Home » » ක්ෂනිකා නෝනා බබා

ක්ෂනිකා නෝනා බබා

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, March 4, 2014 | 12:38 AM


විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් 
27ක් ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයයට අදට(03/03) 
දින 84කි.දින 84ක් ගතවනතුරුත් මේ පිලිබඳ කිසිඳු සැලකිල්ලක් නොදැක්වූ විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව අදාළ ගැටලු පිලිබඳ සාකච්ඡා කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට සාකච්ඡාවක් ලබා දී තිබුණි. මෙම සාකච්ඡාව අද සවස 5  කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වින.  සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද, රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලේඛකාධිකාරිවරයා විනය පාලකවරයා සහ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු පිරිසක්ද රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත පිරිසක්ද එක්වූහ.

සාකච්ඡාව ආරම්භයේ සිටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරිය හැසිරුනේ රජරටට සම්බන්ධ ප්‍රශ්න කිසිවක් පිළිබඳව පූර්ව අවබෝධයක් නොමැති ආකාරයෙන්ය. ඇය සිසු නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ ඇයට රජරට සරසවි ගැටළු ඇති වූ අකාරය පිළිබඳව හෝ ඒවායේ වත්මන් තත්ත්වය පිළිබඳව  අවබෝධයක් නොමැති බැවින් ඒවා පිළිබඳව සොයා බැලීම සඳහා මාස 2  පමණ කාලයක් ලබා දෙන ලෙසයි. එම කාලය තුලදී මේ සම්බන්ධයෙන් සිසුන් විසින් ගෙන යනු ලබන අරගලය නවතා දමන ලෙසද ඇය සිසු නියෝජිතයින්ට බල කර සිටියාය. නියෝජිතයන් විසින් ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමට උත්සාහ කලද  සඳහා ඉඩක් නොලැබුණු අතර අපට වැටහුණු ආකාරයට ඇයට අවශ්‍ය වී තිබූ  වූයේ ගැටළු සඳහා විසඳුම් ලබා දීම නොව සිසුන්ගේ සත්‍යග්‍රහය ක්‍රියාමාර්ගය කෙසේ හෝ නවත්වා දැමීමයි.

අපගේ ඉල්ලීම් පිලිබඳ සාකච්ඡා  කරන විට ඇය  ලබා දුන් පිළිතුරු අනුව  බව මනාව පැහැදිලි වේ.මෙම සියලු ප්‍රශ්න වලට මුල් වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සංවිධානය කල රජරට විශ්වවිද්‍යාලයේදී 2013 ජුනි 20 වනදා පැවති ගමයි සරසවියයි වැඩසටහන ඇයට  අනුව ඉතා සාර්ථක වැඩසටහනකි. නමුත් ශිෂ්‍ය නායකයින් 8 දෙනෙකුට පන්ති තහනම් ලබා දෙන්නේ මෙකී උළෙල කඩාකප්පල්  කල බවට චෝදනා නඟමිනි. විශ්වවිද්‍යාල පරිපාලනය එවන් පන්ති තහනම් ලබා දීම ගැන ඇයට  ඇත්තේ පුදුමයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියක් ලෙස කටයුතු කල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වත්මන් සභාපතිවරිය,වසර 30 ක් තිස්සේ සමරන ශිෂ්‍ය වීර දිනය ගැන නොදන්නා බව කීමද අවාසනාවන්ත තත්ත්වයකි. අනෙකුත් පන්ති තහනම් ලබා දීමට හේතු පවා ඇයට වැදගත් වුයේ නැත.

