Home » » රටේ තීරණාත්මක දේට මැදිහත් වීමේ අයිතිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට තිබෙනවා - FUTA සභාපති

රටේ තීරණාත්මක දේට මැදිහත් වීමේ අයිතිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට තිබෙනවා - FUTA සභාපති

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, February 25, 2014 | 4:26 PM


රටේ තීරණාත්මක දේට මැදිහත් වීමේ අයිතිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය. තේනුවර මහතා එසේ අදහස් පල කලේ අයිතීන් දින ගැනීමේ සිසු ජන ව්‍යපාරය සංවිධානය කල “නව ලිබරල ධනවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්ම ” සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කරමිනි.
මෙම සම්මන්ත්‍රණය පසුගිය 23 වන දින අනුරාධපුර පොළ අසල ප්‍රජා ශාලාවේදී පැවැත්විණ.
එහිදී තේනුවර මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය,
“පාරවල් හදලා තියෙනවා. නායකයෝ, පාරවල් හදන අය මාර්ග ඵල ලබාගන්නවා. මාර්ග ඵල ලබාගෙන සියලුම දේවල් සාක්කු වලට දා ගැනීමේ ව්‍යාපෘතියක නියැලෙනවා. ඒ නිසා අපට පේනවා ඇස් බැන්දුම්කාර සමාජයක් නිර්මාණය කරලා තියෙනවා, ඒ නිසා සමහර විට ජනතාව නොමඟ යවන්නට මාර්ග හදමින් නොමඟ යවන්නට තමයි මේ ආණ්ඩු කල්පනා කරන්නේ, ඒ නිසා අපි අවධියෙන් සිටිය යුතු කාලය ඇවිල්ලා. මේ වගේ අස්ථාවර අවසථාවක් ආය එන්නේ නෑ මොකද තමන්ට ඉදිරියට යන්න පුලුවන්ද බැරිද කියන එක උරගා බලන මොහොත ආණ්ඩුව ඉන්නේ.
අපි විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විදියට තීරණය කරලා තියෙනව සමාජීය වශයෙන් වැදගත් කාරනා වලට මැදිහත් වෙන්න. අධ්‍යාපනයට 6 % ක් ඉල්ලලා දිගින් දිගටම මේ වනතුරු අපි සටන් කරනවා, ආචාර්යවරුන් විදියට අපි සටන් කරනකොට අනෙක් ප්‍රජාව විදියට ඉන්න ශිෂ්‍ය ප්‍රජාව දුරස්ථ පිරිසක් හැටියට සලකන්න බෑ, ඔවුන් හුදෙක් වස්තු විෂයක් නෙවෙයි, ඔවුන් සජීවී මිනිසුන්. අනික ඔවුන් වයස 18 ට වැඩි අය, තමන්ට ඡන්ද බලය තියෙන අය, ඒ නිසා රටේ තීරනාත්මක දේට මැදිහත් වීමේ අයිතිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාට තිබෙනවා කියන එක අපි හැමෝම පිළිගන්න ඕන. ඔවුන් පාසල් ශිෂ්‍යයෝ නෙවෙයි. අනගතය තීරණය කරන අනාගතයට දායක විය හැකි, අනාගතයේ ප්‍රධාන නියමුවෝ ශිෂ්‍යයෝ.
අපි හිතුවා ජනතාවාදී රජයක් ලැබුණාම ජනතාවට සහන ලැබෙයි කියලා, නමුත් එහෙම උනේ නෑ. ජනතාව ඇන්දවීමේ ව්‍යාපාරයක් මිසක එතනින් එහාට පාලනයක් ගැන හිතන්නේ නෑ, ඔවුන් හඳුනා ගන්නවා ශිෂ්‍ය ව්‍යාපාරය හඬක් නැගීමේ බලවත් කොටසක් බව හඳුනාගෙන තියෙනවා. 1978/81 කාලවලදී පටන් ගත්ත ශිෂ්‍ය මර්දනය සහ අධ්‍යාපන විකෘති කිරීම් වලට ඔබ්බෙන් ගිහිල්ල මෙම රජය අනෙක් සියලු තිබුණු රජයන් පරදවමින් ශිෂ්‍ය ප්‍රජාවත් ජනතාවත් පීඩනයට පත් කරනවා. ඒ සංඛ්‍යාලේඛන දිනෙන් දින වැඩි වෙනවා.
