Home » » අධ්‍යයන හා සුබසාදන ගැටළු විසදනු - රජරට සිසුන් විරෝධතාවක...

අධ්‍යයන හා සුබසාදන ගැටළු විසදනු - රජරට සිසුන් විරෝධතාවක...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, March 18, 2015 | 5:21 PM

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අද (18) එම විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය.  මෙහිදී සිසුන් වැසිකිලි බාල්දී රැගෙන, දත් මදිමින්, ජල බේසම් රැගෙන යමින් ,තුවා දවටා ගනිමි උද්ඝෝෂණයේ නිරත විය. ඊට හේතුව මේ දිනවල විශ්වවිද්‍යාලය තුල පවතින උග්‍ර ජල හිඟයයි. මීට අමතරව ප්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය තුල ඇති මේ වන විට අබලන්ව පවතින  භාණ්ඩ ද උද්ඝෝෂණයෙන් රැගෙන ගොස් උපකුලපති කාර්යාලය තුල තැබීය.
ව්‍යවහාරික විද්‍යා පීඨය ඉදිරිපිට සිට උද්ඝෝෂණයෙන් සනාතන මන්දිරය දක්වා ගිය සිසුන් එහිදී උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සිසුන් හමුවට පැමිණ සිසු ගැටළු වෙනුවෙන් පිළිතුරු ලබා දෙන ලෙසයි. නමුත් එය ප්‍රතික්ෂේප උපකුලපතිවරයා පැවසුවේ සාකච්ඡාවක් ලබා දිය හැකි බවයි. නමුත් මෙකී සියලු ගැටළු සම්බන්ධව උපකුලපතිවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා සිදු කොට ති බැවින් යලි සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොව ඇත්තේ ගැටළු වලට ස්ථීර විසඳුම් ලබා  දීම බව පවසමින් සිසුන් දැඩි විරෝධත්වක් එල්ල කළහ.
දැනට සති කිහිපයක සිටම රජරට විශ්වවිද්‍යාලය තුල ජල සැපයුම සීමා කොට ඇත. විශේෂයෙන් උදෑසන දේශන සඳහා සිසුන් සහභාගී වීමට සුදානම් වන වේලාව හා දේශන අවසන් වී පැමිණෙන වේලාවේදී මෙලෙස ජාල සැපයුම අත්හිටවනු ලැබේ. මේ පිළිබඳව අප කල විමසීම් වලදී විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, ලේඛකාධිකාරීවරයා හා අනුරාධපුර ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් දෙනු ලබන්නේ පිළිතුරු තුනකි.
මෙම ගැටලුව සේම මේ වන විට විශ්වවිද්‍යාලය තුල විශාල අධ්‍යයන හා සුබසාධන ගැටළු විශ්වල ප්‍රමාණයක් මතුව තිබේ. ඒ අනුව පහත ගැටළු විසඳා ගැනීමට ඉදිරි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මහා ශිෂ්‍ය සංගමය ලෙස තීරණය කලේ පරිපාලනය සමඟ සිදු කල සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවය.
  • ·  ජල ගැටලුව ඇතුළු සියලු සුබසාධන ගැටළු වහ විසදනු !
  • ·  මහපොළ හා ශිෂ්‍යාධාර වාරික සෑම මසකම මුල් දිනයේදී ලබා දෙනු!
  • ·   අසාධාරණ ලෙස අහිමි කල මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් හිඟ වාරික සමඟ ලබා දෙනු!
  • ·  නේවාසිකාගාර ගැටලුවට තාවකාලික විසඳුම් වෙනුවට ස්ථීර විසඳුම් ලබා දෙනු!
  • ·  මැතිවරණ රැලි සඳහා භාවිතා කරන ලද ක්‍රීඩා පිටිය නිසි ප්‍රමිතියට සකස් කරනු!
  • ·   ආචාර්ය හිඟයට වහා විසඳුම් ලබා දෙනු!
  • ·    ප්‍රමාදයකින් තොරව විභාග ප්‍රතිපල නිකුත් කරනු!


මෙම ගැටළු විසදීමට විශ්වවිද්‍යාල පරිපාලනයට බල කරමින් මෙම උද්ඝෝෂණයක පැවැත්වීය.

Share this article :

0 comments:

Post a Comment