Home » » බදු කාගේද? බඩු කාගේද?

බදු කාගේද? බඩු කාගේද?

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, October 17, 2014 | 9:39 AM

කැත නැති වුවද ලස්සන කල යුතුය.
කැතට තිබුණ කල ඒවා කැත වුයේ අපට පමණකි.
කැතයි කීවද අපට කැතටම ඉන්නට කියා අහක බලාගත් අය බොහෝය. 
නමුත් දැන් කැත නැති වුවද ලස්සන කීරීම ආරම්භ කර ඇත. විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාර හදිසියේ තීන්ත ආලේප කීරීම ආරම්භ කර ඇත. 

තීන්ත අලේප කිරීම හොඳ කාර්යයකි. නමුත් හදිසියේ තීන්ත ආලේප කිරීමට වඩා අඩුපාඩු ඕනෑ තරම් නේවාසිකාගාරය වල පවතී. සියලු වැඩ පසෙකලා සුබසාධන රැස්වීම්වලට යාමට නේවාසිකාගාර වල සියලු ගැටළු වාර්තා සෑදු අත්දැකීම් අපට ඕනෑ තරම් ඇත. (ආවා නම් ඉගෙනගෙන පලයව් කියන බොහෝ දෙනෙකු මේවා නොසිතන එක ගැන සිතිය යුතුය.) මාසයකට වරක් හෝ අඩුපාඩු සොයා බලා වාර්තාවක් සැපයීමේ වගකිම ඇත්තේ අපට නොව පාලකයන්ටය. නමුත් ඇතැම් උපශාලාධිපතිවරියන් සිසුවියන්ට බීමට ජලය විකිණීම නම් අදටත් අපුරුවට සිදුවෙමින් පවතී.

බඩදරු අම්මා කෙනෙකු ස්වකීය දරු ගැබ පෝෂණය කිරීම උදෙසා ගනු ලබන දේවලට බදු අය කරනු ලබයි. දරුවාද බදුකාරයෙකි. ණයකාරයෙකි. පෙම්වතියක් පෙම්වතෙකුට දුරකථන ඇමතුමක් ගත්තද රජයට බදු ගෙවිය යුතුය. ක්ක්ක්ක් පණිවිඩයක් යැව්වද බදු ගෙවිය යුතුය. බස් රථයක යාමට බදු ගෙවිය යුතුය. කෑමට බදු ගෙවිය යුතුය. සබන්, පවුඩර්, බෙහෙත්, ඇඳුම් වලට බදු ගෙවිය යුතුය. වැසිකිළි යාමට ද බදු ගෙවිය යුතුය.

ඉතා සුළුතරයක් හැරුණු කොට මේ සමාජයේ බොහෝ දෙනා බදු ගෙවන මිනිසුන්ය. හිඟන්නාගේ සිට එය පොදු දෙයකි. හිඟන්නාට බදු නැති ප්ලේන්ටි, බදු නැති බනිස් කියා දෙයක් නැත. රජය අදායම් සපයා ගන්නා ප්‍රධාන මාර්ගයකි, බදු. 

එසේනම් එකී බදු මුදලින් වෙන් වන ප්‍රතිපාදන වල සැබෑ හිමිකරුවන් මෙරට ජනතාවයි. ජීවත් වූ පැල්පත අහිමි කර දමා නවමු නිවාස සෑදෙන්නේ පැල්පතේ සිට ගෙවූ බදු මුදලිනි. දරුවාගේ පාසලට, විශ්වවිද්‍යාලයට ප්‍රතිපාදන වෙන් කරන්නේ අප ගෙවූ බදු මුදලිනි. නොමිලේ බෙහෙත් ටික දෙන්නට මුදල් වෙන් කරන්නේ ජනතාවගේම මුදලිනි. බදු මුදලිනි.

එසේනම් මේ පහසුකම් භුක්ති විඳීමේ, සේවාවන් ලබා ගැනීමේ නියම අයිතිකරුවන් මෙරට ජනතාවය. විශ්වවිද්‍යාලයේ ඉදිවන නේවාසිකාගාරය, වතුර ටැංකිය, දේශන ශාලාව, වැසිකිළි බාල්දිය පවා ලැබෙන්නේ අප ඇතුළු මෙරට ජනතාවගේ මුදලින්ය.

එසේ නම් ජනතා මුදලින් ඉදිවූ නේවාසිකාගාර, දේශන ශාලා ඇතුළු ඉදිකිරීම් විවෘත විය යුත්තේ මෙරට ජනතාවගේ අතිනි. ස්වකීය දේශපාලන බලය ධනවාදී සමාජ ක්‍රමය ආරක්ෂා කිරීම උදෙසා මහමග මිනිසුන් මරා දමන, ජනතා මුදලින් දැවැන්ත මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාව රවටන මිනිසුන්ට එසේ ජනතා මුදල් ස්වකීය බලය තහවුරු කර ගැනීම උදෙසා භාවිතා කිරීමට අවස්ථාව ලබා දිය නොහැකිය.

