Home » » ආයෙමත් දවසක

ආයෙමත් දවසක

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, August 31, 2013 | 1:17 AM

පන්ති තහනම පිලිබඳ දැන ගැනීමෙන් පසු 2013/08/13  සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් සහෝදරයා සිය අදහස් මෙසේ සටහන් කර තිබිණ...


ආයෙමත් දවසක

තැනින් තැන ඇඳුම් වල
තීන්ත තවරාගෙන
භූමිතෙල් සුවඳ
පාප්ප වලින්
කලවම් කරගෙන
හතයි - හතරයි
පහයි - හයයි
කියලා
ටයිල් කැට වලින්
පෝස්ටර වල දිග පළල මනින
සටන් කරන අකුරු ඇහිඳින
සකියනේ නුඹලා එකතුව
හිනාවෙන අපේ මහගෙදරට
අයෙමත් එනවා
ඉක්මනට
උඹලත් එක්කං
අඩුවක් අරන්
කන්න
ප්ලේන්ටි පාරක් ගහන්න
අපිටත්
ඉඩක් තියාගනිල්ලා
අකුරු සටනේ කෙනෙක් වෙන්න
අපි නතර වෙයි කියලා
හිතන්න ඇති උන් ඔක්කොම
මේ මාස හයට...


Share this article :

0 comments:

Post a Comment