Home » » 11 වෙනිදා 11 ට 11 දෙනෙකුට

11 වෙනිදා 11 ට 11 දෙනෙකුට

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, August 31, 2013 | 1:08 AM

පන්ති තහනම පිලිබඳ දැන ගැනීමට පෙර  සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් සහෝදරයා සිය අදහස් මෙසේ සටහන් කර තිබිණ...

11 වෙනිදා 11 ට 11 දෙනෙකුට
මතකද
උඹට
අහම්බෙන් වගේ වෙලාව බලන
හැම දවසකම
වෙලාව
එකොළහයි එකොළහයි
මම උඹට කියනවා
උඹ මට කියනවා
මොකක් හරි දෙයක්
ළඟදීම දවසක
සිද්ධවේවි කියලා
ගොඩක් දේ කතා කරන්න
අපි හොඳ අවධානයෙන් හිටියේ
දැනුනා වෙන්න යන්නේ මොකක්ද කියලා
උඹලා බය වෙන්න එපා
අපි එකොළහට යන්න උනත්
අපිට එකොළහට යන්න උනත්
දොළහක් එනවා
වැඩිපුරත් එක්ක එකෙක්
අපිත් එක්ක ආපු ගමන
තව දුරක් යන්න
උඹලත් එක්ක
අපි හරිද උන් වැරදිද?
උන් හරිද අපි වැරදිද?
උඹලා දන්නවනේ හොඳට
සිංහ හම පොරව ගත්ත
නරි රැලක් හු කියද්දී
වලිගෙ පාගාගෙන
උඩුබුරලයි කියලා
හිතන්න උන් අපි ගැන
දොළහක් එක්ක
වැඩිපුරත් එක්ක එකෙක්
උඹලා බය වෙන්න එපා
වහින දවසක වැස්සක් හයියෙන්
නරි පනිවී ගුහාවෙන් එලියට
ඒ වැහි බිත්තර ටික එකතු කරපල්ලා
දොළහක් එනවනේ
එකොළහට පස්සේ...




Share this article :

0 comments:

Post a Comment