Home » » රජරට සිසු අරගලයට ජන බලවේග එක් වෙයි...

රජරට සිසු අරගලයට ජන බලවේග එක් වෙයි...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, January 28, 2014 | 5:55 PM


අසාධාරණ ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් ලබාදී ඇති පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසුන් ආරම්භ කර අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(28) දින 50 ක් සපිරේ. නමුත් මේ වන තෙක්  අදාළ ගැටළු විසඳා විශ්වවිද්‍යාලය තුල උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය අවසන් කිරීමට කිසිඳු උත්සහයක් ගෙන නොමැත.
මෙම පන්ති තහනම් ලබා දීමට මුලික කාරණය නම් අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වීමයි. ඒ අනුව මෙය විශ්වවිද්‍යාල ශිෂ්‍යාට පමණක් බලපාන කාරණක් නොව සමස්ත සමාජයටම බලපාන කාරණයකි. 
එම නිසා සමාජයේ සටන් කරන බලවේග ඒකරාශී කිරීමට මහා ශිෂ්‍ය සංගමය කටයුතු කල අතර, ආගමික නායකයින්,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමඟ කල සාකච්ඡාවකින් අනතුරුව කිසිඳු කොන්දේසියකින් තොරව සහය දැක්වීමට එකඟ විය. එහි පළමු පියවර වශයෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 50 ක් ගෙවෙන අද දිනයේදී ආගමික නායකයින්,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සත්‍යග්‍රහය සඳහා සහභාගී විය. ඒ සඳහා
ලංකා ගුරු සංගමය, අපි පුරවැසියෝ, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවක සංගමය, ආසනික් විරෝධී ජාතික ගොවි ව්‍යාපෘතිය, සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති බලමණ්ඩලය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමයඅනුරාධපුර මහ රෝහල  සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් පිරිසක් සහභාගී විය. 

අනතුරව පැමිණි පිරිස විසින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර වල ගැටළු සම්බන්ධයෙන් දැනුවත්  කිරීමේ වැඩසටහනක පැවැත්විණ
එහිදී අදහස් දැක්වූ ආසනික් විරෝධී ජාතික ගොවි ව්‍යාපාරය වෙනුවෙන් උතුරු හා මධ්‍යම දෙදිසාවේ ද්විතීය සංඝනායක මහමංකඩවල පියරතන හිමියන් ,
"අද නිදහස අධ්‍යාපනය කියලා එකක් නෑ,නිදහස්  සෞඛ්‍ය කියලා එකක් නෑ, අද මේ අරටේ රෝගීන්ගෙන් 50 % ක් බෙහෙත් ගන්නේ පෞද්ගලික බෙහෙත් ශාලා වලින්. ගොවීන්ගේ නිෂ්පාදන විකුණාගන්න බෑ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හොයා ගෙන තියනවා උතුරු මැද, ඌව, කුරුනෑගල, බදුල්ල හා අනුරාධපුර කියන ප්‍රදේශ වල සීග්‍රයෙන් වකුගඩු රෝගය පැතිරිලා යනවා කියලා. එම නිසා මේ විශ්වවිද්‍යාලෙ දරුවන්ට පිරිසිදු ජලය ලබා දීම අතවශ්‍ය කාරණයක් නමුත් එකවත් තවම සිද්ද වෙලා නෑ, මේ උපකුලපති එක්ක කතා කරලා වැඩක් නෑ මම මේ ගැන කතා කරන්න රැස්වීමක් ඉල්ලුවාම පැය බාගයක් දෙන්නම් කතා කරන්න එච්චර දෙයක් නෑ කියනවා, ඒ නිසා මේ පාලකයෝ එක්ක අපට සාකච්ඡා නෑ මේ දරුවන්ගේ වැඩේට අපි සම්පුර්න සහය දෙනවා."

