Home » » අධ්‍යාපන කප්පාදුව, විකිණීම හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව රජරට සිසුන් වීදි බසිති.

අධ්‍යාපන කප්පාදුව, විකිණීම හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව රජරට සිසුන් වීදි බසිති.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, March 12, 2014 | 5:20 PM

අධ්‍යාපන කප්පාදුව, විකිණීම හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව රජරට සරසවි සිසුන් අද (12) දහවල් එම විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ පීඨ 5 ක සිසු සිසුවියන් එක්ව සිටියහ.
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්ථානය අසලින් මෙම උද්ගෝෂණය ආරම්භ කල අතර සිසුන් සටන් පාඨ කියමින් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය වෙත පැමිණියහ. ප්‍රධාන මාර්ගයේ පයක පමණ සිසුන් එලෙස විරෝධතාවේ නිරත විය.
උද්ඝෝෂකයින් කියා සිටියේ මේ වන විට රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 දෙනෙකුට ලබා දී ඇති පන්ති තහනම් ඉවත් කිරීම ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුල පැන නැගී ඇති අර්බුද වලට වග කිව යුත්තේ මෙරට ආණ්ඩුව බවයි. එනම් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වී ඇත්තේ අධ්‍යාපනය විකිණීම බවත් ඒ හරහා නිර්මාණය වූ ගැටළු හේතුවන් ලංකාවේ විශ්වවිද්‍යාල බොහොමයක මේ වන විට විවිධ අර්බුද ගණනාවක් නිර්මාණය වී ඇති බවත්ය. එම නිසා මෙම ගැටළු සියල්ලටම වහා විසඳුම් ලබා දී විශ්වවිද්‍යාල පද්ධතිය යතා තත්ත්වයට පත් කර ලෙස ඔවුහු ආණ්ඩුවට බල කර සිටියහ.
අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට ද අදට(12) දින 9කි.

Share this article :

0 comments:

Post a Comment