Home » » සිසු - කම්කරු බලවේග එක්ව සටන් මඟට...

සිසු - කම්කරු බලවේග එක්ව සටන් මඟට...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, February 11, 2014 | 5:55 PM


ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය ප්‍රමුඛ ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව සංවිධානය කල විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද අනුරාධපුර රෝහල හා උතුරු මැද පළාත් සභාව ඉදිරිපිටදී අද(11) දින පැවැත්විණ. අනුරාධපුර මහ රෝහල ඉදිරිපිට උද්ඝෝෂනයේ යෙදුනු පිරිස අනතුරුව පා ගමනින් උතුරු මැද පළාත් සභාව ඉදිරිපිටට පැමිණ එහිදීද උද්ඝෝෂනයේ නිරත විය.
විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් වුයේ
·         කනිටු සේවකයන් අතුරින් තොරාපත්කල යුතු පුරප්පාඩු වහාම පිරවීම
·         දෛනික වැටුප් ලබන සේවකයන් ස්ථීර කරන කිරීම
·         කනිටු සේවක තනතුරු වලට අදාළ අනුමත සේවක සංඛ්‍යාවක් ප්‍රමාණවත් පරිදි ඉහල දැමීම
·         අහාර දීමනාව රු. 3000 ක් ලෙසත් එය සියලුම කනිටු සේවකයන්ට ලබා දීම
මෙම ඉල්ලීම් මීට පෙර කිහිප වතාවකදීම අදාල බලධාරීන් දැනුවත් කලද කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු තැන මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට එළඹීමට ඔවුන් තීරණය කල තිබිණ. ඒ අනුව පළාත් සභාව වෙත ගිය උද්ඝෝෂකයින්ට පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට සන්දේශයක් බාර දුන් අතර, අමාත්‍යවරයා හමුවීමට ගිය වෘත්තීය සමිති නායකයන්ට ලැබුණු පිළිතුර වුයේ ප්‍රතිපාදන නොමැති කම නිසා මෙම ඉල්ලීම් ලබා දිය නොහැකි බවයි. ඒ අනුව ඔවුන් සියලු සමාජ බලවේග ඒකරාශී කරගත් සටනකට අවතීරණය වීමට තීරණය කළහ.
මෙම උද්ඝෝෂණයේ විශේෂත්වයක් වුයේ මෙම සෞඛ්‍ය සේවකයින්ට සහයෝගය දැක්වීම සඳහා රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යවන් සියයකට අධික පිරිසක් එක සිටීමයි. රජරට සිසු අරගලයට සහය දැක්වීම සඳහාද මේ වන විට මෙම වෘත්තීය සමිති කොන්දේසි විරහිතව එකඟතාව පල කර ඇත.
ඒ අනුව මේ වනවිට සිසු කම්කරු බල වේගය ගොඩ නැගී අවසන්ය. ඉදිරියේදී මේ එකමුතුව හරහා සමාජයේ සියලු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මේ අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රමයකට මුල පුරනු ඇත.

Share this article :

0 comments:

Post a Comment