Home » » මහින්ද, SB නො ආ යුත්තේ ඇයි ?

මහින්ද, SB නො ආ යුත්තේ ඇයි ?

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, October 8, 2014 | 12:55 PM

 ජල පෙරන ලැබී ඇත.නේවාසිකාගාර ඉදිවෙමින් පවතී.අගල් 32 LED TV   සිසු අයිතියට ලබා දී  ඇත. විශ්වවිද්‍යාලය පුරා අන්තර්ජාල පහසුකම් සැපයීමට නියමිතව ඇත.කැඩුණු විගස ජල කරාම වලට අලුත් ඒවා සවි වේ.විදුලි පංකා ,විදුලි බුබුළු අලුත්ම ඒවා ලැබෙමින් පවතී.

නව නේවාසිකාගාරයට ලී  ගෘහ භාණ්ඩ දැමීමට නියෝග කර ඇත.විශ්වවිද්‍යාලය ඉදිරිපිට දර්ශනීය ලෙස ඉදිකිරීමට සැලසුම් කර එහි ඉදීකිරීම්  කඩි මුඩියේ සිදු කෙරෙමින් පවතී.මහපොළ ,ශිෂ්‍යාධාර  නොමැති අයට තවත් ශිෂ්‍යාධාර මුදලක් හදුන්වා දී ඇත.ඉතිරි මාස දෙක තුන කාලය තුල තව බොහෝ දේ ලබා දෙන බවට පොරොන්දු හා අල්පෙනිත්තේ සිට බොහෝ දේ ක්ෂණිකව ලබා දෙනු ඇත.

මීට මාස කිහිපයකට පෙර රජරට විශ්වවිද්‍යාල භුමිය යනු අරගලයක් පැවති භූමියකි.අරගලයේ ඉල්ලීම් 9යකී.
1.පංති තහනම් 28 ඉවත් කරනු!
2.කලමනාකරණ උපාධිය මුදලට විකිණීම නවතනු!
3.ව්‍යවහාරික විද්‍යා උපාධිය මුදලට විකිණීම නවතනු!
4.සියලු සිසුන්ට පිරිසිදු පානීය ජලය ලබා දෙනු!
5.සිසු ආරක්ෂාව තහවුරු කරනු!
6.විශ්වවිද්‍යාලය තුල ස්වාධීනත්වය තහවුරු කරනු!
7. විශ්වවිද්‍යාලය තුල දේශපාලනික මැදිහත්වීම වහා නවතනු!
8.නේවාසිකාගාර ගැටළු හා නවතන් ගැටළු වහ විසදනු!
9.ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල පැය 24 ක් විවෘතව තබනු!

මෙහි පළමු ඉල්ලීමට විසදුම් ලැබුනේ වසරකට අධික කාලයක් සිදු කල අරගලයෙනි.දින 238ක් අඛණ්ඩ සත්‍යග්‍රහයකිනි. අත්අඩංගුවට ගැනීම් 12,සිරගත කිරීම් 39,නඩු පැවරීම් 41ක් සමගිනි.
අප වසර ගනනාවක් තිස්සේ අරගල කල ජල ප්‍රශ්නයට රුපියල් දස ලක්ෂ පනස්දහසක ජල පෙරන දෙකකින් පිළිතුරු ලැබී ඇත.නේවාසිකාගාර ගැටලුවට විසදුම් නව නේවාසිකාගාර වීවෘත කිරීමෙන් ලබිමට නියමිතය.රාත්‍රී වනතුරු දේශන තිබියදී සවස 6ට වසාදැමූ ව්‍යවහාරික   ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල මේ වන විට රාත්‍රී 8 වනතුරු වීවෘත තිබේ.වැසිකිලි බාල්දි නොමැති වීම පවා ඉහල නිලධාරීන්ගේ අවධානයට ලක්වෙමින් පවතී. ශිෂ්‍ය  මධ්‍යස්ථානයට ඉල්ලු සැනින් ක්‍රීඩා භාණ්ඩ ලැබෙමින් පවතී.තව තව දේවල් ලැබෙමින් පවතී.
තවත් හොදින් මතකයට නගා ගත යුතු කරුණක් ඇත.අරගලයට පෙර ද අප මේ සියලු දේ ඉල්ලා ලිපි දෙක තුනක් වත් දෙනතුරු වල් ගහක් හෝ  උදලු ගෑමට විශ්වවිද්‍යාලය පරිපාලනයට මතක් වූයේ  නැත.ජල අර්බුධයක් පිළිබඳ හාන්කවිසියක්වත් ඔවුනට තිබුනේ නැත.ජලයේ පණුවන් පැමිණෙන බව කී විට ඒවා ශිෂ්‍ය නියෝජිතයන් ටැංකිවලට දැමු පණුවන්ය බව කියා එලව  ගන්නට විය.උපකුලපති සමග සාකච්ඡා කිරීමට පෝරම පිරවිය යුතු විය.නමුත් දැන් තත්වය සම්පුර්ණයෙන් කනපිටය.ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට අංක එක දීමට උපරිම උත්සාහ දරමින් සිටි.එසේනම් නව නේවාසිකාගාරය වීවෘත කිරීමට ජනපති මහින්ද හෝ උසස් අධ්‍යාපන  ඇමති SB විශ්වවිද්‍යාලයට පැමිණීම අවුලක් නැත. 

