Home » » මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු.5000 ක් කරගැනීමේ පෙත්සම

මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු.5000 ක් කරගැනීමේ පෙත්සම

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, August 7, 2014 | 2:40 PM

මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිමි වන මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් රුපියල් 2500ක් සහ රුපියල් 2000 ක් වේ. මෙම මුදල වසර 9  ක් තිස්සේ කිසිඳු ආකාරයකින් වැඩි වී නොමැත. නමුත් වසර නවයක් තිස්සේ ජීවන වියදම ඇතුළු ආර්ථික සාධක වල වෙනස සැලකීමේදී මෙම මුදල අනිවාර්යයයෙන්ම වැඩි යුතුය. මහපොළ හා ශිෂ්‍යාධාර ලබා දීමේ මුලික අරමුණ වන ආර්ථිකය අධ්‍යයයන කටයුතු වලට බලපෑමක් නොවීම යන්න පවා ඉෂ්ඨ නොවන තත්ත්වයකට පත්ව ඇත.
ඒ අනුව සටන් පාඨ 3ක් යටතේ මහපොළ හා ශිෂ්‍යාධාර මුදල සම්බන්ධයෙන් සටනක් ආරම්භ කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර ඇත. එහි මුලික පියවරක් ලෙස පහත ඉල්ලීම් මුලික කරගනිමින් සිසු පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කෙරේ.

1)      මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 ක් දක්වා වැඩි කරනු!
2)     පාඨමාලාව ආරම්භයේ සිට මාසයේ නිශ්චිත දිනකදී මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ලබා දිය යුතුය!
3)      මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ලබා දීමේදී සලකන අදායම් සීමාව ඉහල දමනු!
මහපොළ ලබා දෙන ශිෂ්‍ය ප්‍රමාණය පුළුල් කරනු! 


ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහන අද (07) දින දහවල් 12  රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී ද පැවැත්විණ.

Share this article :

0 comments:

Post a Comment