Home » » රජරට සිසු අරගලය යලි ඇරඹේ...

රජරට සිසු අරගලය යලි ඇරඹේ...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, December 9, 2013 | 9:07 PM

ආණ්ඩුව කරගෙන යනු ලබන අධ්‍යාපනය විකිණීමට එරෙහිව සටන් වදින සරසවි ශිෂ්‍ය ප්‍රජාව මර්දනය කිරීමේ එක පියවරක් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 දෙනෙකුට අසාධාරණ ලෙස පන්ති තහනම් පැනවීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර තිබිණ. ඒ අනුව මෙකී අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කර ගැනීම අතුලු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාලයේ සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නිරත විය. නමුත් අදාළ ගැටලු විසඳීම සම්බන්ධයෙන් උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය කිසිඳු තීරණයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම විරෝධතාව උපකුලපති කාර්යාලය දක්වාම ගෙන යාමට සිසුන්ට සිදු විය. ඒ අනුව ඔක්තෝම්බර් මස 30 වන දින උපකුලපති කාර්යාලය අසලටම ගිය සිසුන් සිය විරෝධතාවේ නිරත විය. එහිදී උපකුලපතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දෙමින් පවසා සිටියේ මාසයක් ඇතුලත පන්ති තහනම් සම්බන්ධයෙන් විසදුමක් ලබා දෙන බවයි. නමුත් අදාළ දින 30 ඉක්ම වී සතියකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇතත් කිසිඳු තීරණයක් ගැනීමට පරිපාලනය අපොහොසත් විය.

ඒ අනුව අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මුලික කරගනිමින් යලි සටන් ක්‍රියාමාර්ග වලට පිවිසීමට සිසුන් තීරණය කර ඇත. ඒ අනුව අද දවසේදී විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් පවතී අතර විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය දෙපස රැදී සිටිමින් පැය 2 කට අධික කාලයක් විරෝධතාවේ නිරත විය. 
එම සටන් ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවරක් ලෙස හෙට (10) දිනයේ සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය තීරණය කර ඇත. එහිදී කිසිඳු එකගතාවකට පැමිණීමක් සිදු නොවන අතර සියලු ගැටළු වලට ස්ථීර විසදුම් ලබා දෙන තුරු සත්‍යග්‍රහයේ නිරත වීමට තීරණය කර ඇත.

ඡායාරූප මෙතනින්...

Share this article :

0 comments:

Post a Comment