Home » » වහල්ලු

වහල්ලු

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, August 4, 2015 | 11:16 PM


ඔබ අහල තියෙනවද වහල් සමාජය ගැන..වහල්ලු ගැන නොදන්නවා උනත් ඒ ශ්‍රමය අන්තර්ගත උන දැවැන්ත නිර්මාණ ගැන ඔබ දන්නවා ඇති. ඊජිප්තු පිරමීඩ, රෝමයේ දැවැන්ත නගර නිර්මාණය වෙන්නේ වහල්ලුන්ගේ ශ්‍රමයෙන්.වහල්ලු කියල කියන්නෙ තමන්ගේ ජීවිතය පවා තමන්ට අහිමි වුන, ජීවිතාන්තය තෙක් තමන්ගේ වහල් හිමියාට අයිති උන කිසිම අයිතිවාසිකමක් හිමි නොවුන සමාජ පන්තියක්.වහල් සමාජය බිහිඋනේ කොහොමද කියන කරුණ මෙහිදී සාකච්චා කරන්නෙ නෑ.ඒත් වර්තමාන සමාජය ඇතුලෙ සිද්ද වෙන වහල් වෙළඳාම කාලයට සාපේක්ෂව කොහොමද වෙන්කරලා අඳුර ගන්නෙ කියන සාකච්චාව අපි කරගන්න ඕන.
කටුනායක වෙළඳකලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයෙක්ගේ ජීවිතය දිහා හැරිලා බලමු.සමහරවිට මේ කතාකරන්නේ ඔබේ අයියා, අක්කා,පවුලේ කෙනෙක් නැත්තං අල්ලපු ගෙදර කෙනෙක් ගැන වෙන්න පුළුවන්.උදේ ඉඳන් රෑ වෙනකං මැෂිමකට හිරවෙලා ජීවිතය ගත කරන ඔවුන්ගේ ජීවිතය තෘප්තිමත්ව ගත කරනවා කියල ඔබ හිතනවද? ඔවුන්ට නින්ද අහිමි බව ඔබ දන්නවද? කොළඹින් දුර බැහැර ප්‍රදේශවලින් රැකියාවලට යොමුවන  ඔවුන් බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට හිතන්නවත් බැරි තරම් ඉඩක් තියෙන පුංචි බෝඩිම් කාමරවල කියල ඔබ දන්නවද?දවසම හරිහැටි කෑමවේලක් නැතුව එකතුකරන සල්ලි ටික මාසේ අන්තිමට ගෙදරට යවන්න බලන් ඉන්න ඔවුන්ට ලැබෙන සොච්චම් වැටුප කීයද කියල ඔබ දන්නවද?
හිතට ප්‍රශ්නයක් එනව ඇති වහල්ලු ගැන කතාකරල ඇයි කටුනායක ගැන කතාකරන්නේ කියලා.නුතන වහල්ලු දකින්න පුළුවන් තැනක් තමයි ඇඟලුම් කර්මාන්තය කියන්නෙ.ඒ කාලේ වහල්ලුන්ට ජිවත් වෙන්න ඕන නං වැඩ කරන්න කියලයි.දැන් ඒක ටිකක් වෙනස් කරලා කියනවා වැටුප් ඕනනම් වැඩකරන්න කියලා.වැටුප් ඕන කන්න මිසක් වෙන මොකටද? ඒ වහල්ලුන්ට තමන් ගැන තීරණ ගන්න බෑ වගේම නුතන වහල්ලුන්ටත් තමන් ගැන තීරණ ගන්න බෑ.ටයි එකක් දාගෙන විධායක ශ්‍රේණියේ  රැකියාවක් කරන සමහරෙක්ට හිතෙන්න පුළුවන් අපි මේකට අයිති නෑ කියලා.ඒත් මතක තියාගන්න ටයි දාගත්තු ඔයාල අයිති වෙන්නෙත් නුතන වහල්ලුන්ටම කියලා.ඔයා කාටවත් අයිති නෑනේ කියල හිතුනනම් හෙට වැඩට නොගිහින් බලන්නකෝ ඔයාට වෙනදේ...
Man-Power ක්‍රමය ගැන අහල ඇති නේද? නුතන වහල් වෙළඳාම තියෙන්නේ එතනයි.ඉස්සර රෝමයේ වීදියක් වීදියක් ගානේ වහල්ලු විකුණුවා වගේ වර්තමනේදී Man-Power ක්‍රමය මගින් පුළුවන් වෙලා තියෙනවා ජාත්‍යන්තර මට්ටමට විහිදුනු වහල් වෙළඳාම කරගෙන යන්න.ශ්‍රමිකයන් විශාල පිරිසක් එකතු කරගන්න එක අතරමැදි ආයතනයකට පුළුවන් වෙලා තියෙනවා ඒ ශ්‍රමිකයෝ ටික වෙනත් සමාගමකට විකුණලා ලාභ ගන්න.ඒ කියන්නෙ මිනිස්සුන්ව විකුණන්නත් ඒ ශ්‍රමිකයෝ ලබන වැටුපෙන් කොටසකුත් සූරාකන්නත් Man-Power ආයතනවලට පුළුවන් වෙලා තියෙනවා.
ඉතිං විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදියට අපි ඉන්නේ බොහොම තීරණාත්මක වෙලාවක.මොකද ඔබ හෙට විශ්වවිද්‍යාලයෙන් ඉවතට ගිය ගමන් ඔබව බිල්ලට ගන්න බලාගෙන සමාගම් නමැති රාක්ෂයෝ විශාල පිරිසක් බොහොම ආදරයෙන් බලා ඉඳීවි.ඔබව පිළිගන්න වෙලාවට ඔවුන්ගේ උල් දත්, උල් නිය හංගගෙන හිටියට ටික දවසකින් ඒවගෙන් ඔබට පහරදෙන්න ගත්තම මේ සමාජ ආර්ථික ක්‍රමය ඇතුලෙ විසඳුමක් හොයාගන්න බැරුව නිතැතින්ම වහලෙක් වෙන්න ඔබට සිදුවේවි.විශ්වීය දැනුම සොයන මනුෂ්‍යයෙක් විශ්වවිද්‍යාල තුලින් බිහිකරනවා වෙනුවට වර්තමාන අධ්‍යාපන ක්‍රමය පවා දිශානති වන්නේ ආර්ථික සත්වයෙකු බිහි කරන්නයි.වසර ගණනාවක් ඔබ එකතුකරගත් දැනුම සහතික කීපයකට සහ cv එකකට ගොනු කරන ඔබ සමාජයට ගොස් කෑ ගසා පවසන්නේ
“මට මෙච්චර සුදුසුකම් තියෙනවා, අනේ මාව කවුරුහරි මිලදී ගන්න “
කියා නොවේද?



ඔබව වෙළඳපලේ විකිනීමට බොහෝ දෙනෙකු බලන් ඉන්නා විට මේ බොහෝ දෙනා අතරට අලුතින්ම එකතුවන්නේ විශ්විද්යාලයිය පරිපාලනයයි.ගුණාත්මක අධ්‍යාපනයක් දීම පසෙකලා ඔබව සමාගම්වලට විකිණීමෙන් ලාභ ලැබීමටත් දැවැන්ත සමාගම්වල ලාභය තර කිරීමටත් ඔවුන් දැන් දැන් දතකට මදිමින් සිටියි. විශ්වවිද්‍යාල තුලින් බිහිවන්නේ product එකක් බව පවසන ඇතැම් ආචාර්යවරුන් යැයි කියාගන්න අය මෙම product එක අලෙවි කිරීමට සැදී පැහැදී සිටියි. මේ අමනුෂ්‍ය ක්‍රියාව ඔවුන් විවිධ  සුරතල් නාමයෙන්ගෙන්  හඳුන්වයි.එතනදී ඔබට පුළුවන් වෙනවා ඔබ විකිණෙන්නේ කාටද , කීයටද, කවදද කියල දැන්මම තීරණය කරන්න.ඉතිං ඔබම තීරණය කරන්න ඔබේ වටිනාකම කියද කියලා..
Share this article :

0 comments:

Post a Comment