Home » » දිනා ගත් මහපොළ ආණ්ඩුව කොල්ලකයි

දිනා ගත් මහපොළ ආණ්ඩුව කොල්ලකයි

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, April 21, 2015 | 2:22 PM

දිනා ගත් මහපොළ ආණ්ඩුව කොල්ලකයි


වසර 9කට අධික කාලයක් තිස්සේ රුපියල් 2500ක්ව පැවති මහපොළ ශිෂ්‍යාධාර මුදල සහ රුපියල් 2500ක්ව තිබූ ශිෂ්‍යාධාර වාරිකය වැඩිකරන බවට පසුගිය කාලය පුරාම මැතිවරණ වේදිකාවල අනිවාර්ය පොරොන්දුවක් බවට පත්වී තිබිණ.
ඒ අනුව වසර 9ක් තිස්සේ වැඩි නොකළ මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 4000ක් දක්වා වැඩි කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටම සිදු වුයේ මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000ක් කරන ලෙසට ශිෂ්‍ය ව්‍යාපාරය සිදුකල දැවැන්ත විරෝධතා හේතුවෙන්ය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් අයවැයේදී මහපොළ වාරිකය රුපියල් 4000ක් දක්වා වැඩි කිරීමට සිදු වූ අතර එය පාර්ලිමේන්තුවේදීද සම්මත විය.

ඒ අනුව මේ වසරේ ජනවාරි මස සිට රුපියල් 4000ක වාරිකය සිසුන්ට හිමිවිය යුතුව තිබිණ.
නමුත් මෛත්‍රිපාල - රනිල් ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රකාශවල පත්කරගෙන සිටියේ මෙම මහපොළ වාරිකය රුපියල් 5000ක් කරන බවයි.පසුගිය අතුරු අයවැයේදී ද එම ප්‍රකාශයම සිදුවිය.

නමුත් මේ වන විට රුපියල් 5000 ගෙවීම කෙසේ වෙතත් දිනාගත් රුපියල් 4000ක මුදල පවා ගෙවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.ඒ අනුව මාර්තු මස වාරිකය ගෙවා ඇත්තේ රුපියල් 2500ක මුදලක් පමණි.





Share this article :

0 comments:

Post a Comment