Home » » ආඩම්බරයි තාත්තේ...

ආඩම්බරයි තාත්තේ...

Written By Lahiru on Sunday, April 13, 2014 | 6:08 PM

ඔහු නිතරම පවසන පරිදි  ඔහු අප සියලු දෙනාගේම තාත්තාය. නිකන්ම නිකන් තාත්තා නොවේ ආඩම්බරකාර තාත්තාය. නමුත් ඔහු ගැන කෙසේ කුමන ආකාරයකට කුමන හේතුවකට ආඩම්බර වොඉය යුතුද යන්න සිතා බැලිය යුතු කාරණයකි. 
ඔහු බලය අතට ගත්තේ දේශප්‍රේමය විකුණාය, ජාතිවාදය වැපිරීමෙනි, සාටකයට සරමට පින් සිදු වන්නටය. එවන් දේශපාලනයක නිරත් වූවකු මෙරට දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා වන්නේ කෙසේද යන්න පුදුම එළවන සුළු දෙයකි. 
අද ඔහුගේත් ඔහුගේ සහචරයින්ගේත් පුරසාරම් වල ඇත්තේ තිස් වසරක යුධ ජයග්‍රහණය ඔහු දිනා දුන් සැටි ගැනය. දමිල බසින් කතා කල පමනින් දැමිල් ජනයා දිනා දිය නොහැකි බව ඔහුගේ දේශපාලනය ඥානයට නොතෙරෙන්නේනම් එයය් විහිළුවකි. එයද රැවටීමක් පමණකි. ඔහුට සිංහලයාට බෙදන්නට විශේෂ  හැන්දක් නැත. දමිලයාට බෙදන විශේෂ හඬක් නැත. මුසල්මානුවාටද එසේමය. 
මේ සියලු ජාතීන් වල ආගම් වලට අයත් නිර්ධනීන්ට, පීඩිතයන්ට බෙදන්නට ඔහුට ඇත්තේ එකම හැන්දකි.
යන යන තැන දරුවන් ඉඹින ඔහුගේ දේශපාලනයට ඉඹ ගත නොහැකි   දෙනා ඔහුගේ රාජ උදහසට ලක් වේ. ඒ අතර කලකට ඉහතදී ඔහුගෙන් උම්මා ගත අයද සිටිනවා විය හැකිය. රතුපසවලදී ඔහු මිනීමැරීය, හංවැල්ලේදී ඔහු මිනීමැරීය, අහිංසක මිනිසුන්ගේ අතපය කඩා දැමීය. අවසන මිය ගිය පොලිස් නිලධාරියාගේ මරණය මිනිමැරීමක් බව තීරණය කලේද ඔහුගේ ආණ්ඩුවය. ඒ අතරමට ඔහු උපායශීලී මිනීමරුවෙකි. රුහුණු සරසවියේ  සුසන්ත බණ්ඩාර මරා දැමීය,
රුහුණු සරසවියේම සිස්ත ප්‍රියන්කර සහ කැළණි සරසවියේ ජනක බණ්ඩාර සහෝදරවරු මරා දැමුවේ ඔහුගේ දේශපාලන තොත්තුව ලබා ගන්නට අකමැති වූ නිසාවෙනි. යාපනය සරසවි සහෝදර සහෝදරියන්ට පහර දුනි. ඔහුගේම දරුවන්ට ඒ තොත්තුවේ රසයක් තිබෙන්නට පුළුවන. නමුත් ඒ දරුවන්ද ආඩම්බර විය යුත්තේ තාත්තාගේ කුමකටදැයි සිතා බැලිය යුතුය. 
ලොකු පුතා දේශපාලනය කරද්දී අපට බැරිය. අප දේශපාලනය කරනා විට මේ තාත්තාට යක නගින්නේය. ඔහුට යකා නැගීම හේතුවෙන් අප මිය යා යුතුය. මද්දුමයා රොකට් යවන්නට ඉගෙන ගනිද්දී අපට දේශන ශාලා, දේශකයින්, මහපොළ ඉල්ලන්නට තහනම්ය.නිදහසේ ඉගෙනීම අපට තහනම්ය. ඒවා නොඉල්ලා ආඩම්බරකාර තාත්තා දෙන දෙයින් සැනසිය යුතුය. නැතිනම් මරණය වැළඳ ගත යුතුය. 
අප ක්‍රීඩා කලයුත්තේ ඔහුගේ පුතුන් තිදෙනා දිනනතුරු පමණි. අප දිනූ දා අප ක්‍රීඩාවෙන් සමුගත යුතුය, නැතිනම් මරණය වැළඳ ගත යුතුය. 

