Home » » රජරට සහයට සියලු සරසවි එක් වේ

රජරට සහයට සියලු සරසවි එක් වේ

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, May 21, 2014 | 9:24 PM

රජරට විශ්වවිද්‍යාලය තුල මේ වන විට ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණයට විසඳුම් ලබා නොදීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල පා ගමනක් අද(21) පැවැත්විණ.
අනුරාධපුර යාපනය හන්දියෙන් ආරම්භ වූ පාගමන මිහින්තලේ අනුරාධපුර මාර්ගය ඔස්සේ පැමිණ අනුරාධපුර නව බස් නැවතුම්පල දක්වා පැමිණියහ.
විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (21) දින 163කි. නමුත් අදාළ ගැටළු සම්බන්ධයෙන් කිසිඳු විසඳුමක් ලබා දීමට විශ්වවිද්‍යාල පරිපාලනය හෝ ආණ්ඩුවේ බළධාරීන් කටයුතු කර නැත.
ඒ අනුව සිසු ජිවිත අනතුරේ හෙලමින් අත්තනෝමතික ලෙස පවත්වාගෙන යනු ලබන පාලනය වහා නවතා අදාළ ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස පාලකයන්ට බල කරමින් මෙම පා ගමන පැවැත්විණ.
මේ සඳහා පේරාදෙණිය,කැලණිය,ජ'පුර, සබරගමුව, වයඹ, සෞන්දර්ය සරසවි සිසු සිසුවියන් විශාල පිරිසක් එක්ව සිටියහ. 
මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ජ'පුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජ්ත සහෝදරයෙකුද රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයාද අදහස් දැක්වීය.

ඡායාරූප>>>
Share this article :

0 comments:

Post a Comment