Home » » වැරදුනු කටුසු න්‍යාය

වැරදුනු කටුසු න්‍යාය

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, August 19, 2013 | 5:35 PM

වැරදුනු කටුසු න්‍යාය

කටුස්සා යනු තමන් ගොදුරු කර ගැනීමට පැමිණෙන සතුරන්ගෙන් ආරක්ෂාවීම  සඳහා විශේෂිත වූ උපක්‍රමයක් භාවිතා කරනු ලබන සත්ත්වයෙකි. තමන් ඒ මොහොතේ සිටින පරිසරයට අනුව සිය ශරීරයේ පැහැය වෙනස් කර ගැනීම එම උපක්‍රමයයි. එය කටුස්සාට නම් සොබාදහමින් ලැබුණු දායාදයකි.

කටුස්සාගේ පාට මාරුව සොබාදහම දී ඇත්තේ කටුස්සාටය. නමුත් මේ කටුසු න්‍යාය ආරෝපණය කර ගත් පිරිසක් පසු ගිය දිනවල විශ්වවිද්‍යාලය සිදූ වූ සිද්ධියක් හරහා අපට හඳුනා ගන්නට ලැබිණ.

පරිපාලනයට ආතල් එකක් ගනිමින් විශ්වවිද්‍යාලය තුල අර්බුදයක් නිර්මාණය කිරීමේ අරමුණින් සංවිධානය වූ ගමයි සරසවියයි 2013 වැඩසටහන හරහා ශිෂ්‍ය නායකයන් 8 දෙනෙකුට මාස 6 ක පන්ති තහනමක් පැනවීය. මෙහි අසාධාරණය දුටු රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පෙත්සමක් අත්සන්  කර තම තමන් අදාල ගමයි සරසවියයි වැඩසටහනට සම්බන්ධ නොවීමට හේතු ලිපි මඟින් ඉදිරිපත් කළහ. අදාල සිසු නායකයින්ගේ දෙමාපියන් හා උපකුලපතිවරයා අතර සකච්ඡාවක්ද මෙදින(14) පැවත්වින.
ලිපි භාර දීමට ගිය ශිෂ්‍යයින් දෙදෙනෙකුට උපකුලපතිවරයා පවසා තිබුනේ ශිෂ්‍ය සහභාගීත්වය වැලැක්වීම යන කාරණයට විශ්විද්‍යාලයේ නැටුම් කණ්ඩායමක් තමන්ට සාක්ෂි ලබා දී ඇති අතර එය පදනම් කර ගනිමින් පන්ති තහනම ලබා දුන් බවයි.

අනතුරුව අදාල නැටුම් කණ්ඩායමේ  සාමාජික සාමාජිකාවන් උපකුලපතිවරයා හමුවීමට ගොස් මේ පිලිබඳ කාරණා විමසමින් කියා සිටියේ තමන්ගෙන් එවැනි සාක්ෂි විමසීමක් සිදු නොකළ බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් උපකුලපතිවරයා පවසා සිටියේ ගමයි සරසවියයි වැඩසටහනට සිසුන්ගේ සහභාගීත්වය නොමැති වීම තමන්ට ගැටළුවක් නොමැති බවයි. සිසුන්ගේ සාක්ෂි අවශ්‍ය නොවන බවත්, පීඨාධිපතිවරුන්ට  බලපෑම් කල බවට ඔවුන් සාක්ෂි ලබා දී ඇති බවත්ය.

උපකුලපති කාර්යාලයෙන් පිටතට පැමිණි පීඨාධිපතිවරුන් පවසන්නේ තමන්ට එවැනි බලපෑමක් ශිෂ්‍ය සංගමයෙන් නොවූ බවයි.

මේ පාට මාරු කිරීම ප්‍රශ්නය මඟ හැරීම සඳහා නොවේද?

කටුස්සා පාට මාරු කරන්නේ තමන්ගේ ආරක්ෂාවටය.

උපකුලපතිවරයා ප්‍රමුඛ නඩය පාට මාරු කලේ තම ජාමේ බේරාගන්නටය.

නමුත් පාට මාරු කරන කරන තැනදී අප එය දුටු බව කියනු කැමැත්තෙමු!

 උපකුලපතිතුමනි,

කටුසු න්‍යාය හරියන්නේ කටුස්සාටය...

කටුසු න්‍යාය මනුෂ්‍යාට නොගැලපේ...

මනුස්සයාට හරියන්නේ මනුෂ්‍ය න්‍යායයි....

එය තේරුම් නොගතහොත් මනුෂ්‍ය සමාජය තුල මනුෂ්‍යයෙකු ලෙස පැවැත්මක් නැත....


Share this article :

0 comments:

Post a Comment