නැත....අවුලක් ඇත.

කලමනාකරණ උපාධිය තවමත් අපුරුවට විකිණීම සිදුවෙමින් තිබේ.මාලබේ හොර උපාධි කඩය නීති ගත කිරිමට අදාල අණ පනත් සම්මත කිරීමට ඕනෑම ජරා වැඩක් කිරීමට ආණ්ඩුව සුදානම්ය.එනම් අප සටන් කල අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අබමල් රේණුවකින් හෝ වෙනස් කිරීමට ආණ්ඩුව සුදානම් නැත.අප පුනපුනා කී ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාමාර්ගය පසුගියදා සබරගමුව සරසවියට බලහත්කාරයෙන් ඇතුළු වූ SB අමාත්‍යවරයාගේ කටින්  අසන්නට ලැබුණි ,එනම් විශ්වවිද්‍යාලය කෙරෙහි ලිහීල් ප්‍රතිපත්තියන් ක්‍රියාත්මක කිරීමට හේතුව මැතිවරණ සමයක් පැවතීමයි.නැත්නම් ආණ්ඩුව අට්ටාල වලට සැරට සලකනු ඇත.සැරට සැලකු පේරාදෙණිය ,රජරට,ජ’පුර අට්ටාල නැවතුනේ සැර සැලකිලි වලින් නොව ඉල්ලීම් ලබා දිමෙන් පසු බව ඇමති හාදයට අමතක වී නැති බව නම් විශ්වාසය.නමුත් සබරගමුව සරසවි සිසු විරෝධය හමුවේ ඇත්ත එලියට නොදා බැරි තැනම ඔහු කුපිත වූ බවද විශ්වාසය.
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීම  හැරෙන්නට සබරගමුව සරසවි සහෝදරත්වය SB අමාත්‍යවරයා  පැමිණීමට විරුද්ධ වීමට තව හේතු ගණනාවක්ම පැවැතිණි .

1.නව කාන්තා නේවාසිකාගාරය අනාරක්ෂිත තත්වයක පැවතීම.
2.අසාධාරණ ලෙස ලබා දුන් පංති තහනම් ඇත.
3.ශිෂ්‍ය සංගම් තහනම් කර ඇත.
4.විශ්වවිද්‍යාල තුල නිදහස උපරිම සිමා කර ඇත.

නමුත් අපට ඉල්ලන ඉල්ලන දේ දෙමින් තිබියදී අප විරුද්ධ විය යුත්තේ ඇයි?

