විසදුම් ලබා දීම වෙනුවට මේ වන විට පරිපාලනය තවදුරටත් සිසුන්ගෙන් පළිගැනීමේ නින්දිත් ක්‍රියාකලාපයක යෙදී සිටී.ඒ අනුව විශ්වවිද්‍යාලය
සතු පුටු මේස රැගෙන ආ බවටත්, පරිපාලන කටයුතු වලට බාධා සිදු වන බවටත්, නීති
විරෝධී ලෙස විදුලිය ලබා ගෙන ඇති බවටත් චෝදනා කරමින් මහා ශිෂ්‍ය සංගමයේ
නිලධාරීන් 5දෙනෙකුට විරුද්ධව ම්හින්තලේ පොලිසියේ පැමිණිල්ලක් කිරීමට
විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර තිබේ.
කෙසේ වුවද අදාළ ඉල්ලීම් සියල්ලට විසදුම් ලැබෙන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යාමට සිසුන් තීරණය කර ඇත.
ඊට සහය දැක්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ද අද (30) දිනයේ සත්‍යග්‍රහය සඳහා සහභාගී විය.
ඉදිරියේදී අනෙකුත් විශ්වවිද්‍යාල වල සිසු සිසුවියන්ද මේ සඳහා සහභාගී වීමට නියමිතය.
0 comments:
Post a Comment