Home » » රජරට අරගලයට වෘත්තීය සමිති නායකයින්ගේ සහය...

රජරට අරගලයට වෘත්තීය සමිති නායකයින්ගේ සහය...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, October 4, 2018 | 1:34 PM

රජරට අරගලයට වෘත්තීය සමිති නායකයින්ගේ සහය...


විශ්වවිද්‍යාලය තුල මේ වනවිට උද්ගතව ඇත්තේ අර්බුදකාරී වාතාවරණයකි. අසාධාරණ පන්ති තහනම් 12 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මහා ශිෂ්‍ය සංගමය විසින්  ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වන විට දින 100ක් ගත වී ඇත. දින 100 ගෙවී සතියක් ගත වීමටත් පෙර පන්ති තහනම් ඉවත් කරනවා වෙනුවට තවත් පන්ති තහනම් 4ක් පැනවීමට පියවර ගෙන ඇති අතර විශ්වවිද්‍යාල පරිපාලනය මේ පිලිබඳ කිසිඳු නම්‍යශීලී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සුදානම් නැත. 
ඒ අනුව ඉදිරි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිසුන් තීරණය කර ඇති මොහොතක ඒ වෙනුවෙන් සමාජයේ සටන් කරන අනෙකුත් බලවේග වල සහය ලබා ගැනීම උදෙසා මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය නියෝජිතයින්, අධ්‍යාපන ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් හා නියෝජිතයින් හා ස්වාමීන්වහසේලා සමග සාකඡ්චා කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ අරගලය වෙනුවෙන් සහය දැක්වීමට එම වෘත්තීය සමිති නියෝජිතයින් 2018.09.29 වන දින අඛණ්ඩ සත්‍යග්‍රහය සදහා එක්වන ලදී. මේ ලෙස එක් වන ලද්දේ 
ලංකා ගුරු සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය 
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය
ජනජය සෞඛ්‍ය සේවා සංගමය
තඹුත්තේගම ගොවි එකමුතුව
කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරන වෘතිය සමිති නායකයින්ය.





ප්‍රියන්ත ප්‍රනාන්දු
සභාපති
ලංකා ගුරු සංගමය






                                      



                                       සුදත් ජයවර්ධන
                              ඒකාබද්ධ ගුරු සේවා සංගමය





වෛද්‍ය දිනීශ බණ්ඩාර 
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය




කීර්තිරත්න මහතා 
ජනජය සෞඛ්‍ය සේවා සංගමය



Share this article :

0 comments:

Post a Comment