පසුගිය ජුනි 26 දින සිසුන් උපකුලපති කාර්යාලය වටලාගෙන සිටි අතර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ මැදිහත් වීම මත උපකුලපතිවරයා සිසුන්ට ලිඛිතව පොරොන්දු වීමෙන් අනතුරුව ඔහුට උපකුලපති කාර්යාලයෙන් පිටවීමට අවසර ලබා දුනි.
එහිදී පන්ති තහනම් කල සිසුන්ට පන්ති තහනම් ඉවත් කිරීමට සමාව ගතයුතු බව ප්‍රකාශ කරන ලදී. නමුත් දින 200කට අධික කාලයක් අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරතව සිටි සිසුන්ට බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් අධිකරණ නියෝග ලබා ගත් පසුව පොලිසිය පහර දී සිසුන් 8 දෙනෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසුව විවිධ තර්ජනය කිරීමෙන් පසුව දෙවරක්ම සත්‍යග්‍රහ අට්ටාලය ගිනි තබා සිසු ජිවිත දැඩි අනතුරක තිබෙන මොහොතක මෙම ප්‍රකාශ සිදු කිරීමට තරම් විශ්වවිද්‍යාල පරිපාලනය නින්දිත ලෙස ක්‍රියාකරමින් සිටි.
එමනිසා මෙසේ සිසු ජිවිත අවධානමකට පත් කිරීමේ වගකීම මෙරට ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය පැහැදිලි ලෙසම භාර ගත යුතුය. මන්ද මෙරට ජනාධිපතිවරයාගේ සිට සියලු බලධාරීන් රජරට විශ්වවිද්‍යාලයේ අර්බුදය සම්බන්ධයෙන් දැනුවත්ව සිටි.



 
Share this article :

0 comments:

Post a Comment