ශිෂ්‍යා අතුරුදහන් කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා, නෝට්ස් කටපාඩම් කරලා විභාග සමත් වෙන කණ්ඩායමක් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා, නෝට්ස් කටපාඩම් කරන්න තැනක් නැති කරන ව්‍යාපෘතියක් තියෙනවා ඒ නිසා විශ්වවිද්‍යාල තවදුරටත් පවත්වාගෙන යාමේ වුවමනාවක් රජයට නෑ, ඉතිහාසය තුල වඩාත් ධනපති කියපු ආණ්ඩු වලටත් වඩා ඉතා ඉක්මනින් සියුම්ව ජනතාවගේ අයිතිවාසිකම් නැති කරනවා.
නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමහර වෙලාවට පාලකයන් පැත්ත ගැනීම  කණගාටුවට කාරණයක්.
නමුත් FUTA විදියට ශිෂ්‍යයන්ගේ සියලු  සාධාරණ අරගල වලට පෙනී හිටිනවා,
මට දිගින් දිගටම සම්මේලනය තුල දී දිගින් දිගටම  බලපෑම් ආවා ඇයි යන්නේ නැත්තේ කියන කාරණය සම්බන්ධයෙන්, ආචර්යවරු කියන්නේ ඉගෙන ගනිමින් උගන්නවන පිරිසක් ඒ නිසයි එහෙම වෙන්නේ, අපි හිතනවා එක ඔබලා තේරුම් ගනී කියලා, ඔබලාට පහර දෙන වෙලාවේ එන්න බැරි උනත් ඒ සම්බන්ධයෙන් කොළඹ සම්මේලනය ඇවිලෙමින් තිබුනේ.
මිනිසුන් තමන්ගේ රස්සාවට අධ්‍යාපන කටයුතු වලට හිර කරලා නිවෙස් වල ගාල් කරලා බියෙන් ජීවත් වන සමාජයක් නිර්මාණය කරලා තියෙනවා, අනුරාධපුර යාපනය වගේ පති වල ඉඩම් අල්ලගන්න එයාලට අමාරු නෑ, හැබැයි කොළඹ ඉඩම් අල්ලගන්න එක අමාරුයි, ඒ නිසා ත්‍රස්‌තවාදය මර්දනය කරන විදියට තමයි වනාතමුල්ලේ ඉඩම් අත්පත් කරගෙන යන්නේ. නමුත් බිය කොතරම් ඉදිරියේ තිබුනත් ජනතාව නැගී  සිටින බව අපට පේනවා ඔවුන් බංකර තුලින් එලියට එනවා, ඒ මිනිසුන් සමඟ සමාජයේ යහපත් වෙනස සඳහා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය හරි රැකගන්න කටයුතු කරන්න ඕන.
පීඩාවට පත් අය වෙනුවෙන් සහන ලබා දිය යුතු ආයතන, තීන්දු ගත යුතු ආයතන කරන්නේ අධික රණ කටයුතු, අධිකරණ වෙනුවට අධික රණ කටයුතු වල නිරත වෙනවා. හොරෙන් අණ පනත් සම්මත කරගෙන තියෙනවා, කිරිබත් කාලා යුධ වීරයන් සමරපු මන්දමානසිකත්වය තුල අපි අන්ධ මිනිසුන් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා. නමුත් මේකෙන් මිදීමට අවශ්‍යයි, එකට හුදකලා සටන් වලින් එක කරන්න බෑ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන විතරක් නෙවෙයි සියලු ජන කොටස එකතු විය යුතුයි, මොකද පළමු ශ්‍රේණියේ ශිෂ්‍යයාට පවා සටනට බහින්න වෙලා තියෙනවා,
මේ පාලනයෙන් කරන්නේ පාලනය කර ගත හැකි මැටි පිඩවල් නිර්මාණය කරගන්න. යටහත් පුරවැසියන් නිර්මාණය කරගන්න. යටහත් පුරවැසියන් නොවී නිදහස් පුරවැසියන් වීම සඳහා අනිවාර්යයෙන්ම සටන් කිරීම හැර වෙනත් විසදුමක් නෑ, එක පොලු මුගුරු වලින් විතරක් කරන එකක  නෙවෙයි, විවිධ සටන් ක්‍රම තියෙනවා බුද්ධිමත්ව ක්‍රියා කලයුතුයි.  ”

Share this article :

0 comments:

Post a Comment