Home » » Interview යන්න, හැබැයි දාඩිය ගඳ නැතුව

Interview යන්න, හැබැයි දාඩිය ගඳ නැතුව

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, September 21, 2015 | 5:15 PM


දින 2ක් පුරාවට පැවතිලා නිමවෙච්ච රජරටට රැකියා ගලපු, රැකියා හින්දා රජරට වැව් පවා උතුරපු රැකියා පොලට ආපු විවිධ අමුත්තන් අතරේ පැමිණිච්ච පූජා උමා ශංකර් දමිළ නිළියව අපට අමතක කරන්න බෑ.අපට කෙසේවෙතත් ඔබට අමතක කරන්න බැරුව ඇති.මොකද සමහරවිට තවමත් ඔබගේ fb ගිණුමේ profile picture එක විදිහට ඇත්තේ පුජාත් එක්ක ගහපු photo එක නිසා.පූජා ගැනවත් පුජාත් එක්ක ගහපු photo දාපු ඔබ ගැනවත් තරහකින් නං නෙවෙයි මේ ලියන්නේ...

රැකියා පොලේ තිබුන විවිධ කුටි අතරේ පූජා හිටිය කුටියටත් රැකියා සොයන්නන් සෑහෙන්න ඇතුලු වුනා.එතැනදී කියල දුන්නේ ආත්ම විශ්වාසයෙන් යුතුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා.කුටියට ඇතුලු වෙනකොටම අපිට හම්බවෙනවා leaflet එකක්.ඒක deodorant එකක් ගැනයි.ඒ කුටියේ වටේටම තියෙන්නේ deodorant පිලිබඳ දැන්වීම්.පූජා කියලා දෙනවා කොහොමද ආත්ම විශ්වාසයෙන් යුතුව සම්මුඛ පරික්ෂනේකට මුහුණ දෙන්නේ කියලා.ටික වෙලාවකින් මාතෘකාව පීලි පනිනවා.හොරා එලියට පනිනවා.මෙන්න පූජා එකපාරටම කියනවා ඔයාලාගේ දාඩිය ගඳ ඔයාව interview එකෙන් fail කරන්න පුළුවන්.ඒක හින්ද හොඳ deodorant වර්ගයක් පාවිච්චි කරලා දාඩිය දුගඳ නැතිකරගෙන interview එකට face කරන්න කියලා.” ඉතින් අපේ උනුත් interview එකට face කරන එක කෙසේ වෙතත් පූජා නම නොකිව්ව deodorant එක පාවිච්චි කරන්න හිතාගෙන එලියට එනවා.

මෙතනදී ඇත්තටම මොකද වුනේ.deodorant සමාගමට ඕන වෙනවා තමන්ගේ නිෂ්පාදනය විකුණගන්න.ඒකට වෙළඳපලක් හදන්න ඕන.මුලින්ම එයාල සමාජයේ මතයක් හදනවා අත් යට දාඩිය දැම්මම ගඳයි කියලා.මුදලාලිගේ වැඩේ දැන් හරි.පාරිභෝගිකයෝ ටිකකුත් වැඩේට අහුවෙනවා.මුදලාලි කෙනෙක් ඉන්නවා පාරිභෝගිකයෙක් ඉන්නවා එතකොට පූජා කියන්නේ කව්ද? පූජා කියන්නේ අතරමැදියෙක්... එයා කොහොමද වෙළදාමට සම්බන්ධ වෙන්නේ? පූජා කියන්නෙ ලංකාවේ සමාජය ඇතුලේ නිළියක් විදියට ජනප්‍රිය වුන චරිතයක්.ඉතිං පුජාට කරන්න පුළුවන් දේ තමයි තමන් පාවිච්චි කරන්නේ මේ deodorant වර්ගය කියල මිනිස්සුන්ට කියලා මිනිස්සුන්ගේ අවධානය වැඩි කරලා ඒ භාණ්ඩය විකිණීම වැඩි කරන්න.එතැනදී පුජාට සල්ලි හම්බවෙනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුලුවන්.මොකද ජනප්‍රියතාවය වැඩිකරගන්න එහෙම දේවල් කරනවා වෙන්නත් පුළුවන්.පූජා නොදන්න දේ තමයි එයාවත් මේ වෙළඳපලේ විකිණෙනවා කියන එක.සමහරවිට එයා දන්නවත් ඇති.ඒත් එයාටවත් නවත්තගන්න බැරි විදියට එයාව වෙළඳපලේ විකිණෙනවා ඇති.එතකොට අපි?

දැන් තමයි හොඳම ප්‍රශ්නය එන්නේ.පූජා නං විකිණිලා තමයි.එතකොට අපි විකිණිලා නැද්ද?අපිටත් නොදැනීම අපිත් විකිණිලා.හා නැද්ද? ඒ කොහොමද?

මෙහෙම හිතන්නකෝ.ඔයා ගේ mobile phone එක ඔයාට විකුණන්න ඕන වෙනවා.ඔයා දානවා add එකක්.add එකේ ඔයා දාන්න උත්සහ කරන්නේ phone එක හොඳම තත්ත්වයෙන් තියෙනවා කියල නේද? එතකොට නේද ඒක වැඩි ගාණකට විකුණගන්න පුලුවන්.රස්සාවත් එහෙමයි.ඔයාගේ උපරිම සුදුසුකම් එකතුකරලා අඩුම වැටුප දැම්මම තමයි ඔයාව රැකියාවකට තෝරාගන්නේ. රැකියාවක් ඉල්ලගෙන තමන්ගේ cv හදනකොටම තමන් තමන්වම භාණ්ඩයක් බවට පත් කරගෙන නේද ? ඔයාටත් නොදැනීම ඔයාව විකිණෙන අපුරුව... මං කිව්වනේ ඔයා භාණ්ඩයක් කියලා ඉතිං ඔයාටත් අතරමැදියෝ නැද්ද කියල සමහරෙක්ට හිතෙන්න පුලුවන්.අපොයි ඉන්නවා.රැකියා පොලක් කියන එක සංවිධානය කරන්නෙම ඒ වගේ අතරමැදියෝ සමුහයක්.සමහරු වැටුපටත් සමහරු ස්වෙච්චාවෙන්මත් ඔයාලව ගනුම්කරුවෙක්ට විකුණන්න ඉදිරිපත් වෙනවා.ගැනුම්කාර සමාගම් එනවා,ඔයාල විකිණෙනවා අතරමැදියෝ ලාභ ගන්නවා.වෙළඳාම සම්පුර්ණයි.සමාගම්වලට, අතරමැදියොන්ට ලාභයි.ඔයාලට, ඔයාලට වෙනදේ ඔයාලටවත් හිතාගන්න බැරිවේවි.ඒ තරමට ඔයාව සුරාකෑමට ලක්කරන්න මේ සමාගම්වලට පුලුවන්.

උදේ ඉඳන් හවස් වෙනකන් යන්ත්‍රයකින් වගේ වැඩ ගන්නත් ඔබ ඒ හෙළන ශ්‍රමයට ඇබින්දක්වත් වටිනාකමක් දෙන්නැති වැටුපක් ගෙවන්නත් මේ සමාගම්වලට පුලුවන්.එහෙම සමාගම්වලට විශ්වවිද්‍යාලය තුලට එන්න තරම් හිදැස් ඇතිකරන්නත් අපේ ක්‍රියාවලියේ අඩු පාඩු හේතුවෙලා තියෙනවා.එතකොට කව්රුහරි අහන්න පුලුවන් රැකියා ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ අපිද කියලා.ඇත්ත, රැකියා අර්බුධය කියන්නේ ලංකාවට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි.ලෝකේ තියෙන හැම රටකටම රැකියා ප්‍රශ්නය බලපානවා.වැරැද්ද තියෙන්නේ ඒකට උත්තර හොයන විදිහෙයි.තමන් ගැන විතරක්ම හිතල රැකියා ප්‍රශ්නෙට උත්තර හොයන එක හරිද?


මෙහෙම හිතන්නකෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දවසකට ලෝකේ කී දෙනෙක් මියයනවා ඇත්ද? කෘමිනාශක භාවිතය නිසා දවසකට ලෝකේ කී දෙනෙක් මියයනවා ඇත්ද? ඒවා ගැන හොඳටම දන්න අපිට පුලුවන්ද ඒ වගේ ආයතනයකට විශ්වවිද්‍යාලයක් තුලට එන්න ඉඩ දෙන්න.ඒ වගේ ආයතනයක කැමැත්තකින් සේවය කරන්න.ඒ වගේම මේ වගේ අවස්ථාවලට සම්බන්ධ වන දේශීය, විදේශීය සියලුම ආයතන අපේ ශ්‍රමය සුරගන්නා අය. තමන් ගැන, තමන්ගේ රැකියාව ගැන විතරක් හිතුවොතින් මේ වගේ වහල් වෙළඳපලවල්වලට එකඟ වෙන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්.මේ ගැන පැහැදිලි කරලා අපි මහා ශිෂ්‍ය සංගමය විදියට ආචාර්යවරුන්ට යවපු ලියුම පහතින් පලකරනවා.ඒක ගැන රැකියා පොලට මැදිහත් වුන ආචාර්යවරු නම් එක එක විදිහේ විදිහේ අදහස් පලකරනවා දේශන අතරතුරදී.රැකියා පොළ ගැන ඔයාලගේ අදහසුත් එකතු කරන්න කියල ආරාධනා කරනවා.


Share this article :

15 comments:

  1. අහින්සක ලමයින්ට හම්බෙන්න තිබ්බ ජොබ් ටික නැති කරා... දැන් සතුටුද?

    ReplyDelete
  2. ඉඳලා ඉඳලා මේ කැලේ ඉතින හද්ද ග්‍රාමීය ( ඇයි මම එහෙම කිව්වෙ? මොකද අනිත් කැම්පස් ඇතුට ගියාම, එවගෙ විස්තර ඇහුවම අපේ තත්වේ අපිටම තේරෙන නිසා ) කැම්පස් එකට කාලෙකට පස්සෙ වෙන කැම්පස් වල තියෙනව වගේ පොඩි හරි මටටමක රැකියා වෙළඳපොලක් තිබ්බා. වෙන කැම්පස් වල එවුන් එලියට ගියාම ජොබ් තියෙනවා, ඇයි, උන්ව දන්නවා එලියෙ මිනිස්සු, ආයතන. අපි එලියෙ රජරට කිව්වම අහන්නේ "එහේ හරි ප්‍රශ්න නේද හැමදාම ? , දැන් ඇරලද ඕක" කියලා. කාලෙකින් තිබ්බ පොඩි අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුට ශිෂ්‍ය සංගම් ( එහෙමද? මොකෝ ශිෂ්‍ය සංගම් තියෙන්න ඕන ශිෂ්‍යව නියෝජනේ කරන්න, අපේ සංගම් කරන්නේ, උන් කඩේ යන පෙරෙට්ටොන්ට ඕන එක හරි, උන්ට හිතේන එක හරි ලමයින්ගෙ ඔලු වලට දාල මේක ගූ ගොඩක් කරන එක, හරිද නැද්ද කියලා ඉන්න උන් දන්නවා ) කරන්නේ තමනේ කුහක කම එදාට පෙන්නපු එක.

    දැන් මේ අනේ අරක්කු විකුනන අයට එන්න දෙන්න එපා, දුන්කොල විකුනන උන්ට එන්න එපා කියලා කෑ ගහන උන්ට බැරි උනේ ඇයි දන්නේ නෑ කැම්පස් එකේ බීලා පිස්සු කෙලින්න එපා කියලා කොල්ලොන්ට කියන්න, යුනියන් වල ඉන්න උන් ලෙසටම ගහන උන්, උන් ඔහොම කෑ ගහන්නේ රෙදි ඇඳගෙනද ? හරි දැන් කෑ ගහල කරේ මොකක්ද? ලයන් කියන්නේ එක ආයතනයක් උනාට උන්ගේ එක්ක වැඩ කරන තව ආයතන සෑහෙන තියෙනව, ආයතන 15ක් එදාම අපේ කැම්පස් එක බ්ලැක් ලිස්ට් කරා. ඇග්‍රි එකේ ජොබ් දීලා, යන්න බලන් හිටිය උන් 3ක් හම්බුනා මට, උන්ගේ ජොබ් කැන්සල් කරලා. උන් කුණුහරුපෙන් බනිනවා තොපේ යුනියන් උන්ගේ වැඩ කියලා. සිනමන් ලේක් එකේ උනුත් ආයෙ මෙහේ එන්නෙ නෑ කියල කිව්වා කියල දන්නව ඇතිනේ ?

    තොපිලගේ ගොන් කතා, කුහක කන් උඹලට තියා ගනින්, එදා අර හදිස්සියේ පෙස්සන් අත්සන් කරන්න ගියේ කුහක කමට නෙවිද කියපන්කො. උඹලට කන්න ගෙදරින් දෙනව උනාට, ගෙවල් ගෙඩ දාන්න තියෙන කොල්ලො ඕන තරම් මේකෙ ඉන්නවා. කුහක වෙන්න එපා යකො.

    ReplyDelete
  3. """මෙහෙම හිතන්නකෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දවසකට ලෝකේ කී දෙනෙක් මියයනවා ඇත්ද?"""

    අනේ ඔව් ඕයි.. ඒකනේ කැම්පස් එකේ ඉදන්ම අපි ඕව මුකූත් ගන්නෙ නැත්තේ! විශේෂයෙන් යුනියන් අය එහෙම ඕවා දැකලවත් නෑනේ !

    ReplyDelete
  4. මේකේ ලිපි ලියන පුත්ගලයා තමන් ශිෂ්‍ය සංගමය ලෙස මෙම රැකියා වෙළදපොලට විරුද්ද වීම ප්‍රදාන වශයෙන් කරුණු කීපයක් ඔස්සේ විග්‍රහ කරනවා.
    විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදියට ශිෂ්‍යයන් මාකට් කිරීමට අතරමැදියන් පිරිසක් සම්බන්ද වී ඔවුන් ලාබ ගැනීමක් ගැන කතා කරනවා.
    ඔව් සමහර විට ලාබ ගන්න ඇති.
    නමුත් එයට වඩා ශිෂ්‍යයන්ට උන ප්‍රතිලාබය වැඩියි. මේක ලියන මනුස්සයා රැකියාවක් කරන්නේ නෑ. තාම ගෙදර ඉන්න අම්මගෙන් තාත්තාගෙ මුදල් වලින් කකා බිබී ඉන්න පුත්ගලයෙක් වෙන්න ඇති. කැම්පස් ජීවිතය ඉවර වෙලා රැකියාවක් කරන්න හිතන්නෙවත් නැතුව ඇති. මොකද යාළුවා ඔහෙට මේකේ ලිපි කොට කොටා ඉන්න පුළුවන්නේ. ගෙදර මිනිස්සු සදහටම උබට කන්න අදින්න දෙයි.
    අතරමැදියන් ලාබ ලබලා මේ කරන වැඩේ කිසිම තේරුමක් නැ කියලනේ ඔබ කියන්නේ. මට ඔබෙන් අහන්න එක ප්‍රශ්නයක් තියනවා. ඇයි ශිෂ්‍ය සංගමේ විදියට මේකට මැදිහත් වෙලා අතරමැදියන් නැතුව මේවගේ විශ්වවිද්‍යාලෙන් යන සිසුන්ට හරියන(ඔබලා කියන විදියට ශ්‍රමය සූරා නොකන) රැකියා වෙළදපොලක් හරි , එහෙම රැකියා වලට හරි යොමු කරන්න බැරි උනේ ඇයි?
    ඒවගේම මාකට් කිරිල්ලක් ගැන කතා කරනවනේ. මහා ශිෂ්‍ය සංගමේ විදියට ඔබලා කරන්නෙත් මාකට් කිරිල්ලක්නේ. කැම්පස් එකකට බැච් එකක් ආවම එකේ ඉන්න හොදට කතා කරන්න පුළුවන් මනුස්සයෙක් ඉන්නවනම්. උව අල්ල ගන්නවා. ඊට පස්සේ ඔහුගේ අදහස් ඔබලාට අවශ්ය් පරිදි වෙනස් කරවාගෙන. ඔහුතුලින් ඔබලාව මාකට් කර ගන්නවා.
    ශ්‍රමය සුරාකෑමක් ගැන කතා කරනවනේ. ඇයි ඔබලාකරන පිකට් වලට කිසිම සමාජය ගැන හෝ ඔබලාගේ ක්‍රියා පටි පාටි ගැන කිසිම අවබෝදයක් නැති නවක ශිෂ්‍යයෝ ගෙන්වන්නේ. මා දකිනා විදියටනම් ඔබලා ඒ කරන්නේ ඔවුන්ගේ ශ්‍රමය කාලය කෑ දැමීමක්.

    ඊලගට කියනවා මත්ද්‍රව්‍ය , කෘමිනාශක , ආදිය නිසා මිනිස්සු කී දාහක් මිය යනවද ඒ නිසා ඒ සමාගම් වලට විශ්ව විද්‍යාලය තුලට පැමිණීමට ඉද දීමට හැකිද කියල. හරි ඉද දෙන්න බැ කියමුකෝ.
    එතකොට මිනිස්සු මත්ද්‍රව්‍ය බොන්නේ , කෘමිනාශක යොදන්නේ ඒ සමාගම් ඒවා නිෂ්පාදනය කරන නිසාමද. නෑ මිනිස්සු ඒවා පාවිච්චි කරන නිසා තමයි. ඒ සමගම් ඒවා නිෂ්පාදනය කරන්නේ.
    නරකද අනුන් හදන්න කලින් තමන් හැදිලා හිටියනං. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් කම්පුස් එක අතුළාට ගෙන්න එපානම්. ඒවා බොන මිනිස්සුත් විශ්වවිද්‍යාලය තුලට අවශ්‍ය නෑ. විශේෂයෙන්. ශෂ්‍ය සංගම් තුලට කොහොමවත් අවශ්‍ය නෑ. බීමත්කම නිසා ශ්ෂ්‍යයන් කරන ක්‍රියා කාරකම් නිසා විශ්වවිද්‍යාලයට කොච්චර අපකීර්තිමත් අවස්ථාවලට මුහුණ දෙන්න උනාද. ඇයි ඒ පිළිබද ඔබ ලිපි ලියන්නේ නැත්තේ. මට මතකයි ටික කාලෙකට කලින් "ගප්පියා" කියල ශෂ්‍ය සංගම් නායකයෙක් හිටියා. ඔහු කොච්චර මත ලෝලියෙක් උනත් ඇයි ඔබ ඔහුට කැම්පස් එක ඇතුලට එන්න ඉද දුන්නේ. ඔහු වට සිටි කෙතුරම් පිරිසක් මත්ද්‍රවය නිසා විනාශ උනාද. ඇයි ඒ පිළිබද කතා නොකරන්නේ.

    මෙම රැකියා වෙළදපොලට අකුල් හෙලා ඔබලා කලේ ඉතා කුහක ක්‍රියාවක්.
    ඔබලා නියෝජනය කරන්නේ ශිෂ්‍යයන් නම් ශිෂ්‍යයන්ගේ සුබ දායක දෙයක් ඇත්නම් එයට ඔබ සහයෝගය දිය යුතුයි. පරිපාලනය හෝ රජය හෝ කවුරුන්හෝ කරන විශ්වවිද්‍යායාලය තුල කරන සැම ක්‍රියාවකටම අකුල් හෙලිම නෙවෙඉ ඔබලා කල යුත්තේ. යමකින් සිසුන්ට යහපතක් සිදු වනවානම්. එයට සහය දැක්වියයුතුයි.
    ඔබලා මුළු සමාජය වෙනස් කරන්න කලින් විශ්වවිධ්‍යලය තුල තියන "සැබෑ ප්‍රශ්න" වලට පිළිතුරු හොයන්න.
    ඔබලා කරන අමන වැඩ ගැන ලැජ්ජයි. ඒවගේම ඒ අමන වැඩ ගැන උජාරුවෙන් කතා කර දාන ලිපි ගැන දුකයි.
    පුළුවන්නන් අනුව තමන්ගේ වැරදි හදා ගනියව්.වැරදි හදාගෙන එක එකාට කඩේ නොගිහින් ශිෂ්‍යයන්ට සුබදායි වැඩ කරපන්.


    ReplyDelete
  5. ලස්සන වචන ටිකක් දාලා කතන්දර කිවුවට ප්‍රශ්න විසදෙන්නේ නෑ.. දැන් අපි ශිෂ්‍ය දේශපාලනය වෙනුවට කරන්නේ වෙන මොකක්දෝ එකක් කොයි GB එකේද රැකියා වෙළඳ පල පැවැත්වීම පිළිබඳව සාකච්චා කරේ යුනියන් පත් කලේ යුනියන් වලට ඉහලින් එන තීරණ ක්‍රියාත්මක කරන්න නෙමේ ශිෂ්‍ය මතය ගොඩ නංවන්න ඒත් අද වෙන්නේ ඒක නෙමේ..

    ReplyDelete
  6. ශිෂ්‍ය නියෝජනය කියාගෙන කොහේ හෝ බංකොලොත් දේශපාලන මතයකට කඩේ යන සුළුතරයක් නිසා මුළු විශ්වවිද්‍යාලයක් විනාශ වෙන අපූරුව...

    "නාමල් ට දේශපාලනය කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි..." ඔන්න එක ගේන තර්කයක්. පුළුවන් මහත්වරුනි පුළුවන් (සහෝදරවරු කියන්නත් ටිකක් අමාරුයි. මොකෝ සමාජවාදීන් නම් බහුජාතික සමාගම් පෝසත් කර කර මත් වෙන අය ඔය සංගමේ ඇතුලේ ඉන්න බෑනේ... ) හැබැයි කරන දේශපාලනේ තමන්ට පුද්ගලික එකක්නම් ඒක තමන් ඇතුලේම තියා ගන්න එකයි ඇත්තේ. අනිත් මිනිස්සුන්ට ඒක පොවන්න යන්නේ නැතිව..

    කියන විදිහට පුද්ගලික සමාගම් වල රැකියා කරන එක "මතේ" ට විරුද්ධනම් කැම්පස් එකෙන් ගිහිං ඉන්න ඔය රතු අයියලා එක්කෙනෙක්වත් private company වල ජොබ් කරන්නත් බෑ. අනික ඔය පන්ති තහනම් වෙලා හිටිය අය එහෙම ටියුෂන් පන්ති වගේ දේවල් කරන්නත් බෑ. මොකෝ ඒකත් අධ්‍යාපනය විකිණීමක් නේ... :D

    ලැජ්ජයි මහත්තයෝ ලැජ්ජයි!

    ReplyDelete
  7. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. හැබැයි ඒකෙ නිසි ප්‍රයෝජන ගන්නේ නෑ. විශ්වවිද්‍යාලෙ තියෙන්නේ අධ්‍යාපන හා පරේක්ෂණ කටයුතු වලට කියලා කියනවා.. හැබැයි ඒ සඳහා ළමයි උනන්දු කරන කිසිම වැඩපිළිවෙලක් නෑ... තියෙන්නේ බංකොලොත් උත්ඝෝෂණ ටිකක් විතරයි!

    කෝ කළා උළෙල?? කෝ සාහිත්‍ය සංවාද?? මොකුත් නෑ නේද??

    ළමයින්ගේ අධ්‍යාපන මට්ටම පහළ වැටිළලු.. කෝ අර වෙනදට ශිෂ්‍ය සංගමේ කරන කුප්පි??

    ආගම අබිං ලු? එතකොට ඉස්සර එකතු වෙලා කරපු අභයගිරි ශ්‍රමදානය වගේ ඒවා???

    විශ්වවිද්‍යාලෙ තත්ත්වය පහල යනවලු. පරිපාලනය දුර්වලයි ලු. ඒත් ඒවා හදා ගන්න කෝ සංගමේ උන්ට වෙලාවක්?? ඇයි අර පිට උන්ගේ පෝස්ටර් මිටි කර ගහගෙන යන්න තියනවනේ...

    අධ්‍යාපන ප්‍රශ්නයක් ගැන කතා කරන්නවත් සංගමයේ නියෝජිතයෝ දැනුවත් නෑ. අඩුම ගානේ තමන් කරන subject ටික මොකද්ද කියලාවත් දන්නේ නෑ. හැබැයි කුමාර් මහත්තයාගේ බිජ්ජ දන්නවා.

    ඇස් කන් අරගෙන හොඳට බලාගෙන ඉන්න. උඹලා මේ විනාශ කරන්නේ දුක් මහන්සියෙන් හම්බ කරලා තමන්ගේ දුව පුතා රජරට විශ්වවිද්‍යාලයට එවපු අර උඹලා කියනවා වගේ නිර්ධන පන්තියේ මිනිස්සුන්ගේ ලේ දහඩිය....

    අන්න ඒ නැහැදිච්චි කමට වන්දි ගෙවන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි!

    ReplyDelete
  8. ඉහත ලිපිය සහ එයට ලැබී ඇති කොමෙන්ටු කියවීමෙන් එහි සාරංශය පහත පරිදි සටහන් කරගත හැකිය...

    " මට රස්සාවක් ලැබෙනවානම් අනෙක් මිනිසුන් ගැන හිතන්නේ මොකටද?

    ඉදිරියේදී ඔවුන් ඔබට මෙසේද කියනු ඇත...

    "ඩිග්‍රිය හම්බවෙනවනන් ඕන බලු වැඩක් කලාම මොකද?"

    ReplyDelete
    Replies
    1. ඔබතුමා එක එක්කෙනා එක්ක බුදියගෙන සල්ලි හොයන්න වෙන්න ඇති හිතන් ඉන්නේ... ඒත් අනිත් උන් වැඩක් කරලා නම්බුකාර විදියට සල්ලි ටිකක් හොයන් පවුලක් නඩත්තු කරන් ඉන්නනේ ඔක්කොම කරන්නේ. ගොන් කතා කියන්නැතුව, කියපන්කො බලන්න දැන් උඹේ ඉදිරි සැලැස්ම. එහෙම එකක් නෑනේ? අපි දැකල තියෙනවනේ බර ටෝක් දීපු උන් තමා මුලින්ම ප්‍රයිවට් කොම්පැණි වල රස්සා වලට යන්නේ, එහෙම රස්සාවකට යන්න සුදුසුකමක් නැති, හාල්පාරුවො ටික රටේ හැම මගුලම විවේචනේ කර කර ගෙදරට බරක් වෙවි පිනට කකා ඉන්නවා. අන්තිමට දේශපාලන පක්ශෙකට මුක්කු ගහනව, නැත්තන් මොකෙක් එක්ක හරි බුදියගෙන සල්ලි හොයනවා.

      Delete
    2. ඔබේ සාරාංශ කිරීමේ හැකියාව ගැන හරිම සතුටුයි! :D
      "මට" විතරක් රස්සාවක් ගන්න එක හරි නැති නිසා තමයි හැමෝටම ඒ ගැන පොඩි හරි අවබෝධයක් දෙන්න මේ වගේ දේවල් විශ්වවිද්‍යාල වලට ගේන්නේ...

      ඒක තමයි කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැමෝටම රැකියා හෝ පරේක්ෂණ සඳහා උදව් කරන්න මඟ පෙන්වන්න වැඩසටහන් ශිෂ්‍ය සංගමේට කරන්න කියන්නේ...

      හැබැයි ඒ අය කරන්නේ තමන්ගේ දේශපාලන මතය ගොඩ දාගන්න ට්‍රයි කරන එකනං අපිට කියන්න තියෙන්නේ

      "අපේ පක්ෂේ ගොඩ යනවනම් ඕන බලු වැඩක් කළාම හරි" කියන එක තමා.

      Delete
    3. " මට රස්සාවක් ලැබෙනවානම් අනෙක් මිනිසුන් ගැන හිතන්නේ මොකටද?"
      ඔබට රස්සාවක් ලැබෙන බවනම් සහතිකය , එක එක පක්ෂවල දේශපාලුවන්ගේ අධෝමුකය ලෙවකන ඔබ වැන්නවුන්ට රස්සා ෂුවර්. එම නිසා අනිත් මිනිස්සු ගැන හිතන්නේ මොකටද. ?

      "ඩිග්‍රිය හම්බවෙනවනන් ඕන බලු වැඩක් කලාම මොකද?"
      මෙම කතාව අදාළ වන්නේද ඔබලාටමය. බලු වැඩ කරලා අනිත් උන්ට කෙල උනත් මොකද ඔබලාටද ඩිග්‍රිය ලැබෙනවනේ. ලැබුනේ නැතත් මොකක් හරි දේශපාලන පක්ෂෙකට නයට කහින්න හරි ජොබ් එක ශුවරනේ.

      Delete
    4. කොමෙන්ට් වල කියල තියෙන්නේ ඔය දෙක විතරද කියල කියල ආයේ පාරක් කියවල බලපන්.
      ඔබලාගේ පක්ෂේ එවුන්ද උබට සාරාංශ කරන්න ඉගැන්නුවේ.

      ඔබල එකේම අනික් පැත්ත තමයි ඇති තෝපේ ගොන් කතා වල කරන්නෙත්. එකම ගොන් කතාව එක එක විදියට එක එක tone එකෙක්න් පය ගානක් විස්තර කරනවා . අන්තිමට බැලුවම කතාවේ ගන්න දෙයක් නෑ.

      ඇත්තටම දැන් කැම්පස් එක ඇතුලේ "ශිෂ්‍ය" සංගමයක් නෑ. තියෙන්නේ කොහෙවත් යන බංකොලොත් දේශපාලන පක්ෂවලට කඩේ යන එවුන් සෙට් එකක් එකතු උණු වට මේසයක්. උන් උන්ට ශිෂ්‍ය සංගමය කියල කියා ගන්නවා.

      Delete
  9. අනිත් උන් ගැන මොකටද හිතන්නේ ඩිග්‍රිය දෙනවනං... ඩිග්‍රිය දෙනවනං මොකෙක් එක්ක හරි බුදියගත්තත් මොකද... :P

    ReplyDelete
    Replies
    1. ඔබතුමා එක එක්කෙනා එක්ක බුදියගෙන සල්ලි හොයන්න වෙන්න ඇති හිතන් ඉන්නේ... ඒත් අනිත් උන් වැඩක් කරලා නම්බුකාර විදියට සල්ලි ටිකක් හොයන් පවුලක් නඩත්තු කරන් ඉන්නනේ ඔක්කොම කරන්නේ. ගොන් කතා කියන්නැතුව, කියපන්කො බලන්න දැන් උඹේ ඉදිරි සැලැස්ම. එහෙම එකක් නෑනේ? අපි දැකල තියෙනවනේ බර ටෝක් දීපු උන් තමා මුලින්ම ප්‍රයිවට් කොම්පැණි වල රස්සා වලට යන්නේ, එහෙම රස්සාවකට යන්න සුදුසුකමක් නැති, හාල්පාරුවො ටික රටේ හැම මගුලම විවේචනේ කර කර ගෙදරට බරක් වෙවි පිනට කකා ඉන්නවා. අන්තිමට දේශපාලන පක්ශෙකට මුක්කු ගහනව, නැත්තන් මොකෙක් එක්ක හරි බුදියගෙන සල්ලි හොයනවා.

      Delete
  10. ඔබ coca – cola සමාගමේ රැකියාවක නිරත වූ බව මොහොතකට හිතන්න.ඔබ ඒ ආයතනයේ කීර්තිනාමයට කිසිඳු හානියක් සිදුනොකර තමන්ට හැකි උපරිම ආකාරයෙන් ඒ ආයතනයට සේවය කළා යැයි හිතන්න. (අදහස්වලම තියෙන ආකාරයට පැවසුවොත් “වැඩක් කරලා නම්බුකාර විදියට සල්ලි ටිකක් හොයන්” ) ඒ ලැබෙන වැටුපෙන් තම පවුලද නඩත්තු කරමින් ලෝකයට බරක් නොවී ජිවත් වුවා යැයි හිතන්න.එක් වරම coca – cola සමගම විසින් ලෝකය පුරා සිදුකරන පාරිසරික ව්‍යසනවලින් එකක් ඔබට අත්දකින්න ලැබෙනවා. (කැලණි ගඟට පිළිකාකාරක එකතු කිරීම වැනි) ඔබගේම යහළුවෙක් ඔබෙන් විමසනවා මෙහෙම “ මචං උඹේ company එක ලෝකේ විනාසකරනවා නේද? උඹ මොකද ඒ ගැන හිතන්නේ” කියලා.එතකොට ඔබ මෙහෙම උත්තර දෙනවා “ අනේ බං මම නං ඕවට නෑ.මම වැඩක් කරලා නම්බුකාර විදියට සල්ලි ටිකක් හොයන් පවුලටත් සලකගෙන ජිවත් වෙන එකෙක්” කියලා.ඇත්තටම මේ ප්‍රශ්නෙ ඔබට එහෙම මගහැරලා යන්න පුලුවන්ද? ඔබ coca – cola ව්‍යසනයට දායක වුනේ නැද්ද?
    මෙතනදි අපේ කතාබහ යොමු වුනේ coca – cola සමාගම ගැන විතරක් වුනත් ලෝකේ තියෙන අනෙකුත් සමාගම් සැලකුවිටද මේ තත්ත්වයේ වැඩි වෙනසක් නෑ. Monsanto වගේ ජාත්‍යන්තර සමාගම්වල සිට ජාත්‍යන්තරයේ තියෙන විවිධ සමාගම්වල ඒජන්ත ශාඛා සහ දේශීය සමාගම්වලටද මෙය පොදු තත්වයක්.ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා එතනින් එලියට පිවිසුනාම ඔබව ආදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නේ මේ වගේ සමාගම්.
    විශ්වවිදයාල අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් කිරීම මහපොළවේ යථාර්තයක්. ඔබට මේ ආයතන මගහැරලා රැකියාවක් හොයාගන්න බෑ කියන එක මහපොළවේ යථාර්තයක්.ඉතිං රැකියා ප්‍රශ්නයට විසඳුම් සෙවීමට තනි තනිව බැරිය.ධනේශ්වර ආර්ථික රටවේදී රැකියා ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සෙවිමම විහිලුවට කාරණයකි.
    නමුත් ඔබ රැකියාව කරන ආයතනය මනුෂ්‍ය ශ්‍රමය සුරකනවා නම්, එම ආයතනයෙන් මනුෂ්‍යයින්ට විෂ සහිත රසායනික පොහොර නිපදවනවා නම්, එම ආයතනය මනුෂ්‍යයින්ගේ තොරතුරු අනවසරයෙන් ගබඩා කර තබගන්නවානම්, එම ආයතනය මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා නම් ඔබ ගත යුත්තේ දහස් ගණනින් ලෝකයේ දුක්විඳින මිනිසුන්ගේ පක්ෂයද නැතිනම් එම කර්මාන්ත ශාලාවල පක්ෂයද? අප නම් සැම මොහොතකම නියෝජනය කරන්නේ දුක් විඳින බහුතරයකගේ පක්ෂයයි. ඔබ දිගින් දිගටම පෙනී සිටින්නේ මනුෂ්‍ය සාරය ලොවින් ඉවත් කරන කර්මාන්තශාලාවක පැවැත්ම සහ ඔබගේ රැකියාව ආරක්ෂා කර ගැනීමට පමණක් නම් මදක් සිතා බලන්න ඔබ මනුෂ්‍යත්වයෙන් ඈත්ව නරුමයෙක් බවට පත්ව ඇත.
    විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තුලින් මතුවන මෙම නරුමත්වයට අප එක හෙලා විරුද්ධය.එම නරුමයා සමාජය ඉදිරියේ නිරුවත් කිරීමටද අප බිය විය යුතු නැත.

    ReplyDelete