Home » » පොලිස් නිවාස වලට මොකද වුනේ?

පොලිස් නිවාස වලට මොකද වුනේ?

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, December 21, 2013 | 12:26 PM




1996 වසරේ ජනවාරි මස 31 වන දින මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ 12 වන විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට එක් විය.

ආරම්භයේදීම නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ආරම්භ කල රජරට විශ්වවිද්‍යාලයේ සමස්ථ සිසු පිරිසෙන් 35 % කට පමණවත් අභ්‍යන්තර නේවාසිකාගාර නොතිබිණ.

නේවාසිකාගාර අර්බුදයට විසඳුම් ලෙස 1997 වර්ෂයේ මාර්තු මස 06 වන දින, විශ්වවිද්‍යාලය සතු වූ පොලිසියේ පරිහරණය සඳහා ගෙන තිබු නිවාස 09 ක් සහ නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස 06 කුත් විශ්වවිද්‍යාලයට පවරා දෙන ලදී.

2003 වර්ෂයේ මැයි මස 02 වන දින  නේවාසිකාගාර අර්බුදය විසඳා ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ පිහිටුවා ඇති පොලික් නිවාස සංකීර්ණය සිසුන්ට පවරා නොදීම නිසාත්, නේවාසිකාගාර ගැටලුව විසඳා නොතිබීම නිසාත්, පොලිසිය හා සිසුන් අතර ගැටුම් ඇතිවීම අවදානමද සලකා නිවාස 03 ක් වටලා ඒ ඇතුලට බලෙන් ඇතුළුවීමත් සමඟ සිසුන්ට සහ භික්ෂුන් වහන්සේලාට පොලිසිය අමානුෂික ලෙස පහර දෙනු ලැබීය.

නමුත් නේවාසිකාගාර ගැටලුවට නිසි විසඳුම් නොලැබිණ. නේවාසිකාගාර ගැටලුව ඇතුළු අධ්‍යයන හා සුබසාධන ගැටළු විසඳා ගැනීම සඳහා සිසුන් 2007 ජුනි මස 14 වන දින පරිපාලන ගොඩනැගිල්ල වටලා සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එහිදී වත්මන් පාලනය මෙන්ම බොරු පොරොන්දු ලබා දී සිසුන් රැවටීම හේතුවෙන් 2007 ජුලි මස 30 වන දින සිසුන් කොළඹ කොටුවේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනින් යාමට ගිය අවස්ථාවේ දී ද සිසුන්ට දැඩි ප්‍රහාරයකට ලක් වන්නට සිදු විය. ඒ අනුව ලිප්ටන් වටරවුමේ දී සිසුන් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සුදානම් වූ අතර අවසානයේදී අමාත්‍යංශ බලධාරීන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා මහා ශිෂ්‍ය සංගමයට සාකච්ඡාවක් ලබා දීමට එකඟ විය.

එහිදී ලද එක් ප්‍රතිපලයක් වුයේ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ පිහිටි පොලිස් නිවාස සංකීරණය වසරක් ඇතුලත සිසු අයිතියට පැවරීමට එකඟ විය.

මෙම තීරණයට අද වන විට වසර 6 කට අධික කාලයක් ගත වී ඇත.

ගැටලුව ඇත්තේ 2007 වර්ෂයේ රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සලකා බැලීමේදීය.

එහි උපකුලපති කාර්යාලය මඟින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ 2007.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුල්‍ය ප්‍රකාශන පිලිබඳ විගණකාධිපති වාර්තාව සම්බන්ධ විශ්වවිද්‍යාලයේ අදහස් හා ගෙන ඇති ක්‍රියාමාර්ග යනුවෙන් ඇති වාර්තාවේ ප්‍රමාද වූ ව්‍යපෘති ලෙස පොලිස් නිවාස පවරා ගැනීමේ කටයුත්ත දක්වා ඇත. ඒ සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් දශ ලක්ෂ 18 ක මුදලක් ලබා දී ඇති බවද සඳහන් වේ.




මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2008 ඔක්තෝම්බර් මස 31 වන දින නිකුත් කල ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ නේවාසිකාගාර සඳහා පොලිස් නිවාස පවරා ගැනීමට භාණ්ඩාගාරය 2006 වර්ෂයේදී රුපියල් මිලියන 18 ක මුදලක් ලබා දී තිබුනද එම පවරා ගැනීම 2008 අගෝස්තු මස 31 දින අවන් විටත් සිදු වී නොමැති බවත් අදාළ මුදල භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව 7 % ක පොලියක් මත 2006 සැප්තැම්බර් 15 දින සිට බැංකුවේ තැන්පත් කර ඇති බවයි.



ඒ අනුව තවදුරටත් මේ පොලිස් නිවාස පවරා ගැනීමක්  සිදු වී නොමැත.
නමුත් මෙම වසරේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී හෙළි වූ තවත් කාරණාවක් ඇත.


මෙහිදී අදහස් දක්වන රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පවසා සිටින්නේ අදාළ මුදල් ලැබී ඇති නමුත් පොලිස් නිවාස ලබා දීමට පොලිසිය එකඟ නොවීම නිසා ඒවා පවරා ගත නොහැකි බවයි. ප්‍රතිපාදන වෙන් කොට ඇත්නම් ඒවා වැය කොට අදාළ කාර්යය කිරීමේ හැකියාම උපකුලපතිවරයා සතුය. මෙම හඬ පටයට සවන්දීමෙන් පැහැදිලි වන තවත් කාරණයක් නම්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා රජරට උපකුලපතිවරයා තඹ සතයකට ගණන් නොගන්න බවයි. නේවාසිකාගාර ගැටලුව සාකච්ඡා කිරීමෙන් අනතුරුව තවත් ගැටළුවක් ඉදිරිපත් කිරීමට යන මොහොතේ ඔහුට ඊට කිසිඳු ඉඩක් නොලැබෙන අතර අදාළ ගැටලුව ඉදිරිපත් කිරීමද ඔහු අතහැර දමයි. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, ජනාධිපතිවරයා ඉදිරියේ කීකරු ගෝලයෙකු වන උපකුලපතිවරයා මේ පීඩනය පිට කරන්නේ සිසුන් හරහා බව හොඳින්ම පසක් වන කාරණයකි.



අප අසන ප්‍රශ්නය නම් මෙසේ මිලියන 20 ක මුදලක් ඇති බව පිලිගෙන ඇතත් තවමත් අදාළ පොලිස් නිවාස විශ්වවිද්‍යාලයට පවරා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි?

Share this article :

0 comments:

Post a Comment