Home » » හිටපු ජනාධිපතිගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු සදහා යොදා ගැනීම හේතුවෙන් හානි වූ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය සම්බන්ධවයි.

හිටපු ජනාධිපතිගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු සදහා යොදා ගැනීම හේතුවෙන් හානි වූ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය සම්බන්ධවයි.

Written By Lahiru on Friday, March 6, 2015 | 6:49 PM

හිටපු  ජනාධිපතිගේ මැතිවරණ  ප්‍රචාරන කටයුතු සදහා යොදා ගැනීම හේතුවෙන් හානි වූ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය යලි සකස් කිරීමේ කටයුත්ත නිසි පරිදි සිදු නොකෙරීම සම්බන්ධව මහා ශිෂ්‍ය සංගමය උපකුලපතිවරයා වෙත යොමු කළ ලිපිය.

උපකුලපතිතුමා,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ,
මිහින්තලේ.
2015.03.06
හිටපු  ජනාධිපතිගේ මැතිවරණ  ප්‍රචාරන කටයුතු සදහා යොදා ගැනීම හේතුවෙන් හානි වූ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය සම්බන්ධවයි.
පසුගිය ජනාධිපති මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරන ප්‍රචාරන කටයුත්තක් සදහා රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රිඩා පිටිය ලබාදී තිබුනේය.සිවිල් ආරක්ෂක බලකායේ නියුතු වුවන්ගේ විශ්‍රාම වැටුප් ලබා දීමේ උත්සවයක් ලෙස පැවති මෙය සම්පුර්ණයෙන්ම මැතිවරණය ඉලක්ක කොට සිදු කල ප්‍රචාරන කටයුත්තකි.
මෙම උත්සවයෙන් අනතුරුව අපට දැක ගත හැකි තාවකාලික ඉදිකිරීම් හා වාහන ඇතුල් කිරීම හේතුවෙන් ක්‍රීඩා පිටියට දැඩි ලෙස හානි සිදුව තිබුනේ යලි එය  කිසිදු ක්‍රීඩාවකට  භාවිතයට ගත නොහැකි ආකාරයෙනි.ක්‍රීඩා පිටිය තුල ගල් අතුරා වාහන ඇතුල් කිරීමට මාර්ගයක්  ඉදිකර තිබුනේ ධාවන පථයට පවා හානි වන ආකාරයෙනි.
මේ පිළිබද ඔබතුමා ඇතුළු විශ්වවිද්‍යාල පරිපාලනය සමග සාකච්ඡා කිරීමේදී අප හට දැනුම් දුන්නේ යලි ක්‍රීඩා කටයුත්තකට හැරෙන්න වෙනත් කිසිදු කටයුත්තකට ක්‍රීඩා පිටිය ලබා නොදෙන බවත් හානි වූ ක්‍රීඩා පිටිය සිවිල් ආරක්ෂක බලකාය මගින් පිළිසකර කිරීමට එකග වූ බවත්ය.නමුත් පසුගියදා නිමා වූ නවක ක්‍රීඩා උළෙල වන විටත් ක්‍රීඩා පිටිය යලි සකස් කර අවසන් බව දැනගන්නට ලැබුන ,නමුත් අද ද ක්‍රීඩා පිටියට ගොස්  නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට දැක ගත හැකි වනුයේ ක්‍රීඩා කිරීමට තරම් සුදුසු මට්ටමක ක්‍රීඩා පිටිය තවමත් සකස් කර නොමැති බවය.ධාවන පථය පිළිබද සැලකිලිමත් වීමේදී එහි පවතින තත්ත්වය ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි අවදානම් සහගත තත්ත්වයකි.මන්ද පෙර කී උත්සවය නිසා හානි වූ ක්‍රීඩාපිටිය  නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් තවමත් එහි තැනින් තැන වලවල් දැකිය හැකිය.
නවක ක්‍රීඩා උළෙල සමාප්ති දිනයේදී අවසානයේදී ඇදහැලුන  ධාරානිපාත වර්ෂාවෙන් පසු ක්‍රීඩා පිටියේ රැස්වන ජලය බස යාමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් ක්‍රීඩා පිටිය මඩ වන අයුරු දැක ගත හැකි විය
මෙවන් හානියක් ක්‍රීඩා පිටියට සිදුව තිබෙන මොහොතක එය සෘජුවම ක්‍රීඩා කටයුතු වල නිරත වන සිසු සිසුවියන්ගේ ශරීර සෞඛ්‍යයට බලපෑම් එල්ල කරන බව අප හොදාකාරවම දන්නා කාරණයකි.නිරන්තර ආබාධ වලට ලක් වීම එහි ප්‍රතිපලයක් පමණි.එම නිසා තම පටු දේශපාලන අරමුණ ඉටු කර ගැනීම උදෙසා ජනතාව සතු දේපල මෙලෙස විනාශ කර දැමීමට කටයුතු කිරීම සේම විශ්වවිද්‍යාලය තුල ස්වාධිනත්ත්වය අහිමි කිරීම අප දැඩි ලෙස පිලිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.

එම නිසා හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය සම්පුර්ණයෙන්ම නිසි ප්‍රමිතියට සකස් කරන ලෙස අප බල කර සිටින්නෙමු! මිට පෙර අවස්ථා කීපයකදීම අප මේ පිළිබද විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත් කලද ප්‍රමාණවත් අවදානයක්  යෙමුව නැති බව අපට පෙනී යයි.එම නිසා ඉදිරියේදී සාකච්ඡා,ලිපි මගින් කෙරෙන දැනුවත් කිරීම් වලින් ඔබ්බට යන ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මෙයින් දන්වා සිටිමු.

Share this article :

0 comments:

Post a Comment