Home » » ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජරට සිසුන් විරෝධතාවක.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජරට සිසුන් විරෝධතාවක.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, September 11, 2014 | 5:32 PM


ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් අද දහවල් මිහින්තලේ නගරයේදී විරෝධතාවක නිරත විය. රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම උද්ඝෝෂණය ආරම්භ කළ අතර අනතුරුව පාගමනින් මිහින්තලේ නගරය දක්වා ගමන් කොට එහිදී පැයකට ආසන්න කාලයක් සිසු සිසුවියන් විරෝධතාවේ නිරත වුයේ විවධ සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමිනි.

  


   1.       මාළඹේ හොර උපාධි කඩය වහා අහෝසි කරනු!
   2.       පාසල් තුල මුදල් අය කිරීම වහා නවතනු!
   3.       මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 දක්වා වැඩි කරනු !
4 4.       අධ්‍යාපනය විකිණීමට සිදුකරන ශිෂ්‍ය මර්දනය නවතනු!

යන සටන් පාඨ මූලික කරගනිමින් පැවති මෙම උද්ඝෝෂණය සඳහා රජරට විශ්වවිද්‍යාලයේ පීඨ පහම නියෝජනය කරමින් සිසු සිසුවියන් දහසකට අධික පිරිසක් සහභාගී වූහ.


වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා සිදු කරගෙන යනු ලබන අධ්‍යාපන පෞද්ගලීකරණය, ප්‍රතිපාදන කප්පාදුව හේතුවෙන් මේ වනවිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට, දෙමාපියන් හා පාසැල් සිසු සිසුවියන්ට මුහුණ පෑමට සිදුවන පීඩාව වහා නැවැත්විය යුතු බවත්, නිදහස් අධ්‍යාපනය සුරකින බවට බොරු පොරොන්දු දුන් ආණ්ඩුව මේ වනවිට එළිපිටම අධ්‍යාපනය විකිණීමේ කටයුත්ත සිදු කරගෙන යන බවත්, ඉදිරියේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යටතේ දිවයිනේ සියලු විශ්වවිද්‍යාල, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඒකාබද්ධ කරගත් සටනක් ආරම්භ කරන බව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් කුමාර සහෝදරයා අදහස් දක්වමින් පැවසීය.

Photos>>> 


Share this article :

0 comments:

Post a Comment