Home » » ආණ්ඩුවේ කඩාකප්පල්කාරී කණ්ඩායම් විසින් රජරට විරු සිසු ප්‍රතිමාව දෙවන වරටත් කඩා බිඳ දමයි.

ආණ්ඩුවේ කඩාකප්පල්කාරී කණ්ඩායම් විසින් රජරට විරු සිසු ප්‍රතිමාව දෙවන වරටත් කඩා බිඳ දමයි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, November 8, 2014 | 11:53 PM

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය ප‍්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ විරු සිසු ප‍්‍රතිමාව 2014/11/07 දින රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා විනාශ කර දමා ඇත. එමෙන්ම ශිෂ්‍ය මධ්‍යස්ථානය තුළ වූ භාණ්ඩ කිහිපයක් කොල්ල කා තිබේ. විශ්වවිද්‍යාලයයීය අභ්‍යන්තර ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාවේ යෙදී සිටියදී මෙම කඩාකප්පල්කාරී ක‍්‍රියාව විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ සිදුව තිබීම මෙහිදී විශේෂ කොට දැක්විය යුතුය. මෙම විරුසිසු ප‍්‍රතිමාව සමස්ථ සිසුන්ගේ ශ‍්‍රම සහභාගීත්වයෙන් ඉදි කරන ලද්දකි.

පසුගිය කාල සීමාව තුළ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් දැඩි මර්දනයක් එල්ලකරමින් පාලනාධිකාරය ගෙන ගිය කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙලට එරෙහිව සටන් වැද විශාල ජයග‍්‍රහණ අත්කර ගැනීමට මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය ප‍්‍රජාවට හැකි විය. එමෙන්ම තව දුරටත් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණය හා ප‍්‍රතිපාදන කප්පාදු කිරීමත් යන ජනහිතවාදී නොවන අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හමුවේ දැඩිව සටන් වදිමින් සිටියි. එබැවින් අප දැඩිව ප‍්‍රකාශ කොට සිටින්නේ මෙම කඩාකප්පල්කාරී ක‍්‍රියාව, මහා ශිෂ්‍ය සංගමය ඇතුලූ ශිෂ්‍ය ප‍්‍රජාවගේ මෙම ප‍්‍රගතිශීලී සටන් දෙස බලා සිටිය නොහැකි ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම් විසින් සිදු කරන බවයි.
එමෙන්ම ඒ සඳහා ආරක්ෂක අංශ ඇතුලූ විශ්වවිද්‍යාලයීය පරිපාලනය සෘජුවම සම්බන්ධ බවද අවධාරණය කර සිටිමු. අප මෙහිදී අධ්‍යාපන බලධාරීන් ඇතුලූ ආණ්ඩුවේ සියලූ වගකිවයුත්තන්ට කියා සිටින්නේ මෙවැනි පිළිකුල් සහගත ක‍්‍රියාවන්ගෙන් ශිෂ්‍ය එකමුතුව හෝ ශිෂ්‍ය ව්‍යාපාරය බිඳහෙලිය නොහැකි බවත් මෙම ක‍්‍රියාවන්ගෙන් අප තවදුරටත් ශක්තිමත් වන බවත් මෙවන් ක‍්‍රියාවන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද අප මෙහිදී ප‍්‍රකාශ කර සිටින්නෙමු.
Share this article :

0 comments:

Post a Comment