Home » » යුරේකා යුරේකා රජරට මර්දන යන්ත්‍රය සොයා ගැනේ...

යුරේකා යුරේකා රජරට මර්දන යන්ත්‍රය සොයා ගැනේ...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, December 19, 2013 | 11:28 AM

අද (18)උදෑසන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය පරිපාලනය හා දෙමාපියන් අතර පැවති ගුරු දෙගුරු රැස්‌වීමක් සඳහා දෙමාපියන් කැඳවා තිබු අවස්ථාවේදී උපකුලපති විසින් දඬුවම් දිය යුතු විනය විරෝධී සිසුන් තෝරා ගැනීම සඳහා භාවිතා කල ලොතරැයි යන්ත්‍රය සොයා ගෙන ඇත.
ශ්‍රී FM සල්ලි වැස්සේ දී භාවිතා වන ආකාරයේ යන්ත්‍රයක් වන මෙය එක්තර පියෙකු විසින් උපකුලපති කාමරය අසල කුටියක තිබී මුලින්ම දැක ඇත.
වැඩිදුර පරීක්ෂණ වලදී එම යන්ත්‍රය භාවිතයෙන් වැරදිකරුවන් සොයා ගන්නා ආකාරය පහත ආකාර බැව් සොයාගෙන ඇත. විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන්ගේ නම් , ලියාපදිංචි අංක හා ලිපිනයන් සහිත කඩදාසි, යන්ත්‍රය තුලට ඇතුළු කර ඒ තුලට පිලිවෙලින් උපකුලපතිවරයා, විනය පාලකවරයා හා පීඨාධිපතිවරුන් එකා බැගින් ඇතුළු වෙති. ඉන්පසු යන්ත්‍රය ක්‍රියාත්මක කරන අතර එහෙ මෙහේ විසිරී යන කොල අතුරින් ශ්‍රී FM සල්ලි වැස්සේ සල්ලි අල්ලන ආකාරය අනුව අතට අසුවන වාසනාවන්තයින් අල්ලා ගනිති. එක් එක් පුද්ගලයා සඳහා විනාඩි 2 ක කාලයක් ලැබෙන අතර පාලකයන්ගේ අතට අසුවන කොළ වල නම් සහිත සිසුන් විශ්වවිද්‍යාලයේ විනය විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වුවන් ලෙස තරගයේ නීති රීති වලට අනුව තේරී පත් වේ.

මෙහිදී එක් එක් පුද්ගලයා අනුව දඬුවම් තීරණය වන ආකාරය පහත පරිදි වේ.

  • උපකුලපති තෝරන වාසනාවන්තයින්  - මාස6 ක පන්ති තහනම් 
  • පීඨාධිපතිවරුන් තෝරන වාසනාවන්තයින් -අවුරුදු 2 සහ 3 බැගින් පන්ති තහනම් 
  • විනයපාලක තෝරන වාසනාවන්තයින්  - අවුරුදු 5 බැගින් පන්ති තහනම් 
සැනසිලි තෑගී ලෙස සිසුන්  බිය වැද්දීම්, විභාග අසමත් කිරීම, දෙමාපියන් ගෙන්වා නොකළ වැරදි කල බව පවසමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට බිය වැද්දීම.

දැනට වාසනාවන්තයින් වූ සිසුන් ගණන

  • මාස 6 ක පන්ති තහනම්  - 8
  • අවුරුද්දක පන්ති තහනම් - 1 
  • අවුරුදු 2 ක පන්ති තහනම් - 9
  • අවුරුදු 3 ක පන්ති තහනම් - 4 
  • අවුරුදු 5 ක පන්ති තහනම් -5 
  • සැනසිලි තෑගී - 30 
මීළඟ වාසනාවන්තයා ඔබ විය හැකියි.
මෙම තරගයේ අවසන් තීරණය අධීක්ෂණ මණ්ඩලය සතු වන අතර එහි එකම සාමාජිකයා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා වේ.


Share this article :

2 comments:

  1. බලන් හිටපල්ලා......
    උඹලා මෝඩයෝ ටික වහ කැවා තමා...

    ReplyDelete