එනම්  විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය විකිණීම නැවැත්විය නොහැක්කේලෝකයේ කොහෙවත් අධ්‍යාපනය නොමිලේ ලබා නොදෙන නිසා බව ඇය  පැවසීය. එසේම විශ්වවිද්‍යාලයේ ජල ගැටලුව විසදීමට ඇති ඉඩකඩපිළිබඳව සොයා බැලීමට නිලධාරීනට උපදෙස් ලබා දුන් අතර පසුගිය දිනෙක විශ්වවිද්‍යාලයේ ජල නල පද්ධතියේ සර්පයෙකුගේ මල කුනක් පැමිණීම ඇයට  තවත් පුදුමයකි, ඇයට පුදුමය ඇත්තේ එක සර්පයෙකු පමණක් පැමිණීම මිසක සිසුන්ට අපිරිසිදු ජලය බීමට   සිදු වීම සම්බන්ධව නොව එමෙන්ම විශ්වවිද්‍යාලය තුල ස්වාධීනත්වය තහවුරු කිරීම හා දේශපාලන මැදිහත්වීම් නැවත්වීම යන ඉල්ලීම් වලදී ඇයට සෘජු පිළිතුරු නොවීය. ව්‍යවහාරික විද්‍යා පීඨ ගොඩනැගිල්ල පැය 24 ම විවෘතව තැබීමට අදාලව ඇය විශ්වවිද්‍යාල පරිපාලනයට දැනුම් දුන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසයි. නමුත් එය විවෘත කර තැබීම සම්බන්ධයෙන් ඇයට තිබුනේ පරීක්ෂණ ආදිය නොකෙරෙන්නේනම් එය විවෘත තබන්නේ මන්ද යන කාරණාවයි. නමුත් විශ්වවිද්‍යාලය තුල පරීක්ෂණ කිරීමේ තත්ත්වයක් තිබේද යන්න ඇය  වෙනමම සොයා බැලිය යුතුය.

මේ සියලු ගැටළු වෙනුවෙන් විශ්වවිද්‍යාල පරිපාලනය සිය සුපුරුදු රංගනය යොදා ගනිමින් සම්පුර්ණ අසත්‍ය ප්‍රකාශ කරමින් හැසිරීම හාස්‍ය ජනකය. උපකුලපතිවරයාගේ ප්‍රකාශ අනුව පැහැදිලි වන එකම කාරණය ඔහුට විශ්වවිද්‍යාලය තුල ගත හැකි කිසිම තීරණයක් නොමැති බවයි. 

අදාල ප්‍රශ්නය විසදීමේ කිසිඳු වුවමනාවක් මෙම සාකච්ඡාව තුල නොතිබූ අතර අවසානයේ උපකුලපතිවරයා ඇතුළු විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන් පිටතට යවා ශිෂ්‍ය නියෝජිතයන් සමඟ  සාකච්ඡා කිරීමට   සභාපතිතුමිය කටයුතු කලද අවසානයේ සාකච්ඡා මේසයෙන් නැගිට ඒමට සිසු නියෝජිතයින් තීරණය කලේ සත්‍යග්‍රහය ඉවත් කිරීමට අවම අවශ්‍යතාවය ලෙස අප ඉදිරිපත් කල පන්ති තහනම් 27 වත් කිරීමට මාස දෙකක කාලයක් ඉල්ලීම සහ ඒ අතරතුර සත්‍යග්‍රහයය නැවත්වීමට තරම් පාලකයන් විශ්වාස කිරීමට හැකියාවක් නොමැති බැවිනි.
රටම මේ වන විට දන්නා රජරට ප්‍රශ්නය  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමිය නොදන්නවා යැයි  කීම හාස්‍යට කාරණයකි. එසේ නම් එතුමිය සාකච්ඡව කැඳවා ඇත්තේ මේ ප්‍රශ්නය  හොදින්ම දන්නාඑසේම සිසුන්ගේ සටන් කෙසේ හෝ නැවත්වීමට උත්සහා ගන්න කෙනෙකුගේ නියෝග මතය.මේ සාකච්ඡව පුරා එතුමියගේ හැසිරීම ඉතා ව්‍යාකුල ආකාරයක් ගත බව අපට දිස්විය.වත්මන් විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති අර්බුද ගැන නොදත් සභාපතිවරියක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කුමකටද?


Share this article :

0 comments:

Post a Comment