Home » » රජරට සරසවි උපාධි පාඨමාලා විකිණීමේ තීරණය වහාම නවතන්න - FUTA කියයි.

රජරට සරසවි උපාධි පාඨමාලා විකිණීමේ තීරණය වහාම නවතන්න - FUTA කියයි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, April 24, 2014 | 3:35 PM

රජරට විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන පාඨයේ උපාධි පාඨමාලා මුදලට විකිණීමට ගෙන ඇති තීරණය වහා හකුලා ගත යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරයි.
බාහිර උපාධි පාඨමාලා මුවාවෙන් එම පාඨමාලා විකිණීමට එරෙහිව ගන්න ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරි සතියේදී සම්මේලනයේ විධායක සභාව රැස්වී තීරණයක් ගන්නා බව එහි ලේකම් මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. 
ඒ සම්බන්ධයෙන් රාජරට විශ්වවිද්‍යාලේ ආචාර්ය සංගමය දැනුවත් ඇති කර කර ඇති බවද ප්‍රනාන්දු මහතා කීය. 
කළමනාකරණ අධ්‍යයන පීඨයේ උපාධි පාඨමාලා හා ව්‍යවහාරික විද්‍යා පීඨයේ උපාධි පාඨමාලා මුදලට විකිණීම වහා නැවත්වීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසුන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අදට(22) දින 134 සම්පුර්ණ වේ. තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා නොදී විශ්වවිද්‍යාල පරිපාලනය දගින් දිගටම නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

ටෙෂාරී නලින්දිකා කරනායක
මව්බිම 14/04/22
Share this article :

0 comments:

Post a Comment