අනෙක් කාරණය නම් ජනතාවගෙන් මුදල් අය කරගෙන තිබියදී තවදුරටත් අධ්‍යාපනය විකිණීම ස්වකීය අධ්‍යාපන ප්‍රතිපත්තිය කොටගත් ආණ්ඩුවක ඒජන්තයට විශ්වවිද්‍යාල භුමිය ඇතුළු වීම සිදු කල නොහැකිය. මිනීමරු නායකයෙකු ජනතා මුදලින් ඉදි වූ ඉදිකිරිම විවෘත කොට සිය දේශපාලන බලය තහවුරු කිරීමට මේ විශ්වවිද්‍යාල භූමියට පැමිණීම අපට කිසිසේත්ම ගෞරවයක් කොට සැළකිය නොහැකිය.

පිරිසිදු කිරීම් අංශයේ සිටිනා ආදරණීය අම්මා කෙනෙකු අතින් මේ ඉදිකිරිම් විවෘත කිරීම අප ඊට වඩා 100% කම ගෞරවයකි.
අනෙක නම් ජනාධිපතිවරණය අහවර වූ වහාම මේ මර්දනය දෙගුණ තෙගුණ වන බව සියල්ලෝම මතකයේ තබා ගැනීම හොඳය. සබරගමුවේ සිසුන්ට පන්න පන්නා ගහන තුරු සංවේදී නායකයින්ගේ අහවල් එක උණු වුයේ නැති වගද මතක තබා ගනු මැනවි.
Share this article :

1 comments:

  1. මිනීමරුවොන්ගේ රෙද්ද පල්ලෙ ඉදන් රටේ නායකයන්ට මිනීමරුවෝ කියන්නේ රෙදි ඇදගෙනද ? ඔය මහලොකුවට අදහගෙන ඉන්න උන් තමයි කාලකණ්නි මිනීමරුවෝ. 88/89 කාලේ මිනීමැරුවේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

    ඔය මහා ලොකුවට කයිය ගහන්න කලින් මතක තියාගත්තොත් හොදයි ඔය බදු වලින් තමයි විදුලි බිල, වතුර බිල ගෙවන්නේ කියලත්. මහපොල ගත්ත දවසට බීල ඇවිත් කඩල දාන දේවල් ගන්නෙත් ඒ බදු වලින් තමයි. මෙලෝ බල්ලෙක් නැති වෙලාවටත් කාමර වල ලයිට්, ෆෑන් දාල, බාත් රූම් වල ඔහේ ටැප් එක ඇරල තියනකොට ඒවයි වියදම ගෙවන්නෙත් ඔය කතා කරන බදු වලින් තමයි.

    අනිත් එක බොරු කැට ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ට බොරු මවාපාලා එකතු කරන සල්ලි ඒ මිනිස්සු ගස් වලින් කඩන ඒවා නෙමෙයිනේ. ඒ හොයන සල්ලි වලින් වැඩි කොටසක් අන්තරේට යවනකොට ඔය කියන සාධාරණකම් මතක් වෙන්නේ නැද්ද? අන්තරේ ඉන්න කුලියට කහින කාලකණ්නින්ට බොන්න, කුඩු ගහන්න, ගන්ජා ගහන්න, පෝස්ටර් ගහන්න සල්ලි එකතු කරනකොට ඔය සාධාරණකම් මතක් වෙන්නේ නැද්ද?

    අනිත් එක ඉස්සර වගේද අද, කැම්පස් කොච්චර වල් වැදිලද. එකම බැච් එකේ කෙල්ලෙක්ව රූම් වලට අරන් ගියපු කොල්ලෝ කීයක් ඒ බැච් එකේම ඉන්නවද, කැම්පස් එකේ බඩු කීයක් ඉන්නව්ද? විලිලැජ්ජ නැතුව බැදපු කෙල්ලොත් එක්කත් ලව් කරන උන් කීයක් අද කැම්පස් එකක ඉන්නවද? දැන් කැම්පස් වල ඉන්නේ බඩුකාරයොයි, බඩුයි. රට හදන්න කලින් අඩුමගානේ කැම්පස් එකේ තියන සාරධර්ම ටිකවත් හදන්න බැලුව නම් හොදයි. ඉස්සර කාලේ කැම්පස් ඔය වගේ බලු උනේ නෑ. යූනියන් වැඩ කරේ කැම්පස් වෙනුවෙන්, නැතුව කාපු පතේ පහරන මූසලයන්ට නෙමේ.

    ReplyDelete