Home » » යුරේකා.. යුරේකා.. රජරට මර්දන යන්ත්‍රය සොයා ගැනේ...

යුරේකා.. යුරේකා.. රජරට මර්දන යන්ත්‍රය සොයා ගැනේ...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, November 16, 2018 | 8:31 AM

යුරේකා.. යුරේකා.. 

රජරට මර්දන යන්ත්‍රය සොයා ගැනේ...

පසුගිය දිනෙක රජරට විශ්වවිද්‍යාලයීය පරිපාලනය හා සිසුන් අතර පැවති රැස්‌වීමක්  අවස්ථාවේදී උපකුලපති විසින් දඬුවම් දිය යුතු විනය විරෝධී සිසුන් තෝරා ගැනීම සඳහා භාවිතා කළ  ලොතරැයි යන්ත්‍රය සොයා ගෙන ඇත.
හිරු FM සල්ලි වැස්සේ දී භාවිතා වන ආකාරයේ යන්ත්‍රයක් වන මෙය එක්තරා සිසුවෙකු විසින් උපකුලපති කාමරය අසල කුටියක තිබී මුලින්ම දැක ඇත.
වැඩිදුර නිරීක්ෂණ වලදී එම යන්ත්‍රය භාවිතයෙන් වැරදිකරුවන් සොයා ගන්නා ආකාරය පහත ආකාර බව සොයාගෙන ඇත. විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන්ගේ නම්, ලියාපදිංචි අංක හා ලිපිනයන් සහිත කඩදාසි මෙන්ම විශේෂයෙන්ම සිසු නායකයින්ගේ නම් යන්ත්‍රය තුළට ඇතුළු කර  ඒ තුළට පිලිවෙලින් උපකුලපතිවරයා, විනයපාලකවරයා හා ඔවුන්ට හිතවත් පාර්ශව එකා බැගින් ඇතුළු වෙති. ඉන්පසු යන්ත්‍රය ක්‍රියාත්මක කරන අතර එහෙ මෙහේ විසිරී යන කොල අතුරින් හිරු  FM සල්ලි වැස්සේ සල්ලි අල්ලන ආකාරය අනුව අතට අසුවන වාසනාවන්තයින් අල්ලා ගනිති. එක් එක් පුද්ගලයා සඳහා විනාඩි 2 ක කාලයක් ලැබෙන අතර පාලකයන්ගේ අතට අසුවන කොල වල නම් සහිත සිසුන් විශ්වවිද්‍යාලයේ විනය විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වුවන් ලෙස තරගයේ නීති රීති වලට අනුව නම් කරනු ලැබේ.

මෙහිදී එක් එක් පුද්ගලයා අනුව දඬුවම් තීරණය වන ආකාරය පහත පරිදිවන අතර ඔවුන්ගේ අභිමතයට අනුව කාලය වෙනස් කිරීමද කළ හැකිය.

  • උපකුලපති තෝරන වාසනාවන්තයින්  - මාස6 ක පන්ති තහනම් 
  • මාෂල් ඇතුළු හිතවත් පාර්ශව තෝරන වාසනාවන්තයින් -අවුරුදු 1 සහ 3 බැගින් පන්ති තහනම් 
  • විනයපාලක තෝරන වාසනාවන්තයින්  - අවුරුදු 5 බැගින් පන්ති තහනම් 
සැනසිලි තෑගී ලෙස සිසුන්  බිය වැද්දීම්, විභාග අසමත් කිරීම, දෙමාපියන් ගෙන්වා නොකළ වැරදි කල බව පවසමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට බිය වැද්දීම.

දැනට තේරී පත්  වූ සිසුන් ගණන

  • මාස 6 ක පන්ති තහනම්  -4
  • අවුරුදු එක හමාර  පන්ති තහනම් - 10
  • අවුරුදු 2 ක පන්ති තහනම් -2
  • නඩු පැවරීම - 1යි  සිසුන් 13 කට
  • පොලිසියට කැඳවීම් - අවස්ථා 4 කදී සිසුන් 23 යි
  • සැනසිලි තෑගී - 17
මීළඟට  ඔබ විය හැකියි.
මෙම තරගයේ අවසන් තීරණය අධීක්ෂණ මණ්ඩලය සතු වන අතර එහි එකම සාමාජිකයා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයා වේ.

Share this article :

0 comments:

Post a Comment