Home » » අට වසරකට පසු...

අට වසරකට පසු...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, November 19, 2013 | 6:18 PM






 2005 වසරේ මෙරට පවතී ජනාධිපතිවරනය සඳහා ඉදිරිපත් වූ වත්මන් ජනාධිපතිවරයා එම මැතිවරණය සඳහා ඉදිරිපත් කල "මහින්ද චින්තන " ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලබා දී ඇති අධ්‍යාපනය සම්බන්ධ පොරොන්දු කිහිපයක් පිලිබඳ මෙසේ සටහන් තබමු...
  • නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය මේ වන විට අහෝසි කර හමාරය, මෙවරද උසස් පෙළ විභාගයේ ඉහලම සමාර්ථ ලබා ගත් විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇත. එලෙස විශ්වවිද්‍යාල වරම් අහිමි වුවන්ට ශිෂ්‍යත්ව ලබා දී පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඔවුන් ඇතුලත් කිරීමට කටයුතු කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක දී ජනාධිපතිවරයා පැවසුවේ, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තවමත් මෙරට වෛද්‍ය සභාව පිළිගත් එකක් නොවන බව නොදැන විය නොහැක.පසුගිය වසරේ සරසවියට ගත් පිරිස වැඩි කරන්නට සිදු වුයේ ආණ්ඩුවට ප්‍රතිපල නිසි පරිදි නිකුත් කරගන්නට නොහැකි වූ තැන සිසුන් නීතිය හමුවට ගිය නිසාවෙනි.  රටේ අනෙකුත් විශ්වවිද්‍යාල තුල සේම විවෘත විශ්වවිද්‍යාලය තුල පසුගිය කාල වකවානුව තුල අර්බුද නිර්මාණය කලේ රාජපක්ෂ ආණ්ඩුවමය. නිදහස් අධ්‍යාපනය රකිනවා යැයි රාජ්‍ය නායකයා පුරාජේරු කියවද්දී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ මෙරට හොඳම පෞද්ගලික රෝහල මාලඹේ හොර උපාධි කඩය සතු බවකි. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයටද හොඳම මහාචර්ය එකකය ලබා දුන් බව ඔහුම සති අන්ත පුවත්පතකට කියා තිබිණ. රජරට වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකය ලබා ගන්නට එහි සිසු සිසුවියන්ට වීදි බසින්නට සිදු විය. එම සිසුන් මර්දනය කරන්නට මහ රෑ විශ්වවිද්‍යාල භුමිය සිසුන්ට තහනම් කොට ශිෂ්‍යාවන් පවා එලියට ඇද දැමීය. රජරට වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකය ඉදි කරන්නට  ප්‍රතිපාදන නැතැයි කී බලධාරීන්, මාලබේ හොර උපාධි කඩය වෙනුවෙන් මහාචාර්ය ඒකකය ඉදි කරන්නට රුපියල් මිලියන 600 ක ණය මුදලක් ලබා දීමට තරම් කාරුණික විය. රටේ ආඩම්බරකාර තාත්තා මේවා නොදැන සිටින්නට ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට මුවා වී විශ්වවිද්‍යාල වසා දැමුනේ නිදහස් අධ්‍යාපනය රකින්නට නොව අධ්‍යාපනය විකිණීම සඳහා වූ "අධ්‍යාපන වෙළඳ කලාප " චාර්ල්ස් ලවා විවෘත කරගැනීමේ සතුට විදින්නටය. විශ්වවිද්‍යාල තුල පවතින සුභසාදන ගැටළු වලට පවා නිසි විසදුම් දෙන්නට අසමත්ව සිටියදී විශ්වවිද්‍යාල අවට ප්‍රදේශ සංවර්ධනය කිරීම අමුම අමු මුසාවක් බව වසර 8 කට පසු සක් සුදක් සේ පැහැදිලිය.


  •  2005 සිට 2010 වසර දක්වා වසා දමා ඇති පාසල් සංඛ්‍යව 350 ක් බව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කලේ මෙරට අධ්‍යාපන අමාත්‍යවරයායි.
















  •  බඩු මිල, බස් ගාස්තු, බදු බර මේ සියල්ල වසර පාසා වැඩි වුයේ රාජපක්ෂ ආණ්ඩුවම නිර්මාණය කල ඇතැම් ප්‍රශං හමුවේ ජනතාවට නොදැනෙන්නටය. රුපියල් 2500 ක මහපොළ සහ රුපියල් 2000 ක ශිෂ්‍යාධාර මුදල සිය නිවෙසේ වියදමට යට කරන්නට විශ්වවිද්‍යාල ශිෂ්‍යාට සිදු වී ඇත. ඉන්පසු බස් රථ ගානේ පත්තර විකුණා හෝ වැඩපලක වැඩ කරමින් සිය අධ්‍යාපනය සහ ජීවිතය ගැට ගසා ගැනීම උදෙසා මුදල් සොයන්නට ඔහුට සිදු වී ඇත. නමුත් වසර 8 ක පොරොන්දුවකින් පසු අදද මහපොළ හෝ ශිෂ්‍යාධාර මුදල රුපියලකින්වත් ඉහල ගොස් නැත. නිසි වෙලාවට ලැබෙන්නේද නැත.
  •  නේවාසික විශ්වවිද්‍යාල ලෙස මෙරට ආරම්භ වූ විශ්වවිද්‍යාල වලට පවා තවමත් අභ්‍යන්තර නේවාසිකාගාර පහසුකම් හෝ සැපයා නොමැත. ආචාර්ය හිඟය, දේශන ශාලා හිඟය හමුවේ විශ්වවිද්‍යාල තුල පර්යේෂණ කටයුතු තබා සමාසිකයට අදාල දේශන කොටස් නිමා කිරීමටද දැඩි පරිශ්‍රමයක් දැරීමටආචාර්යවරුන්ට සේම සිසුන්ටද සිදුව ඇත.    
මෙවන් නායකයෙකුගේ පදවි ප්‍රාප්තිය, ජන්ම දිනය සැමරීම අද දවසේ කිරීමට ඇති වැදගත්ම කාර්ය නොවන්නේද?
Share this article :

0 comments:

Post a Comment