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් පල කළේය
"පාසල් පද්ධතියේ ප්‍රශ්න විස්හල ප්‍රමාණය තියනවා, විශ්වවිද්‍යාල පද්ධතියේත් එහෙමයි. මේ සියලු ප්‍රශ්න වලට මුල තමයි අධ්‍යාපනයට අදාල ප්‍රතිපාදන වෙන් නොකිරීම. මේ ප්‍රශ්න විසදන්න නම් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපාදන වැඩි කල යුතුයි.
ඒ වගේම මේ අරගලය වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව සහය දෙනවා, මේ වෙනුවෙන් අපි පාසල් ක්ෂේත්‍රය සුදානම් කරනවා, මෙතනින් එහා ගිය වැඩකට අපි සුදානම්, මේ විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍යයන්ට නිදහස වාතාවරණයක් ඇති කලයුතුයි, මේ ප්‍රශ්න පිටුපස පැහැදිලි දේශපාලන මැදිහත් වීමක් තියනවා, තනතුරු  වෙනුවෙන් ගැති කම් කරන පාලක  පිරිසක් විශවවිද්‍යාලයේ ඉන්නේ ,ඒ නිසා මේ දේශපාලන මැදිහත් වීම් වහාම නැවැත්විය යුතුයි... "

ජනරජ සෞඛ්‍ය සංගමයේ උතුරු පළාත් ශාඛා සභාපති ටෙරන්ස් ගාමිණී මහතාද මෙහිදී අදහස් දැක්වීය.
"දැන් අවුරුදු 7 ක් වෙනවා සෞඛ්‍ය සේවකයන්ට අහාර සඳහා ලබා දෙන මුදල රුපියල් 1200 යි, ඔබේ මහපොළ වගේම තමා අපිට මේ මුදල ප්‍රමාණවත් නෑ.රෝගීන්ට දෙන කෑම වේල කිසිම ප්‍රමිතියක් නෑ, මේ කිසි දේකට නිසි වැඩපිළිවෙලක් නෑ පාලකයන්ට.අපේ ඇමතිවරයා තවම කිව්වේ නෑ රෝහල් මුදා නොගත් ප්‍රදේශ කියලා, හැබැයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියනව විශ්වවිද්‍යාල මුදා නොගත් ප්‍රදේශ කියලා , ශිෂ්‍ය නායකයෝ මරලා දානවා,මාධ්‍යවේදීන් මරනවා, අතුරුදහන් කරනවා. 2011 උසස් පෙළ සිසුන්ට විශ්වවිද්‍යාලයට එන්න කලින්ම පාරට බහින්න සිද්ධ වුනා .වැඩිපුර ගන්නවා කිව්වට ගත්තේ නෑ, 2012 අයටත් එකම වුන නමුත් කවුරුත් කතා කරන්නේ නෑ, ඒ නිසා මේ අරගලයට අපි සම්පුර්ණ සහය දෙනවා... " 

ගොවි නියෝජිත පී . සරනපාල මහතා මෙසේ අදහස් පල කළේය.
"මැති ඇමතිවරුන්ගේ දරුවන් දිහයි අපේ දරුවන් දිහයි බලපුවාම පැහැදිලි වෙනසක් පෙන්න තියනවා, දැන් පළමු වසරට සිසුන් ඇතුලත් කරන්න රුපියල් 3000 ක් ඉල්ලනවා . මෙම වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ පාලකයන්ට අපි කියනවා රජාගෙන් ලකුණු දාගන්න යන්නේ නැතිව මේ ප්‍රශ්න විසදන්න කියලා, මෙතන මානව හිමිකම් කඩ වීමක් තියෙනවා ඒ නිසා මෙවැනි තීරණ දෙන්න පාලකයෝ ලජ්ජා විය යුතුයි."

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් කුමාර සහෝදරයාද මෙහිදී අදහස් දැක්වීය.
"අද විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ප්‍රශ්න වලට අපි අපි සටන් කරනවා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න වෙනුවෙන් වෙනම සටන් කරනවා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න වෙනුවෙන් වෙනම සටන් කරනවා, නමුත් මේ හැම ක්ෂේත්‍රයකම ඇති වෙලා තියෙන අර්බුද වලට මුලික හේතුව තමයි මේ සමාජ ක්‍රමය. මේ ක්ෂේත්‍රයන් වල ගැටළු නිර්මාණය කරපු පාලකයන්ට එරෙහි වෙද්දී  අපි හැමෝටම මර්දනය එන්නේ.ඒ නිසා අපි එක්ව සටන් කලයුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අද දවසේ මේ බලවේග ඒකරාශී කරන්න අපි කටයුතු කලේ'

මෙම වැඩසටහනින් අනතුරුව අපි පුරවැසියෝ සංවිධානයේ ජයතිලක බණ්ඩාර මහතාගේ "බියෙන් අත්මිදෙමු" අභියෝගාත්මක ගී ත වැඩසටහනද පැවැත්විණ..






Share this article :

1 comments: