එසේ පොලිසියට එය විසුරුවා හැරීම සඳහා වූ අවසරය
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබෙන්නේ ආණ්ඩුවේ හෙන්චයියෙකු
වන රජරට විශ්වවිද්‍යාලයේ විනයපාලකවරයා විසින් කරන ලද සම්පූර්ණයෙන්ම අසත්‍ය
පැමිණිල්ලක් මූලික කරගනිමිනි. නමුත් මෙම පැමිණිලි කිසිවක් නිසි විභාගයකින්
තොරව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබෙන අතර මෙසේ බොරු පැමිණිලි සිදු
කිරීම හරහා පොලිසිය මෙන්ම අධිකරණයද දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව මේ අනුව
පැහැදිළි වී ඇති කාරණයකි. එසේම ඊයේ දිනයේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට
පැමිණි පොලිසිය ඉතා සාමකාමීව සත්‍යග්‍රහයේ නිරතව සිටි සිසුන් 8දෙනෙකු අත්
අඩංගුවට ගැනීමට කටයුතු කළහ. එම සිසුන් 8දෙනා ඊයේ දිනයේදී රු.50000 බැගින්
වූ ශරීර ඇප මත නිදහස් කෙරිණ. එසේම ඊයේ දිනයේ 1500 කට අධික රජරට
විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් අනුරාධපුර නගරයට රැස්ව විරෝධතා
දක්වමින් 66වන දිනටත් සත්‍යග්‍රහයේ නිරත විය. ඒ අනුව ඉදිරියටත් සත්‍යග්‍රහය
ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාලයේ සිසුන් තීරණය කර ඇත.
සාමකාමී සත්‍යග්‍රහයට පොලිසියෙන් කඩා පනී...
Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, February 14, 2014 | 1:51 PM
Related Articles
If you enjoyed this article just click here, or subscribe to receive more great content just like it.
0 comments:
Post a Comment