විශ්වවිද්‍යාල පරිපාලනය මගින් ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට (15) දින 188 කි.
පසුගිය 09 වනදා විශ්වවිද්‍යාල පරිපාලනය හා රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අතර පැවති සාකච්ඡුාවකදී විශ්වවිද්‍යාල පරිපාලනය මගින් දන්වා සිටියේ සිසුන්ගේ අවම ඉල්ලීම වන අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කිරීමට විසඳුමක් ලෙස සිසුන් 7දෙනෙකුගේ පන්ති තහනම් ඉවත් කර ඇති බවත් තවත් සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් වසරකට සීමා කර ඇති බවත් පූර්ණ වශයෙන් පන්ති තහනම් ඉවත් කිරීමක් තවදුරටත් සිදුනොකෙරෙන බවත්ය.මෙ
ය සම්පූර්ණ අසත්‍ය ප‍්‍රකාශයක් වන අතර පන්ති තහනම් ඉවත් කිරීමක් මෙහිදී සිදු කර නොමැති අතර, සිසුන්ට ලබා දී ඇත්තේ අත්හිටවූ පන්ති තහනම්ය.
විවිධාකාර කරුණු ඉදිරිපත් කරමින් උපකුලපතිවරයා ඇතුළු විශ්වවිද්‍යාල පරිපාලනය සත්‍යග‍්‍රහය නැවැත්විය යුතු බව ප‍්‍රකාශ කළද අප නැවතත් දන්වනු ලබන්නේ කිසිදු කොන්දේසියකින් තොරව පන්ති තහන්ම් 27 ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් අනෙකුත් ඉල්ලීම් වෙනුවෙන්ද විසඳුම් ලබා දිය යුතු බවත්ය. ඒ අනුව පන්ති තහනම් සියල්ල ඉවත් කරන තුරු අඛණ්ඩ සත්‍යග‍්‍රහය ක‍්‍රියාත්මක කිරීමට අප තීරණය කර ඇති අතර දැඩි ශිෂ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට ද අප තීරණය කර ඇත.
0 comments:
Post a Comment