නමුත් මෙතෙක් කිසිවෙකු ඔහු මිනීමරුවෙකු බව නොකියන්නට පරිස්සම් වී ඇත. නමුත් අපට බිය වීමට දෙයක් නැත. අපගේ ඉතිහාසය අපට බිය වීමට උගන්නවා නැත. තාත්තා වුව මිනී මරන්නේ නම් කියන්නට අප බිය විය යුතු නැත. 
අපට ඇති ප්‍රශ්න ඔහු දන්නේ නැත. ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඔහුට වෙලා මදිය, දිනූ දේශය ගොඩනැගීමේ භාරදුර කාර්ය ඔහුට පැවරී ඇත. අප ඊට අදාල නැති කොටස්ය. 
රජරට සරසවි සිසුන් පන්ති තහනම් 27 ක් ඉවත් කරන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක බව ඔහු දන්නේ නැත. සම සෞඛ්‍ය සිසුන් දින 100 ඉක්ම වූ සත්‍යග්‍රහ දෙකක සිටින්නේ උපාධි කප්පාදුවට එරෙහිව බව ඔහු දන්නේ නැත. විසඳුම් නැති තැන ඔවුන් කොළඹ ද සත්‍යග්‍රහයක් ආරම්භ කල බව ඔහු දන්නේ නැත. 
පසුගිය මාර්තු 19 වනදා කොලබට දැවැන්ත පා ගමනක ගිය අපට කඳුලු ගෑස්, ජල ප්‍රහාර එල්ල කල බව ඔහු දන්නේ නැත. දන්නවා නම් අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරනු ඇත. 
නමුත් පන්ති තහනම් වුගේ අපේය, උසාවි යන්නට සිදු වුයේ අපේ වුන්ටය, හිරේ ලගින්නට සිදු වුයේ අපේ වුන්ටය. 

මෙවර අලුත් අවුරුදු කන්නට ඔහු ගමට යන්නේ මේ කිසිවක් නොදැනය. සාර සුබාවට අවුරුදු කෑම මේසය හදන්නෙත්, නැකතට ගෙදර සිටම චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නේ මේ කිසිවක් නොදැනය. රජරට ශිෂ්‍යයෝ, සම සෞඛ්‍ය ශිෂ්‍යයෝ අව්රුද්දට ගෙදර නොයා මහ පාරේ බව නොදැනය. දන්නේ නම් ඔහු නැකතට කන පළමු කිරිබත කට උගුරෙන් පහලට නොයනු ඇත. 
නැත......
ඔහුට කිසිඳු අවුලක් නැතිව කිරිබත් කෑ හැකිය. බද පිරෙනකම් කෑ හැකිය. දරු තිදෙනා ළඟ තබාගෙන කැවිය හැකිය. 
මෙවරත් රිදෙන්නේ ආඩම්බරකාර තාත්තාට නොව අපේ තාත්තාටය, අම්මාටය පුතා අවුරුද්දට ගෙදර නැත. 
ඔහු හැම දේම දන්නේය, මිනිමරන්නේ ඔහුය, කඳුළු ගෑස්, ජල ප්‍රහාර ඔහුගේ අනින් දියත් වන ඒවාය. නොදන්නා සේ සිටීම ඔහුගේ දේශපාලනය ය. සටන් දියාරු වී කවුරු කවුරුත් ඔහු ළඟ වැඳ වැටෙන්නට යා යුතුය, එවිට මේවා බොහෝ සරල ප්‍රශ්නය. ඇත්තේ සරල විසඳුම්ය. 
ඔහුගේ දේශපාලනය තුල අපේ අම්මා, තාත්තා හැඩිය යුතුය. අප මැරෙන්නට සුදානම්ව සිටිය යුතුය. ඔහුට අවැසි මොහොතේ අප මරණය වැළඳ ගත යුතුය. 
ඔව් ඔහු හොඳය, ආඩම්බරකාරය,
මහින්ද රාජපක්ෂ නම් මෙරට නායකයා හොඳ මිනීමරුවෙකි,
ආඩම්බරකාර මිනීමරුවෙකි............ 
Share this article :

1 comments:

  1. May be true or may not. But, it's too hard at the beginning of this new year. What I feel is you guys are pushing people to the negative at the very beginning of this year. Even before having the first KIRIBATH SLICE.

    ReplyDelete