රටකජු, වඩේ, රොටි,
තේ,වතුර,වෙඩි, සල්ලි මැද මිනිස්සු

තේ එකක් බොමුද?
ආ...මේ රොටියක්
කන්න....”
වඩේ විකුණපු අන්කල්
බුස් එකේ ආසනයක වාඩි උනා.එදා වේල හොයාගන්න කර කර හිටපු වැඩෙත් නවත්තලයි වැඩි උනේ.
පත්‍රිකාව අතට අරන් හොඳට කියෙව්වා. කතා කරලා ඉවර වෙලා කැටේ අල්ලනකොට රුපියල් දහයක්
කැටේටත් දැම්මා....
සල්ලි දීලා ගත්ත
තම්බපු රටකජු බෑග් එකත් එක්කම තව එකක් දුන්නා,
“ආපු අනිත් ළමයින්ට
මේක දෙන්න ”


“ආදරණීය අම්මේ
තාත්තේ,අයියේ අක්කේ, නංගියේ මල්ලියේ, සහෝදරයා සහෝදරිය අපි අන්තර් විශ්වවිද්‍යාලයිය
ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමිනුයි. අද දවසේදී මේ විදියට බස් රථවලට ගොඩ වෙලා අද
වෙද්දී අපේ රටේ පවතින තත්වය පිළිබඳ ඔබත් සමඟ පොඩි කතා බහක් ඇති කරගන්නයි.
අම්මේ තාත්තේ ඔබ
තමයි මේ රටේ බදු ගෙවන ජනතාව. ඔය බදු මුදල නිසා මේ බස් එකෙන් ගන්න ටිකට් එකේ ගාන
වැඩි වෙනවා, ඔබ ගන්න පරිප්පු සියේ ගාන වැඩි වෙනවා, හාල් කිලෝ එකේ ගාන වැඩි වෙනවා.
අවුරුද්දෙන් අවුරුද්ද මේ බස් ගාස්තුව වැඩි වෙනවා, බඩු මිල වැඩිවෙනවා හැබැයි ඔබේ
ජීවන තත්ත්වය ??? මොකටද මේ විදියට ඔබෙන් බදු
අය කරගන්නේ, ඔබේ දරුවට පාසලේ දී නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න, පාසල් පෙළ පොත් නොමිලේ
ලබා ගන්න, නිල ඇඳුම් ටික නොමිලේ ලබා ගන්න, ඉස්පිරිතාලෙට ගියාම වෛද්‍යවරයෙක්
මුණගැහිලා ලෙඩේ කියලා නියම කරන බෙහෙත් ටික නොමිලේ ගන්න, ඔබේ ආරක්ෂාව නොමිලේ ලබාගන්න.
හැබැයි අද වෙන්නේ
එකමද? ඔබේ දරුවා පාසලට ඇතුලත් කරපු දවසේ ඉඳලා ,ඇතුලත් වීමේ ගාස්තු, පාසල් සංවර්ධන
සමිතියට, පහසුකම් සේවා ගාස්තු, ආරක්ෂක සේවා ගාස්තු විදියට විශාල ගාස්තු ප්‍රමාණයක්
ගෙවන්න සිද්ද වෙලා. ඒ මදිවට පාසලේ අධ්‍යාපනයට අමතරව ටියුෂන් අනිවාර්ය වෙලා
තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට හම්බෙන සුළු පඩියෙන් මේ හැමදේටම මුදල් වෙන් කරන්න
වෙලා තියෙන එකයි, බරපතලම කාරණේ මේ හැමදේටම ඔබ මුලින් ගෙවීමක් කරලා තියෙනවා බදු
විදියට. කලින් ගෙවපු දේවල් ලබා ගන්න යද්දී ආයෙත් මුදල් ගෙවන්න වෙන එක සාධාරණද කියල
පොඩ්ඩක් හිතලා බලන්න.මේ වියදම් ගෙවා ගන්න බැරිව අපේ නංගිලා මල්ලිලා කී දෙනෙක්
පාසල් ගමන අතහැරලා ද? විශ්වවිද්‍යාල තත්ත්වෙත් මේකම තමයි, දැනුම හොයාගෙන යන්න
විශ්වවිද්‍යාලයට ආපු අපේ සහෝදරවරුන්ට සිද්ද වෙලා තියෙනවා, තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය
මුදල් හොයාගන්න පත්තර විකුණන්න, නැත්නම් වැඩබිමක වැඩ කරන්න, අවසානේ ගෙදරටත් කීයක්
හරි යවන්න. පාසල් 350 ක් ප්‍රතිපාදන නැතිව වැහිලා යනකොට ඒවාට වෙන් කරන්න මුදල්
නැති බලධාරීන්ට මුදල තිබිනා කෝටි ගණන් දීලා විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් මේ රටට
ගෙනල්ලා ක්‍රිකට් ක්‍රීඩා සංදර්ශන තියන්න. 4 ක් 6 ක් ගහනකොට පිට්ටනිය වටේ නටන්න
සුදු ජාතික කාන්තාවන් ගෙන්නන්න. පාසල් ටික වහලා දාලා ඔය කියන්නේ වෙන දෙයක් නෙවෙයි,
උඹේ තාත්ත පොල් කඩනවානම් උඹත්පොල් කඩපන්, කුඹුරු කරනවානම් උඹත් කුඹුරු කරපන් කියලා
නෙවෙයිද? හැබැයි එයාලගේ දරුවන්ට එක එහෙමද?


