Home » » සත්‍යග්‍රහයට දින 70 යි. විසඳුම් මෙන්න...

සත්‍යග්‍රහයට දින 70 යි. විසඳුම් මෙන්න...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, February 17, 2014 | 8:23 AM



අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (17) දින 70 කි. නමුත් අදාළ කිසිඳු ගැටලුවකට විසදුම් දීම වෙනුවට විශ්වවිද්‍යාල පරිපාලනය සිසු ජීවිත පවා අවධානමට ලක් කරමින් කටයුතු කරන්නේ මෙරට වත්මන් ආණ්ඩුවේ දේශපාලන වුමනාවන් ඉටු කිරීමේ පරමාර්ථයෙනි.
ඒ අනුව මෙරට ආණ්ඩුව කටයුතු කලේ විශ්වවිද්‍යාල පරිපාලනය යොදා ගනිමින් බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් සත්‍යග්‍රහය නැවත්වීම උදෙසා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කිරීමය. නමුත් ඒ හරහා සිසු ගැටළු කිසිවකට මෙතෙක් පිළිතුරු ලැබී නොමැත. මෙම සත්‍යග්‍රහය ආරම්භ කල පසු ගැටළු විසදීම වෙනුවට අපට ලබා දී ඇති දේ මෙසේයි.
·         සිසුන් 30 කට අධික පිරිසකට බොරු චෝදනා ඉදිරිපත් කරමින් දෙමාපියන් ගෙන්වා බිය වැද්දීම හා තර්ජනය කිරීම
·         බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් මහා ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීම.
·         සාමකාමීව සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම (ඔවුන්ට රුපියල් 50000 බැගින් ශරීර ඇප නියම කෙරිණ)
·         අවස්ථා දෙකකදී පොලිසිය සත්‍යග්‍රහයට පහරදීමට උත්සාහ කිරීම
මේ වන විට මෙම අරගලය සඳහා වෘත්තීය සමිති, බහු ජන සංවිධාන රැසක සහය ලැබී ඇත. අදාල ප්‍රශ්නයට විසඳුම් දීම වෙනුවට සිසු ජීවිත තවදුරටත් බිලි දීමේ වගකීම මෙරට ආණ්ඩුව සහ විශ්වවිද්‍යාල පරිපාලනය භාර ගත යුතුය.
Share this article :

0 comments:

Post a Comment