Home » » අවුරුදුදාත් සත්‍යග්‍රහය ක්‍රියාත්මකය.

අවුරුදුදාත් සත්‍යග්‍රහය ක්‍රියාත්මකය.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, April 14, 2014 | 9:26 AM


අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් නවයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (14) දින 126 කි.
ගමයි- සරසවියයි නමින් බලහතකාරයෙන් විශ්වවිද්‍යාලය තුලට පසුගිය වසරේ ජුනි 20 වනදා ගෙන ආ අවුරුදු උත්සවය සිසුන් වර්ජනය කිරීම හේතුවෙන් සිසු නායකයින් 8 දෙනෙකුට පන්ති තහනම් ලබා දෙමින් ආරම්භ කල රජරට සරසවියේ ශිෂ්‍ය මර්දනය අදටද ක්‍රියාත්මක  කිරීමට තරම් පාලකයන් නින්දිත වී ඇත.
ඒ අනුව මාස 7 කට පෙර ලබා දුන් පන්ති තහනම් වලට අදාළ අභියාචනා සලකා බැලීමට අභියාචනා බණ්ඩලය පත් කිරීමට හෝ විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කලේ නැත. අභියාචනා මණ්ඩලය රැස් වුවද, එහි තීරණය විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙත් යොමු කිරීමට කටයුතු කර තිබේ. නමුත් අවුරුදු නිවාඩුවට විශ්වවිද්‍යලය වසා දමා ඇති මොහොතක පවා එහි තීන්දුව සිසුන්ට දැනුම් නොදී සිටීමට තරම් පාලකයන් නින්දිත වී ක්‍රියා කර ඇත.

ඒ අනුව අවුරුදු නිවාඩුවට. ජනාධිපතිවරයා, අධ්‍යාපන බලධාරීන් හා උපකුලපතිවරයා ප්‍රමුඛ විශ්වවිද්‍යාල පරිපාලනය යන මෙම ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය යුතු සියලු දෙනා අද දවසේදී තම නිවෙස් වලට වී හෝ ගම බිම් බලා ගොස් තම දරුවන් පවුලේ අයවලුන් සමඟ අවුරුදු සමරනවා ඇත. මාස ගණනාවක් ගෙදර පැමිණෙන්නට නොහැකිව සිටි තම දුව පුතා අවුරුදු නිවාඩුවට හෝ ගෙදර එනතුරු බලා සිටියද, අද දවසේ අපට නිවසට යන්නට හැකියාවක් නැත. ඒ අපගේ මුලික ඉල්ලීමට වුව විසඳුම් දීමට කිසිඳු වග කිවයුතු නිලධාරියෙකු කටයුතු කර නොමැති නිසාවෙනි. ඒ අනුව රජරට සරසවිය ඉදිරිපිට සිසුන් අද අද දවසේද සත්‍යග්‍රහයේ නිරතව සිටී.
මීට අමතරව සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය ගලහ හන්දියේ, ගාල්ල නගරයේ හා කොළඹ කොටුවේ සත්‍යග්‍රහ ද අද දවසේ ක්‍රියාත්මක වේ.


Share this article :

0 comments:

Post a Comment