කැටයක් අරගෙන
දැනුවත් කිරීමට ආවේ ඇයි කියලත් කියන්නම්, උසස් පෙළ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකටවත්
නිසි මුදලක් වෙන් කරන්නේ නැති පරිපාලනය මේවට මුදල් දෙයි කියලා හිතුවොත් විහිළුවක්.
අද මේ වදෙන් මේ ගමන නවත්තන අපිට බෑ.හැබැයි අත්පත්‍රිකාව මුද්‍රණයේ ඉදලා අපිට මුදල්
අවශ්‍ය වෙනවා. අපිඅ විශ්වවිද්‍යාලෙ කරන භෝ දේවල් වලට මුදල් හොයාගන්න එන්නේ ඔබ ලඟට.
ඔබ ඒ කැප වීම කරන බව අපිට විශ්වාස නිසයි. කැටේට කියක් හරි දැම්මා කියලා ඔබේ වගකීම
ඉවර වෙන්නේ නෑ. ඉස්සෙල්ලා අපි කිව්වා වගේ ඔබේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්න නැගී
හිටින්න කියන එකයි අපි අවධාරණය කරන්නේ. ඔබ සැමට ජය!!!”
නොදන්නවා නොවෙයි
කැටේට දැම්මේ අතේ තිබුන අන්තිම සිල්ලර ටික කියලා, ගෙදර ඉන්න පොඩි එකාට ලොසින්ජර
ගෙනියන්න තිබුන මුදල කියලා. උගුර ලේ රහ වෙනකල් කෑගහල විකුණපු එකේ ලාබෙ කියලා. සමහර
බස් එකට දීන තිබුන මුදල කියලා. පොඩි එක සෙල්ලම් බඩු ඉල්ලලා අඩද්දීත් අරන් නොදී
ඉතුරු කරන්න කියල තියාගත්තා මුදල කියලා.
ආදරණීය අම්මේ
තාත්තේ,අයියේ අක්කේ, නංගියේ මල්ලියේ, සහෝදරයා සහෝදරිය අපේ සටන් මඟ වැටී ඇත්තේ මේ
සමස්ත සමාජයේම ජිවත් වන අය උදෙසාය. ඒ සටනට නුඹේ කාසි වලට වඩා නුඹේ සිනාව අපිව ඉදිරියට
ගෙනාවා. නුඹේ දහදිය කදුළු ජිවය දුන්නා. ඉගෙන ගත්තේ ඔබ දුක් මහන්සියෙන් හැම කරපු
එකෙන් බව අමතක නොවූ නිසයි අපි තවමත් සටන් මගෙහි පා තබන්නේ. ඔබත් එකතු වුනු දවසට අපි
අපේ සටනේ ජය කණුව කරා ළඟ වේවි. ජය වේවා!
සටනට නුඹේ කාසි වලට වඩා නුඹේ සිනාව අපිව ඉදිරියට ගෙනාවා
ReplyDelete