Home » » රජරට සිසුන් දැඩි ශිෂ්‍ය ක්‍රියාමාර්ගයන් වෙත..

රජරට සිසුන් දැඩි ශිෂ්‍ය ක්‍රියාමාර්ගයන් වෙත..

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, June 26, 2014 | 1:05 PM

අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කරගැනීම ඇතුළු සාධාරණ ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය සිසුන් විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(26) දින 199කි. සිසුන්, ජිවිත අවදානමක් දරමින් ද මෙම සත්‍යග්‍රහයේ නිරත වුවද ප්‍රශ්නය විසඳනවා වෙනුවට පාලකයින් දිගින් දිගටම කටයුතු කරනු ලබන්නේ අමනෝඥ ආකාරයටය. අද උදැසන විනයපාලකයවරයා සහ ශාලාධිපතිවරයා සිසුන්ට තර්ජනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මින්පසු කිසිදු කටයුත්තක් විශ්වවිද්‍යාලය තුළ පැවැත්වීමට අවසර නොදෙන බවත්, එසේ සිදු කළහොත් කිසිවෙකුට උපාධිය ලබා ගත නොහැකි වන බවත්ය.
නමුත් සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට නිශ්චිත විසඳුමක් ලබා දෙන තුරු සිසුන් මර්දනය නොතකා මේ වනවිට දැඩි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිති.

ඒ අනුව අද දින කළමනාකරණ අධ්‍යයන පීඨයේ නවක සිසු සිසුවියන් බඳවා ගැනීම සිදුකෙරෙන අතර මේ වන විට ඒ සඳහා බාධාවක් නොවන අයුරින්, එම පිළිගැනීමේ උත්සවයට සහභාගී වී සිටින උපකුලපතිවරයා, සිසුන් විසින් වටලා ඇත.







Share this article :

0 comments:

Post a Comment