Home » » මහා ශිෂ්‍ය සංගමයේ සිසු ක්‍රියාකාරීන් 4කගේ ශිෂ්‍යභාවය 6 මසකට අහෝසියි..

මහා ශිෂ්‍ය සංගමයේ සිසු ක්‍රියාකාරීන් 4කගේ ශිෂ්‍යභාවය 6 මසකට අහෝසියි..

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, October 4, 2018 | 1:47 AM



මහා ශිෂ්‍ය සංගමයේ සිසු ක්‍රියාකාරීන් 4කගේ ශිෂ්‍යභාවය 6 මසකට අහෝසියි.. 

රජරට සරසවිය තුළ විශාල අධ්‍යයන සුබසාදන ගැටළු ප්‍රමාණයක් පවතින අතර ඒවා විවිධ මට්ටම් වලින් සියළු දෙනාටම අත්විදින්නට සිදු වී ඇත. සෑම විටකම ඒ වෙනුවෙන් හඬ නැගු සිසු නායකයින් ඉලක්ක කර විවිධ මට්ටමේ මර්දනකාරී වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වන අතර මේ වන විටත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් සහෝදරයා ඇතුළු සිසුන් 12 දෙනෙකු පන්ති තහනම් කර ඇත. දිගින් දිගටම සිසුන් අයිතීන් ඉල්ලා අරගල කළ විට සිසු නායකයින් පොලිසියට කැඳවීමේ පටන් විනය පරීක්ෂණ කන්දක් පවත්වන තරමට පරිපාලනය වියරු වැටි ඇත. මෙවැනි පසුබිමක් තුළ ලබා දී තිබු පන්ති තහනම් අහෝසි කර අධ්‍යන සුබසාදන ගැටලු විසදීම වෙනුවට සරසවියේ තවත් ගැටලු ඇති කරමින් සිසු නායකයින් ඉලක්ක කර 2018.10.02 වන දින පන්ති තහනම් 4ක් පනවා ඇත. මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් ලහිරු මධුෂාන් සහෝදරයා, මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සංස්කාරක ගිහාන් චාමික සහෝදරයා, කළමනාකරණ අධ්‍යයන පීඨයේ සභාපති ධනුෂ්ක රාජපක්ෂ සහෝදරයා සහ මහා ශිෂ්‍ය සංගමයේ වසන්ත මුදලිගේ යන සහෝදරවරු අත්තනෝමතික ලෙස ශිෂ්‍යභාවය අහෝසි කර ඇත. එයට විරෝධය දක්වමින් අද දින (2018.10.02) විරෝධතා උද්ඝෝෂණයක් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට පවත්වන ලදී...







Share this article :

0 comments:

Post a Comment