Home » » විකිණෙමු ද? රැකගමු ද?

විකිණෙමු ද? රැකගමු ද?

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Sunday, August 4, 2013 | 9:23 AM

විකිණෙමු ද? රැකගමු ද?


රයිට් සහෝරදරයින් ගුවන් යානය ලොවට හදුන්වා දෙන විට ඔවුන් වටා සිටි අය කිසිත් නොකර බලා සිටියේද? තෝමස් අල්වා එඩිසන් බල්බය සොයා ගනිද්දී ඔහු වටා සිටි අය කුමක් කරන්නට ඇතිද? මිනිසුන් අතර සන්නිවේදනය පිලිබඳ කිසිඳු අදහසක්,සංකල්පයක් නොතිබිණි නම් ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ට දුරකථනය නිර්මාණය කිරීමේ අදහස පහල වේවි ද? කම්කරු ජනයා නැව් කර්මාන්ත තුල සිය කාර්ය නොකළේ නම් චාල්ස් ඩාවින්ට නැව් නැග තැනින් තැනට ගොස් පරිණාමවාදය යන කරුණු සොයන්නට හැකි වේද?
ගුවන් යානය නිර්මාණය කරන තැනට රයිට් සහෝදරයින් එන විට , තෝමස් අල්වා එඩිසන් බල්බය නිර්මාණය කරන තැනට එන විට දුරකථනය සොයා ගන්න තැනට ග්‍රැහැම් බෙල් එන විට ඒවාට යොදා ගත්ත භාණ්ඩ කවුරුන් හෝ කලින් සොයා ගෙන තිබිය යුතුය, යොදා ගත් සිද්ධාන්ත කලින් සොයා ගෙන තිබිය යුතුය. නිර්මාණකරුවන් අදාළ නිර්මාණය කරන විට අනෙකුත් සමාජ කාර්යයන් අනෙක් පිරිස අතින් සිදුවිය යුතුය. අහාර නැතිව නිර්මාණකරුවට ජීවිතය පවත්වාගත නොහැකිය. එසේනම් ඒ සියලු දෙනාට අදාළ නිර්මාණය කල අකාරය ගැන ඉගෙන ගැනීමේ අවස්ථාව හිමිවිය යුතු නොවේද? රයිට් සහෝදරයන්ට ගුවන් යානයේ අයිතිය පවරා පේටන්ට් බලපත්‍රය ලබා දී නිෂ්පාදනය කිරීමේ අයිතිය ඔවුන්ට පමණක් ලබා දී අනෙකුත් අයට එය ඉගෙනීමට ඇති හැකියාව ඇහිරීම සාධාරණද? අත තිබෙන මුදල් ප්‍රමාණය මත තමන ඉගෙන ගත යුතු ක්ෂේත්‍රය නිර්මාණය කිරීමට සැලැස්වීම සාධාරණද? නමුත් අද අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදුවන්නේ මෙයම නොවේ ද?
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් කළමනාකරණය පිළිබඳ වසර 4ක විශේෂවේදී උපාධියක් එම පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබාදෙනු ලබයි. නමුත් මේ වන විට එම උපාධිය වසර තුනක බාහිර උපාධියක් ලෙස මිල කිරීමට අපේ රටේ අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව සමාසික 6 කින් යුක්තව ඉගැන්වීම් කටයුතු සිසු කෙරෙන මෙම උපාධි පාඨමාලාව වෙනුවෙන් බාහිර උපාධි අපේක්ෂකයෙකු රුපියල් එක්ලක්ෂ හතලිස් දහසකට අධික මුදලක් වය කල යුතුව ඇත. සල්ලි තියෙනවනම් වියදම් කර ඉගෙනගත්තාට මොකද? යැයි කෙනෙකුට කිව හැකිය. සල්ලි තිබුනත් නැතත් ඉගෙනීමේ අවස්ථාව නොමිලේ දිය යුතුය යන්න අපගේ අදහසයි. අධ්‍යාපනය වරප්‍රසාදයක් නොවී අයිතියක බවට පත් වන්නේ එවිටයි. නැති එකාට නොමිලේ  දී ඇති එකාට සල්ලි වලට අධ්‍යාපනය විකිණිය යුතුයැයි අප කියන්නේ නැත. මේ සමාජයේ සෑම කෙනෙකුම බදු ගෙවන්නේ නම් වසරින් වසර බදු මුදල ඉහල යන්නේ නම් ඒ මුදල අය කරගන්න පරමාර්ථ ඉෂ්ට කිරීම මෙරට අධ්‍යාපන බලධාරීන් ගේ වගකීම විය යුතුය.
ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුල මුදල් ය කිරීම කරගත නොහැකි වූ තැන, රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආරම්භ වූ පෞද්ගලික විශ්වවිද්‍යාල වල නිරුවත හෙළිදරව් වෙද්දී බාහිර උපාධි නමින් ව්‍යාජයක් මවා පාමින් අධ්‍යාපනය විකුණන්ට යාම අප අනුමත කරන්නේ නැත. මුදල් ඇති ය ඉගෙන ගන්නවාට ඉරිසියාවක් අප තුල ඇතැයි අපට චෝදනා එල්ල කිරීමට පිරිසක් බලා සීටී. බාහිර උපාධි හැදෑරීමට එන සහෝදර සහෝදරියන්ට අපට කිව යුතුව ඇත්තේ, ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වුයේ ඔබේ වරදින් නොව, ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුල පවතින පුරප්පාඩු ප්‍රමාණවත් නොවීම නිසාය. නමුත් ඔබ ඊට අදාළ සුදුසුකම් සපුරා ඇති පිරිසකි, ඔබේ සිහින උගසට තබා ඔබට මුදලට විකුණන අධ්‍යාපනය භාර ගැනීම නොකළ යුතු කාර්යයකි. ඔබේ අයිතිය ඔබටම විකිණීම සාධාරණ නොවන බව ඔබට අවබෝධ විය යුතුය.
අපට ගැටලුව ඇත්තේ බාහිර උපාධි අපේක්ෂකයා සමඟ නොව, ඔහුවද මුලාවට පත් කරමින්  අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට කැස කවන මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පාලකයන් සමඟය.
අපට ඇත්තේ බාහිර උපාධි අහෝසි කිරීමේ අරගලයක් නොව, සියලු දෙනාටම අධ්‍යාපනයේ සම අයිතිය ලබා දීමේ අරගලයකි. නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දින ගැනීමේ අරගලයකි. සටන ජය ගත් පසු ප්‍රතිපල හිමිවන්නේ මුදල් ඇති එකාටද, මුදල් නැති එකාටද යන්න අපට වැදගත් නොවන්නකි. එම නිසා බාහිර උපාධි පාඨමාලාවන්ට මුදල් ය කිරීමට අප දැඩි සේ විරුද්ධ වන්නෙමු.

Share this article :

0 comments:

Post a Comment