Home » » මහපොළ සටන පෙරට, රජරට සිසුන් පා ගමනක...

මහපොළ සටන පෙරට, රජරට සිසුන් පා ගමනක...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, December 12, 2013 | 11:09 PM

මහපොළ හා ශිෂ්‍යාධාර වාරික රුපියල් 5000 ක් දක්වා වැඩි කරන ලෙසත් , අධ්‍යාපනයට 6 % ක් වෙන් කරන ලෙසත් බල කිරීමේ විරෝධතා පාගමන් සහ උද්ඝෝෂණ කිහිපයක් විශ්වවිද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් වල සහභාගීත්වයෙන් සිදු කෙරිණ.
ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයීය විරෝධතා පා ගමන අනුරාධපුර නුවර වැව අසල සිට අනුරාධපුර නව බස් නැවතුම් පල දක්වා පැවැත්විණ. පාගමනේ නිරත වූ සිසු සිසුවියන් අනුරාධපුර බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත විය. මේ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 4 ක සිසු සිසුවියන් එක්ව සිටියහ. මෙම අවස්ථාවට එක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම් කරු සංජීව බණ්ඩාර සහෝදරයා කියා සිටියේ,
“මේ වන විට ලැබෙන රුපියල් 2500 ක් වන මහපොළ මුදල හා රුපියල් 2000 ක් වන ශිෂ්‍යාධාර මුදල විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ මාසික වියදම් පියවා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර බෝඩිම් කුලිය පමණක් රුපියල් 3000 ක් වෙනවා. එමෙන්ම අනෙකුත් වියදම් ද සලකු විට විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ මාසික වියදම රුපියල් 10000  ක් 15000 විතර වෙනවා, එම මුදල සොයා ගැනීම සඳහා අධ්‍යාපන කටයුතු වලින් බැහැර වෙලා රැකියා කරන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදුව තිබෙනවා. වසර 8 ක් තිස්සේ වැඩි වුනු ජීවන වියදමට සාපේක්ෂව මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 කට වඩා ඉහල යා යුතුයි. එවැනි තත්ත්වයක් තුල ආණ්ඩුව තවදුරටත් සිදු කරලා තියෙන්නේ ප්‍රතිපාදන කප්පාදුවක්.” 

Share this article :

0 comments:

Post a Comment