Home » » ශිෂ්‍ය වීර දිනය 2014

ශිෂ්‍ය වීර දිනය 2014

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, June 19, 2014 | 11:02 PM


සෑම වසරකම ජුනි 20 වන දිනය යෙදෙන ශිෂ්‍ය වීර දිනයට සමගාමිව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල ශිෂ්‍ය වීර දින වැඩසටහන අද(19) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වින.

විරු සිසුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමෙන් වැඩසටහන ආරම්භ විය. අනතුරුව අධ්‍යාපන අයිතීන් සේම සමාජ අයිතීන් රැකගැනීම, දිනාගැනීම උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල සහෝදර සහෝදරයින් සිහි කිරීම උදෙසා විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විය.

මෙහි ප්‍රධාන දේශනය රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් කුමාර සහෝදරයා විසින් පවත්වනු ලැබිය. මෙම වැඩසටහන විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල සංවිධානය කිරීමට මහා ශිෂ්‍ය සංගමය කටයුතු සුදානම් කළද විශ්වවිද්‍යාල පරිපාලනය මගින් ඊට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කෙරිණ. ඒ අනුව මෙම වැඩසටහන විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වුනේ පීඨ හතරක සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙනි.

පසුගිය වසරේ ජුනි 20 වනදා රජරට විශ්වවිද්‍යාල තුළ “ගමයි-සරසවියයි” නමින් වැඩසටහනක් සංවිධානය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු සුදානම් කෙරිණ.
නමුත් ශිෂ්‍ය වීර දිනය හේතුවෙන් එම වැඩසටහන ශිෂ්‍යයින් ප්‍රතික්ෂේප කල අතර එදින “ගමයි-සරසවියයි” වැඩසටහනට අදාලව කිසිදු සිසු විරෝධතාවක් නොපැවැත්වුණු අතර සිසුන් ඉතා සාමකාමිව විරු සිසු සැමරුම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සංවිධානය කිරීමට කටයුතු කෙරිණ.

පාලකයන්ගේ වුවමනාව වුයේ “ගමයි-සරසවියයි” නමින් සාර්ථක වැඩසටහනක් සංවිධානය කිරීම නොව දශක තුනක කාලයක් පවත්වාගෙන ආ ශිෂ්‍ය වීර දිනය කඩාකප්පල් කිරීමය. අවසානයේ උළෙල කඩාකප්පල් කිරීම හරහා විශ්වවිද්‍යාල අපකීර්තියට පත් කිරීම යන චෝදනාවට සිසු නායකයින් අට දෙනෙකුට මාස හයක පන්ති තහනමක් ලබා දීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කලේ ඉතා නින්දිත ආකාරයෙනි.


එතැනින් ආරම්භ වූ ශිෂ්‍ය මර්දනය නිසාවෙන් අද වන විට සිසුන් 28 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර තිබේ. ඊට එරෙහිව සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 192 කි. 
ඡායාරූප මෙතැනින්>>>
Share this article :

0 comments:

Post a Comment