අපට ඒ සියලු දේ දෙමින් තිබෙන්නේ අප නිහඩ කිරීම උදෙසාය.වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අධ්‍යාපනය විකිණීමයි.එකී ප්‍රතිපත්තියට විරුද්ධව සටන් කල සහෝදරයන් තිදෙනෙකු මෙරට ආණ්ඩුව ඝාතනය කළහ.එනම් විශ්වවිද්‍යාල තුලට පැමිණ නේවාසිකාගාර විවෘත කරමින් සුදනන් වීමට හදන්නේ මිනිමරුවන්ය.ලාභය උදෙසා අධ්‍යාපනය විකිනීමට එරෙහි වූ සිසුන් දහස් ගණනකගේ පංති තහනම් කරමින්,ශිෂ්‍යභාවය අහෝසි කලේ වත්මන් ආණ්ඩුවයි.
නව ජල පෙරන,නේවාසිකාගාර ඉදිකරන්නට ප්‍රතිපාදන සපයාගත් මෙරට ජනතාව වතුර විස වී දිනකට 15  දෙනා බැගින් මියයමින් සිටි.එසේනම් අපට පිරිසිදු ජලය ලැබුණු පමණින් අපට නිහඩ විය හැකිද?ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කරන තුරු අප බලා සිටිය යුතුද?හෙට දවසේ පවතින දේශපාලන උවමනාවන් උදෙසා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට විශ්වවිද්‍යාල වලට පැමිණීමට නියමිතව ඇත්තේ අධ්‍යාපනය විකිණීම උදෙසා මිනීමැරූ මිනිමරන්නට සුදානම් පාලකයන්ය.
නමුත් සමස්ත සමාජයක අයිතීන් උදෙසා සටන් කර ජිවිත පරිත්‍යාග කල මිනිසුන් බිහිකළ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළු වීම ජනාධිපති මහින්ද ඇතුළු ධනවාදයේ කිසිදු නියෝජිතකුට තහනම්ය.ඇතුළු වුවහොත් එය බලහත්කාරී ඇතුළු වීමකි.එයට විරුද්ධ වීම අපට කල හැකිය,කල යුතුය.





Share this article :

4 comments:

  1. හොද අදහස් එත් ප්‍රායෝගික නැ

    ReplyDelete
  2. කියන විදිහට වැඩේ වෙනවනම් හොඳයි. හැබැයි ප්‍රශ්නේ සරසවිය තුල ශිෂ්‍ය නියෝජනය සරසවියේ ශිෂ්‍යයන්ට ඇති ප්‍රශ්න පසෙක ලා විවිධ වූ දේශපාලන මතයන් සඳහා පෙනී සිටීමයි.
    SB මෙන්ම මහා රාජාද නිදහස් අධ්‍යාපනයට වල කපන්නන් බව අපි දනිමු. ඔවුන්ට විරුද්ධ විය යුතු බව අපි එක හෙලා කියා සිටිමු.
    නමුත් ඒ මුවාවෙන් සිසුවන් එක් එක් දේශපාලන මත වලට කඩේ යැවීම අනුමත කළ නොහැක.

    අදහසක් -
    ශිෂ්‍ය නෙවාසිකාගාර අනාරක්‍ෂිත නම් ඒ බව සාක්ෂි නොමැතිව ඉදිරිපත් කිරීම පලක් නොමැති කාර්යයකි! නිසි වාර්තාවක් මගින් එය ඉදිරිපත් කරන්නේනම් එය වැදගත් වනු ඇත.

    ReplyDelete
  3. එන එක නැවැත්වීම හෝ ආ පසු විරොධතා දැක්වීම වැනි මෝඩ තීරණ ගෙන තව තවත් සිසුන් අගාධයට දැමීමෙන් පලක් නැත..එනවාට අකමැතිනම් ඒවාට සහභාගි නොවී සිටින්න

    ReplyDelete
  4. විශ්වවිද්‍යාලය තුල දේශපාලනික මැදිහත්වීම වහා නවතනු!

    hikz පට්ටම joke එක. jvp, කුරුටුගාමි උනාට අවුලක් නෑ. අනිත් ඒවා තමයි අවුල. :P

    ReplyDelete