Home » » ජනතාව දැනුවත් කිරීමේ දිනය

ජනතාව දැනුවත් කිරීමේ දිනය

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, September 23, 2014 | 12:44 PM

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය අධ්‍යාපනය විකිණීම බව මෙරට අධ්‍යාපන බලධාරීන් ප‍්‍රසිද්ධියේ පිලිගෙන ඇත. ඒ අනුව මෙරට අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ විශාල අර්බුද ගණනාවක්ම නිර්මාණය කරමින් පවතින අතර සමාජයේ සියලු දෙනාගේ අයිතියක් විය යුතු අධ්‍යාපනය මේ වන විට සම්පුර්ණ වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක ආණ්ඩුව නිරතව සිටී.

මාලඹේ හොර උපාධි කඩය නිතී ගත කිරීම උදෙසා ආණ්ඩුව දැඩි උත්සාහයක් ගනිමින් සිටිනුයේත්, පාසල් වලින් මුදල් අය කරමින් තව දුරටත් දෙමාපියන් මත බර පටවන්නේත්, අධ්‍යාපන ප‍්‍රතිපාදන දිගින් දිගට කප්පාදු කරමින් සිිටින්නේත්, මෙම තත්ත්වයට විරුද්ධ වන්නන්ට දැඩි මර්දනයක් කැඳවන්නේත් අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේ අරමුණෙනි.

එම නිසා මෙම අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිපත්තියට එරෙහිව සටනක් ආරම්භ කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව පහත සටන්් පාඨ 4 මුලික කරගත් අඛණ්ඩ අරගලයක් අප මේ වන විටත් ආරම්භ කර ඇත.

1.   මාලඹේ හොර උපාධි කඩය වහා අහෝසි කරනු !
2.    පාසල් වලින් මුදල් අය කිරීම වහා නවතනු !
3.   මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000 දක්වා වැඩි කරනු !
4.   අධ්‍යාපනය විකිණීමට කරන ශිෂ්‍ය මර්දනය නවතනු !

මෙම අඛණ්ඩ අරගලයේ එක් පියවරක් ලෙස රටේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස අනුරාධපුර, පොළොන්නරුව හා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්ක වල ජනතාව දැනුවත් කෙරේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ඒකාබද්ධ කර ගනිමින් හෙට(24)
 දිප ව්‍යාප්තව සිදු කරනු ලබන ජනතාව දැනුවත් කිරීමේ දිනයට සමගාමීව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ.

දිනය         :2014.09.24
වේලාව     : පෙ.ව. 9.00 සිට දවස පුරා
ස්ථානය    : අනුරාධපුර, පොළොන්නරුව හා ත‍්‍රිකුණාමලය

Share this article :

0 comments:

Post a Comment