Home » » අක්කර 219ක තහනම

අක්කර 219ක තහනම

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, October 25, 2013 | 3:42 PM



ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 දෙනෙකුට මේ වන විට විශ්වවිද්‍යාල භුමිය තහනම් ය. එනම් මේ රට තුල අක්කර 219ක භුමිභාගයට ඇතුලු වීම ඔවුන්ට තහනම් ය.
අද වන විට මෙලොව බොහෝ දෙනෙකුට බොහෝ දේ තහනම් ය.


ජිවත් වන අයට ජීවිතය තහනම් ය.
බඩගිනි අයට කෑම තහනම් ය.
ආදරය කරන අයට ආදරය තහනම් ය .
ක්‍රීඩා කරන අයට ක්‍රීඩාව තහනම් ය.
මාධ්‍යවේදියාට මාධ්‍ය තහනම් ය.
පොලිසියට පොලිස් රාජකාරිය තහනම් ය.
වෛද්‍යවරයාට වෙදකම තහනම් ය.
කලාකරුවාට කලාව තහනම් ය.
ගුරුවරයාට ඉගැන්වීම තහනම් ය.
ශිෂ්‍යයාට ඉගෙනීම තහනම් ය.
අවසානයේ අපට අපව තහනම් ය.

එසේ නම් අක්කර 219ක තහනම යනු කුමක්ද? ශිෂ්‍යයාට ඉගෙනගන්නට තහනම් වූ සරසවියේ තහනම ඉවත් කිරීමට කළ උත්සාහය නිසා අක්කර 219 තහනම් විය. නමුත් මේ තහනම ඇත්තේ අක්කර 219 යේ පමණි. අක්කර 219ට පය තැබීම පමණක් තහනම්ය. 

උපකුලපතිවරයාට ඇත්තේ අපට තහනම් අක්කර 219 පමණි. පීඨාධිපතිවරයාට ඊටත් අඩුය.
විනයපාලකට ඇති දෙයක් නැත.

අක්කර 219ක් පුරා සිටි මිනිසුන් අප සමග ඇත.
අක්කර 219න් පිට අපට ඕනෑ තරම් ඉඩ ඇත.
ජිවත් වන අයට ජිවත් විය හැකි
බඩගිනි අයට කෑම ඇති
ආදරය කරන අයට ආදරය ඇති
ක්‍රීඩා කරන අයට ක්‍රීඩාව ඇති
පොලිසියට නිසි රාජකාරිය ඇති
වෛද්‍යවරයාට වෙදකම ඇති
කලාකරුවාට කලාව කල හැකි
ගුරුවරයාට ඉගැන්විය හැකි
ශිෂ්‍යයාට ඉගෙනගත හැකි
අපට අපි ලෙස කටයුතු කල හැකි
තැනක් නිර්මාණය කිරීම  අක්කර 219 තහනම් වූ පමණින් අප පසුබට විය යුතු නැත. උපකුලපතිවරයට අද වන විට විශ්වවිද්‍යාලයේ සියලු සිසුන් වැරදිකරුවන්ය. වැරදි නොමැති වුවන්ට පවා දඩුවම් දෙන්නේ ඒ නිසාය. එය රටේ ද තත්ත්වයකි. ධනපති පාලකයන්ට මේ රටේ සියලු මිනිසුන් වැරදිකරුවන්ය.

උපකුලපතිවරයා සටන් කරයි. නමුත් ඔහුට වැරදි ඇත. ඔහුගේ සටන ඔහු වෙනුවෙනි. එහිදී අවශ්‍ය නම් පීඨාධිපතිවරුන් ද ඔහු කපා දමනු ඇත. ළගම සිටින විනයපාලකවරයාද ඔහුට අවශ්‍ය නම් කපා දමනු ඇත. පීඨාධිපතිවරුන්ගේ  සටනට උපකුලපති බාධාවක් නම් ඔවුන් උපකුලපති කපා දමනු ඇත. 

ආචාර්යවරුන්ටද මේ අක්කර 219 තහනම් වූ අවස්ථා ඇත. නමුත් ඔවුන් ඇතැම් කරුණු වටහා ගෙන ඇත්තේ වැරදියටය. ආචාර්යවරුන් සහ පාලකයන් යනු දෙකොට්ඨාශයකි. උපකුලපති, පීඨාධිපතිවරු, විනයපාලක, ලේඛකාධිකාරී යනු පරිපාලන නිලධාරීන්ය. ඔවුන්ට අප එරෙහි වන තැනදී ආචාර්යවරුන් එරෙහි වීමක් ලෙස වරදවා වටහා ගත යුතු නැත. වැරදීමකින් කළු සාරියක් ඇඳගෙන පැමිණි ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආචාර්යවරියකට විශ්වවිද්‍යාලය තහනම් කලේ මේ පරිපාලනමය.



අප කලේ මේ අක්කර 219 තුලට තව තවත් එකතු කිරීමය.
අක්කර 219 පිට සිටි අයත් අප එකතු කළහ.
එකතු කිරීම උපකුලපතිට තහනම්ය.
අපේ න්‍යාය පත්‍රයට කපා හැරීම තහනම්ය.
ඒ නිසා අප ජය ගනිමින් සිටින්නෙමු!!!!!!







Share this article :

0 comments:

Post a Comment